• රටේ පවතින්නේ දූෂිත දේශපාලන සංස්කෘතියක්. ඒ තුළ කවර මට්ටමේ වෙනසක් වෙනුවෙන්ද ඔබ මැදිහත්වීමට අපේකෂා කරන්නේ?
රටට යහපතක් වන දේශපාලනයක් කැරෙනවා නම් ඇත්තටම අපිට මැදිහත්වෙන්න දෙයක් නැහැ. එහෙනම් අපි සේරම එකතුවෙලා ඒකට උදව් කරන්න ඕන. මොන නායකයා හිටියත්. කවර පක්ෂය රට පාලනය කළත් මට ප්‍රශ්නයක් නැහැ. ඒත් රටේ තිඛෙන්නේ එහෙම තත්ත්වයක් නෙමෙයි. මේ මොහොතේ රටේ සිදුවිය යුතු අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් තිඛෙනවා. දූෂණය, පවුල් දේශපාලනය නැතිවෙලා යුක්තිය, සාධාරණය රටේ රජ කරන්න ඕන. ඊළඟට නීතියේ ආධිපත්‍යය රැකෙන්න ඕනෙ. අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනභාවය රැකෙන්න ඕන. එමෙන්ම මානුෂීය අයිතීන් රැකෙන්න ඕන. අද රටේ බය කැරෙනවා. තර්ජනය කැරෙනවා. කොයි වෙලේ නඩුවක් දායිද කියන්න බැහැ. ඔයාලට වුණත් ඒ භීතිය හිතේ තියෙනවනෙ. අනතුරුව රටේ සදාචාරවත් බව තිබිය යුතුයි. ආගමට, ධර්මයට, නීතියට පයින් ගහන රටකට වැඩිදුර යන්න බැහැ. නිදන් හාරනවා. පන්සල් කෞතුකාගාර කඩනවා. හාමුදුරුවරු මරනවා. මහානායක හිමිවරු කියන ඒවා සතේකට ගණන් ගන්නේ නැහැ. ඉතින් එහෙම රටක් නවතින්නෙ කොතනද? දුෂණය නැවැත්විය යුතු බව මම හැමදාම කියන්නෙ මොකටද? එහි පළමු අරමුණ තමයි ජනතාවගේ ජීවන රටාව ගොඩදාන්න.
ත්‍රීවීලරයක් ගන්න පෙරුම් පුරාගෙන හිටපු මිනිහට අද බයිසිකලයක් ගත හැකියි. මෝටර් බයිසිකලයක ඉලක්කය තිබුණු මිනිහට පා පැදියක් ගත හැකියි. පා පැදියක් ගන්න හිතන් හිටපු මිනිහට සෙරෙප්පු දෙකක් ගන්න පුළුවන් වර්ගයේ ආර්ථිකයක් දැන් රටේ තිඛෙන්නෙ. නිදහස ලැබුණු දිනවල ඩොලර් එක රු.2යි. 1970 දී මම හමුදාවට බැෙඳන කොට ඩොලරය රු.4යි. දැන් 130යි. අඩුම ගානෙ මේ රට ආර්ථික ශක්තිය අතින් 1970 තිබුණු ස්ථාවරයත්වයවත් පත්කර ගත හැකි නම් මිනිස්සුන්ට කරදරයකින් තොරව කාලා බීලා ජීවත්වෙන්න පුළුවන්. ආණ්ඩු මාරු වුණාට මේ රටේ සංවර්ධනයක් වෙලා තියෙනවද? ආණ්ඩුවෙ සමහර ජනතා විරෝධී ප්‍රතිපත්තිවලට විරුද්ධ නොවන්නේ ඇයි කියලා මම සමහර විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් විමසා තිඛෙනවා. මුන් තරහ කරගෙන බැහැ ජෙනරල් අපි ඕන වැඩක් කිව්වොත් මුන් කරලා දෙනවා කියලා සමහරු ලැජ්ජා නැතුව මට කියලා තියනවා. එහෙම විපක්ෂ මන්ත්‍රීවරු නම් රටේ ඉන්නෙ ආණ්ඩු මාරු කළා කියලා වැඩක් වෙයිද? විපක්ෂේ හරි ආණ්ඩු පක්ෂේ හරි තමන්ගේ මඩියතර කරගන්න නොසිතන අවංක මිනිස්සු කී දෙනෙක් ඉඳියිද? අතළොස්සක් ඇති කටින් විතරක් දසරාජ ධර්මෙන් රට පාලනය කරන මිනිස්සු මෙහේ ඉන්නෙ. දසරාජ ධර්මයේ පළමුවැනි එක තමයි ජනතාවට දෙන එක. ජනතාවගෙන් ගන්න පුළුවන් දෙයක් ගන්නවා ඇරෙන්න ජනතාවට දෙනවාද?
• දූෂිත දේශපාලන සංස්කෘතියක් අවසන් කිරීමට පවතින ක‍්‍රමය තුළම ප්‍රතිසංස්කරණ සිදුකිරීම ප්‍රතිඵලදායකද? ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් ප්‍රතිසංස්කරණ අවකාශය භාවිත කිරීම ගැන ඔබ කොහොමද හිතන්නේ?
සිස්ටම් එකේ ප්‍රශ්නයක් තිඛෙන බව ඇත්ත. ව්‍යවස්ථාවේ වුණත් අඩුපාඩුකම් තිඛෙනවා. නම් නැවත සකස් කළයුතුයි. මම හමුදාපති වුණාම මගේ වෘත්තීය අත්දැකීම සමඟ එහි තිබුණු බොහෝ අඩුපාඩු සකස් කළා. ඒ නිසා හමුදාව පණගහලා දිව්වා. අපි අපේ ආයතන ටික ගතහොත් ප්‍රධානීන් එනවා යනවා මිසක් කොයි මිනිහද ඒවායේ වැරදි හදලා යන්න උත්සාහ කරන්නෙ. පාඩු ලබන සොරකම්වලින් පිරිච්ච ආයතන පද්ධතිය හදන්න කිසිකෙනක් හිතන්නෙවත් නැහැ. ඒවා හැදෙනකොට සිස්ටම් එකක් නැතහොත් කිසියම් අලූත් ප්‍රතිපත්තියකට අප පිවිසෙයි. ක්‍රමයට මොන නම කිව්වත් වැඩක් නැහැ. වංචාව, දුෂණය නැවතිලා ප්‍රජාතන්ත්‍රවාදය රටේ තහවුරු නොවෙනවා නම්, යුද්ධය අපි දිනුවෙ පොතක තිබුණු සංකල්පනයකින් නොවෙයි. අපේ තිබුණු ප්‍රශ්නයට ගැළපෙන ලෙස ප්‍රායෝගිකත්වයට තැබිය හැකි අලූත් සංකල්ප හැදුවා. අපේ දුබලතා හදාගත හැක්කේ එහෙමයි. ලොකු දේවල් රටේ කෙරෙන්න ඕනෙ නැහැ. ඉටුවිය යුතු පොඩි පොඩි දේවල් ටික දේශපාලනඥයො නොකරන එකෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ. මොන වැඩපිළිවෙළ ආවත් ජනතාවට නිදහස තිබිය යුතුයි.
• මෙරට ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය හා 18 වැනි සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරකට ලක් කර තිඛෙනවා. ඒ දෙකම අහෝසි කළ යුතුයි කියන මතයේ ඔබ ඉන්නවාද? ඒ වෙනුවෙන් කවර මැදිහත්වීමක් කිරීමටද බලාපොරොත්තු වෙන්නෙ?
අපි කතාකරපු බොහෝ ප්‍රශ්නවලට 17 වැනි සංශෝධනය විකල්පයක් ලෙස භාවිත කළ හැකියි. ජනාධිපති ධුරයට ඒකාධිපති තත්ත්වයක් කරා යා හැකි වර්තමානයේ ඊට හිමි බලතල මුළුමනින් කප්පාදු විය යුතුයි. පාර්ලිමේන්තුවට වගකියන මේ තියන විධායක බලතල නැති ජනාධිපති ධුරයක් අවශ්‍ය බවයි මම ඉකුත් ජනාධිපතිවරණයේදීත් කිව්වේ. ජනාධිපති කෙනෙක් එපා කියලා මම කිව්වෙ නැහැ. සියලූ බලතල පාර්ලිමේන්තුවට දෙන්න බැහැ. එතන සොරකමට බර වුණොත් ඒක වැළැක්විය හැකි මට්ටමේ ජනාධිපති ධුරයක් ඕනෙ. විධායකයට හා ව්‍යවස්ථාදායකයට උපරිම බලයකින් වැඩ කළ නොහැකි, ලාභ ප්‍රයෝජන ගත නොහැකි ක්‍රමයකුයි අපිට ගැළපෙන්නෙ. අධිකරණය, රාජ්‍ය සේවය, පරිපාලනය ජනාධිපතිට තමන්ගේ පැවැත්ම සඳහා හසුරුවන්න බැරි ක්‍රමයකටයි අපි යා යුත්තේ. ලෝකයේ තිඛෙන සීමාවන් ගැන අපිට සැලකිලිමත් විය හැකියි. මම බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවා. ඔවුන්ගේ ක්‍රමය රටේ ජනයා සුරක්ෂිත කරනවා. ඔවුන් වෙනත් රටවල්වලට අත පොවන එක ඇත්ත. අපිත් දියුණු රටක් වෙලා තව රටවල් කිහිපයකට හරි බලපෑම් කළ හැකි මට්ටමට එනවා නම් කවුරුවත් එපා කියයිද? පීඩිත රටක් වෙලා ඔළුව පාත් කරගෙන ඉන්නවද නැත්නම් අපිත් තරමක් හෝ බලවත් රටක් වෙනවද කියන එක ගැනත් අපි සිතිය යුතුයි. එක මිනිහෙකුට රට විනාශ කරන්න දෙන්න බැහැ. සෑම මිනිහෙකුටම ගරු කරන ක්‍රමයක් මුලින් ඇතිවිය යුතුයි. ජනාධිපති ධුරයේ ධුර කාලය වුණත් උපරිම වසර 4ක් හෝ 5ක් මිස ඉන් එහා නොයා යුතුයි. 18 වැනි සංශෝධනය අනිවාර්යයෙන් අහෝසි කළ යුතුයි. 17වැනි සංශෝධනයේ කොමිෂන් සභාවලට හරි මිනිස්සු පත්වෙලා නිවැරදි නායකත්වයක් යටතේ වැඩ කළොත් මේ රට දියුණු කිරීමේ පළමු පියවර එතන තිඛෙනවා කියලයි මම විශ්වාස කරන්නෙ.
• බහු පක්ෂ රෙජිම දේශපාලනය තුළ විධායකය නැතුව ස්ථාවර පාලනයක් ගෙනයෑමේ අපහසුවක් තිබිය හැකියි. මේ ගැන ඔබට විකල්ප අදහසක් තිඛෙනවාද?
අනික් අය පාලනය කරනවාට වඩා ඒ අය වැරදි කරනවා නම් ඒක වළක්වන්න විධායකට හැකියාව තිබිය යුතුයි. ඇත්තටම දැන් විධායකය කරන්නෙ පඹයො ටිකක් නටනවා වගේ වැඩක්. වරප්‍රසාද ටිකක් දීලා ඡන්දෙදී අවශ්‍ය කරන සහයෝගය ගන්නවා. වාහන, ආරක්ෂකයො, පිටරට සංචාර, කොමිස්, කොන්ත්‍රත් වගේ දේවල් සඳහා ක්‍රියා කිරීම මිස සන්ධාන දේශපාලනය තුළ වෙන මොනවද තියෙන්නෙ.
• මේ රටේ පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න කිසිම විදියකින් නීතියකින් බලකැරෙන්නේ නැහැ. ඔබ මේ ගැන හිතන විදිය මොකක්ද?
එක වැරදි ක්‍රමයක්. බටහිර ප්‍රජතාන්ත්‍රවාදය තුළ එක සිදුවෙන්නෙ සදාචාරය මත. මේ දේශපාලන තුළ සදාචාරය හා ප්‍රතිපත්ති තියෙන්න ඕන. විනයගරුක, රටට ආදරය කරන, දූෂණය ප්‍රතික්ෂේප කරන මිනිස්සු පක්ෂ නායකත්වයෙහි ඉන්නවා නම් ඒවායේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය රැකෙයි. තියන තත්ත්වය නරක නිසා හොඳ මිනිස්සු දේශපාලනයට එන්නෙ නැතිකමකුත් තියනවා. දැන් තියෙන්නෙ සල්ලි වියදම් කරලා පාර්ලිමේන්තු යන්න පුළුවන් ක්‍රමයක්නෙ. ඒක වෙනස් වෙන්න ඕන. ඒක මහජනයාට තේරුම් කරලා දෙන්න කවුද කැමැති. කිසිකෙනෙක් කැමැති නැහැ. ඒක තේරුම් කරන්න අපි ලොකු ව්‍යාපාරයක් ගෙනියන්න වෙනවා.
• රටේ තිබන මැතිවරණ ක්‍රමය අන්ත දූෂිතයි. මැතිවරණ කියන්නෙ කළු සල්ලි අපුල්ලන තැනක්. මේක වැළැක්විය හැකි ක්‍රමය මොකක්ද?
කවර මැතිවරණ ක‍්‍රමයක් වුව ගොඩනැගිය යුත්තේ ජනතා පරමාධිපත්‍යයෙන්. ජනතාවගේ සිතුම් පැතුම් ඊට වැදගත්. ඕනෑම වැරදි වැඩක් කරලා ජනතාව ඉදිරියට යන්න පුළුවන් ක්‍රමය වහා වෙනස් වෙන්න ඕන. අනික් අතට ජනතාවට ආත්ම ශක්තිය තියෙන්න ඕන ඒ වගේ දුෂිතයො ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් ජනතාවමයි අන්තිමේ දුක විඳින්නෙ.
රටේ සේරම හොරු නම් රටේ ප්‍රධානියාත් සොරකම අනුමත කරනවා නම් කොහොමද රටක් වෙනස් කරන්නෙ. මේ ගැන අපි පොළොවෙ පය ගහලා හිතන්න වෙනවා. මේක අමාරු වැඩක්. කවුරුහරි පටන්ගන්න ඕනෙ වැඩක්.
• ඔබ නිදහස් කිරීම, එල්එල්ආර්සී වාර්තාවේ ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීම, දේශපාලන විසඳුමක් සඳහා පියවර ගැනීම වැනි සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දොරටුවක් ආණ්ඩුව විවිර කළහොත් ඔබ ඒ ගැන දක්වන ප්‍රතිචාරය මොකුක්ද?
ඔවුන් ඒ ප්‍රතිසංස්කරණ හෘදය සාක්ෂියට එකඟව කරනවා නම් ඒක හරියයි. ජාත්‍යන්තරයේ බලපෑම මත ඒ වෙලාවේ තිඛෙන පීඩනයෙන් ගැළවෙන්න කරන දෙයක් නම් මේක වැඩක් නැහැ. ප්‍රතිසංස්කරණ කරන බව පෙන්වා ඔවුන්ගේ අභිමතාර්ථ හා න්‍යාය පත්‍රවල වෙන දෙයක් නම් තිඛෙන්නේ යහපතක් වෙන්නෙ නැහැ.
ඒ අයගේ ජානවලින්ම ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා හිතන කට්ටිය එතන නැහැ. ඔවුන්ට එහෙම හිතන්න බැහැ. හිතනවා නම් මීට හුඟක් කලින් හිතන්න තිබුණා. ගැළවෙන්න බැරි තැනකින් ගැළවෙන්න තියන මාවතක් විතරයි ඔවුන්ට මේක.
• දෙමළ ජනයාගේ ප්‍රශ්නය ගැන දැන් ඔබ හිතන විදිය මොකක්ද සහ ඔවුන් වෙනුවෙන් වහාම වියයුතු දේවල් මොනවාද?
දෙමළ ජනතාව ඉන්නෙ කෙළින් හිටගන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි. ගෙවල් නැහැ. බිම්බෝම්බ මහ පොළොවෙ, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග ඇහිරිලා. ප්‍රවාහන පහසුකම් නැහැ. ගම්වලට ඇරියේ සිමෙන්ති කොට්ටෙකුයි ටකරං හතරකුයි දීලා. මෙතැනින් ගොඩ එන ප්‍රශ්නයයි ඔවුන්ට මූලිකව තියෙන්නෙ. ඒ අයට ඇඟට දැනෙන ජීවන පහසුකම් සලසා දිය යුතුයි. ඔවුන් පැමිණිලි කරනවනෙ හමුදාව පරිපාලනයට ඇඟිලි ගහනවා කියලා. ඒක වහාම නතර කළ යුතුයි. ඉක්මනින් සිවිල් පරිපාලනය තහවුරු කිරීම වැදගත්. ආරක්ෂක රාජකාරියයි සිවිල් පරිපාලනයයි පටලවාගත යුතු නැහැ. ත්‍රස්තාවදයේ නියැලී සිටි සැලකිය යුතු පිරිසක් පුනරුත්ථාපනය වෙලා ගියාට මේ ගොල්ලො කරපු පුනරුත්ථාපනය හරියට කෙරුණයි මට විශ්වාස නැහැ. තරුණයකුට වඩුවැඩ උගන්නලා ගෙදර ඇරියට වැඩක් නැහැ. පදිංචි ප්‍රදේශයේ ඒක කරමින් ජීවත්වෙන්න විදියක් නැත්නම්, ඊට පස්සෙ ඇතිවන කඩාවැටීමත් එක්ක ඒ මිනිහා ආයේ නරක පැත්තට ඇදිලා යන්න පුළුවන්. පුනරුත්ථාපනය කියන්නෙ ඒ සියලූ ප්‍රශ්නවලට යම් පිළියමක් ලබාදෙන එකයි. වොලිබෝල් ගහලා, සෝල්ජර් කෙනෙක් එල්ටීටීඊ ගෑනු ළමයෙක් කසාද බැන්දාල කියලා පුනරුත්ථාපනයක් වෙන්නෙ නැහැ. මේ රටේ බලධාරීන්ගේ පුනරුත්ථාපනය අනුව හමුදා කඳවුරු වසා දමන්න පුළුවන් කියලා මම හිතන්නෙ නැහැ. පුනරුත්ථාපනය හරියට වුණා නම් හමුදා කඳවුරු වේගයෙන් වසා දැමිය හැකියි. දැන් තව ප්‍රශ්නයක් තිඛෙනවා. දුර්වල හමුදා නිලධාරීන් තමයි ප්‍රදේශ භාරව දාලා ඉන්නෙ. දක්ෂ නිලධාරීන් ගෙදර ඇරියා. ඒ පැත්තෙන් ලොකු ප්‍රශ්නයකුත් තිඛෙනවා.
• ඔබ කියන පහසුකම් ඇති කිරීම වැදගත්. අනෙක් අතට මේ ප්‍රශ්නයට මුල් වූ දේශපාලන කාරණා ගැන ඔබ හිතන්නේ කොහොමද?
ඒක හිතන තරම් ලේසි නැහැ. පාර්ලිමේන්තුවෙ අත උස්සලා 13 හෝ වෙන මොකක් හරි ලියවිල්ලකට සීමාවෙලා දෙන දේශපාලන විසඳුමක් නැවත ජාතීන් අතර අර්බුදයකට තුඩුදෙයිද කියන එක අප විමසා බැලිය යුතුයි. ඕනෙ දෙයක් දෙමළ ජනයාට දිය හැකියි. එහෙත් ඊට පෙර ජාතීන් අතර සමගිය විශ්වාසය, සහෝදර හැගීම ගොඩනගන්න ඕන. නැත්නම් ඒකෙන් ජනතාවට ලැඛෙන දෙයක් නැහැ. දේශපාලනඥයො විතරක් වරප්‍රසාද ලබාගෙන වැජඹෙයි. නැති ප්‍රශ්න ඇතිවෙයි දේශපාලන විසඳුමෙන් ක්‍රෝධය, වෛරය හා අසමානතාව නම් වැඩිවෙන්නෙ ඒක බරපතළ කාරණයක්. මාසෙන් හදන ගෙට වඩා අවුරුදු තුනකින් හදන නිවස ශක්තිමත් නිසා මේක ටිකක් කල් අරන් කළ යුතු වැඩක්. සමහරවිට දැන් ඉන්න පරම්පරාවෙ දේශපාලනඥයන්ට මෙහි ප්‍රතිඵල දකින්න බැරිවේවි. ඊළඟ පරම්පරාව හෝ ප්‍රතිඵලය දකිනවා නම් ඒකයි වැදගත්. පිළිවෙළකට මේ වැඩේ කළහොත් දකුණේ ජනතාව විරුද්ධ වෙන එකක් නැහැ.
දෙමළ දේශපාලනඥයොත් රටේ ප්‍රධාන දේශපාලන ධාරාවට එන්න ඕන. ජන වර්ගය මත වෙනම ඉඳලා මේක විසඳගන්න බැරිවේවි. අපේ රටේ ද්‍රවිඩ නායකයෙකුට ජනාධිපතිවරයා වෙන්න පුළුවන් පසුබිමක් හැදෙන්න ඕනෙ. අපේ සංහිඳියාවේ අරමුණ තිබිය යුත්තේ ඒ වගේ දුරකයි. කදිරගාමර් අගමැති වෙන්න ඔන්න මෙන්න හිටියෙ. ඒක වුණා නම් කොච්චර හොඳඳ? ඒ වගේ අවස්ථා ඉදිරියට ගෙනයන්න තරම් අපි විවෘත ජාතියක් බවට පත්වෙන්න ඕන. ටීඑන්ඒ එකේ සුමන්දිරන් වගේ උගත් දේශපාලඥයකුට බැරිද මේ රටේ ජාතික දේශපාලනයේ ඉහළට එන්න. පුළුවන් වෙන්න ඕනෙ.
• දෙමළ දේශපාලන ව්‍යාපාර ක්‍රියාත්මක වන විදියේ වරදක් තියනවද?
අනිවාර්යයෙන්ම. ඔවුන් නිදහසේ පටන්ම ඉන්නෙ මේ කට්ටිය අපිට ඕනෙ කියන ස්ථාවරයෙ. ඒක හම්බ වුණේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ යුද්ධයක්.
• ඔවුන් එහෙම තල්ලූ කළේ මහ ජාතියේ රැවටීම විසින්නෙ?
ව්‍යවස්ථානුකූලව යමක් නොදෙන එකද ඉන් අදහස් කළේ.? මම කියන්නෙ ව්‍යවස්ථානුකූලව දියයුතුයි කියලයි. සැකය මතුපිට තියාගෙන මොනවා දුන්නත් දේගොල්ලො කාගන්න එක මිසක් වෙන මොකුත් වෙන්නෙ නැහැ. එක රටක් ඇතුලේ බලය ඛෙදාගෙන ආත්ම ගරුත්වයෙන් ජීවත්විය හැකි පරිසරයකුයි දෙගොල්ලන්ටම අවශ්‍ය.
• පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව තුළින් යම් ප්‍රතිපලයක් අත්කර ගතහැකිද?
ඒකත් ප්‍රතිඵල දායකවන්නෙ යම් අඩිතාලමක් දා පටන් ගතහොත් පමණයි. උඩින් දෙන විසඳුමක් ප්‍රායෝගික නැහැ. ඒක සිංහල දෙමළ පිරිසගේම අධ්‍යාත්මයට බද්ධ වූ එකක් බවටයි පත්විය යුත්තෙ.
• එල්එල්ආර්සී වාර්තාව ක්‍රියාත්මක කිරීම හා එහි වැදගත් නිර්දේශ ඔබේ අවධානයට ලක්වෙන්නෙ කොහොමද?
මානුෂීය අයිතිවාසිකම් හා සංහිඳියාව ගැන එහි තිඛෙන දේවල් මම පිළිගන්නවා. එමෙන්ම ක‍්‍රියාත්මක කළ යුතුයි කියලා විශ්වාස කරනවා. ඊළඟට යුද පෙරමුණේ වෙච්ච දේවල් ගැන වගවීම අත්‍යවශ්‍යයි. ඒක ලෝක සදාචාරයක්. යුද්ධයක් කළා නම් සඟවන්න දෙයක් නැහැ. මම යුද්ධය සැලසුම් කළේ ජිනීවා සම්මුතිය, එජා සම්මුතිය, මානුෂීය අයිතිය රැකීමේ සම්මුතිය ආදී සියල්ලට ගරු කරමිනුයි. ඒ නිසා මට නම් යුද්ධයේ හංගන්න දෙයක් නැහැ. වැරදි කළ අයකු සිතනවානම් ඔහුට ද~ුවම් දිය යුතුම බවත් මම කියනවා. ඒක කරන්න අන්තර්ජාතික ප්‍රජාව කියනතුරු ඉන්න ඕනෙ නැහැ. අනික් එක මේ කොමිෂන් එක ගැන මට තව ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි යුද්ධය කරපු හමුදාපතිට මේ කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්න ඉඩ නොදීම.
• යුද්ධයෙන් පසු අවධිය තුළ රජයේ උසස් තනතුරුවලට හමුදා නිලධාරීන් පත් වුණා. සමස්ත සමාජයම හමුදාකරණය වෙමින් තිබීම ගැන ඔබ මොකද හිතන්නෙ?
මම හමුදාපති කාලෙත් ජනාධිපති, ජනාධිපති ලේකම්. ආරක්ෂක ලේකම් වැනි අය ඔය මතය ගෙනාවා. මට ඒ සමහර දේවල්වලට විරුද්ධ වෙන්න බැහැ. එහෙත් සහයෝගය දුන්නෙත් නැහැ. බන්ධනාගාරයට, වරායට, ආරක්ෂක අංශයට වගේ හමුදාවෙ අය දාගත්තා. මම ඒ ගැන මොකුත් කියන්න ගියේ නැහැ. මට ඊට වඩා වැදගත් දේවල් තිබුණා මැදිහත්වෙන්න. හමුදාව මෙහෙම දාගන්න එක මේ අයගේ ආකර්යක්ෂමභාවයේ ප්‍රතිපලයක්. මේ ගොල්ලන්ට ආකර්යක්ෂමභාවය නැති කරලා කාර්යක්ෂම විදියට ආයතන පාලනය කරගන්න බැහැ. මේ ගොල්ලෝ හිතනවා හමුදාවෙ ජෙනරාල් කෙනෙක් දාගත්තොත් එතන සේරම ප්‍රශ්න හරියනවා කියලා. අන්තිමට එළවළු විකුණන්න, කානු හිරවුණාම ශ=ද්ධ කරන්න ආදි හැම වැඩකටම හමුදාව දාගත්තා. සිංහයො වගේ කතා කළාට ප්‍රායෝගික සැලැස්මක් අනුව ලිපිගොනුවක් කියවලා, ව්‍යාපෘති වාර්තා හදලා වැඩ කිරීමේ හැකියාවක් මේ අයට නැහැ. ඊට පස්සෙ කාණුව හිරවුණත්, එළවළු ටික ගේන්න බැරිවුණත් කියන්නෙ ආමි කමාන්ඩර්ට. මේවා විහිලූ වැඩ. හමුදාවෙන් දාපු සමහර නිලධාරීන් සිවිල් අයටත් වඩා දූෂිතයි. රහත් වෙච්ච මිනිස්සු මේවයේ නැහැනෙ. සමහරු සිවිල් ජනයා සමඟ අනවශ්‍ය ගැටුම්, හමුදාවෙ වැඩකරන විදියට සිවිල් ජනයා සමඟ වැඩ කරන්න බැහැ. විශ්වවිද්‍යාල සිසුන්ට හමුදාව පුහුණුව දෙන එක තේරුමක් නැති වැඩක්. ශිෂ්‍යයන්ගෙ මානසිකත්වය හමුදාව දන්නෙ කොහොමද? හමුදාව පරිපාලන වැඩක් මිසක් අනික් වැඩවලට හමුදා නිලධාරීන් ගන්න එක වැරදි අත්හදාබැලීමක්. හමුදාවේ දොස්තර කෙනෙකුට සාමාන්‍ය රෝහලක වැඩ කරන්න බැහැ. ඒකයි යථාර්ථය. මේ කාරණය රටේ පාලකයන් අවබෝධ කර ගත යුතුයි.
- සාකච්ඡා කෙළේ විමලනාත් වීරරත්න