එමෙන්ම එම වෙබ් අඩවි වල පලකොට තිබු වීඩියෝ නිරීක්ෂණයකට ලක්කොට සොයාගත් "ලංකාවේ පෝර්න් ස්ටාර්ස්ලා" සෙවීමටද මෙහෙයුමක් දියත්කරන ලදී.නමුත් එම කාලයේ ලිපියක් පල කල අප හෙළි කර සිටියේ පෝර්න් වෙබ් අඩවි තහනමට ලක් කිරීමට තරම් තාක්ෂණයක් අප සතුව නොමැති බවයි.
වෙබ් අඩවියේ නාමය පමණක් තහනම් කිරීම මගින් වෙනත් ක්‍රම උපයෝගී කරගනිමින් එම වෙබ් අඩවි කරා යාමටද හැකි බව අප විසින් පෙන්වා දෙනු ලැබුවා.
මේ වනවිට ළමා ආරක්ෂණ අධිකාරිය පවසන්නේ පෝර්න් වෙබ් අඩවි තහනමට ලක් කිරීම පලක් නැති ක්‍රියාවක් වී ඇති බවයි.ඒ මෙයට පෙර තහනමට ලක් කල පෝර්න් වෙබ් අඩවි වෙනත් නාමයන් යටතේ නැවතත් කටයුතු ආරම්භ කර ඇති හෙයිනි.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ විමර්ශණ ඒකක ස්ථානාධිපතිනි බුද්ධික බාලචන්ද්‍ර මහතා මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්
"අප පසුගිය සමයේ අසභ්‍ය වෙබ් අඩවි 300 කට අධික ප්‍රමාණයක් වසා දමනු ලැබුවා.නමුත් දැන් එය නිච්ඵලව තිබෙන්නේ ඔවුන් වෙනත් නාමයන් යටත් එම කටයුතු නැවත ආරම්භ කර ති හෙයින්.
අපට අන්තර්ජාලයේ තියෙන හැම අසභය වෙබ් අඩවියක්ම අවසා දැමීමට බැහැ.අපට අවශ්‍යය උනේ දෙමාපියන් මේ පිලිබඳ දැනුවත් කිරීමටයි.ගැහනුන් දුෂණය කරන හා සතුන් සමග සිදු කරන අසම්මත ලිංගික ක්‍රියා මෙහි ඇතුලත් බව ඔවුන්ට පෙන්වා දීමට අපට අවශ්‍යය වුනා."මේ පිළිබඳව අදහස් දක්වන විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සභාපති අනූෂ පැල්පිට මහතා පවසන්නේ තමන්ට සියලූ වෙබ් අඩවි වාරණය කිරීමේ හැකියාවක් නැති බවය.
Source: http://www.gossip9.com/2012/06/blog-post_7734.html#ixzz1wv9btbmO