Chitika Smowtion 468x60


Tuesday, June 5, 2012

හම්බන්තොට ගල කැඩීම, භූ චලනවලට හේතු වෙලා


හම්බන්තොට රාජපක්ෂ වරාය ඉදිකිරීම් කටයුතු වලදී, භූ විශේෂඥයින්ගේ උපදෙස් නොතකා හරිමින් එහි තිබූ ගල් තට්ටුව කඩා දැමීම නිසා මේවනවිට එම ප්‍රදේශය ආශ්‍රිතව දිගින් දිගටම භූ කම්පන ඇති වීමට හේතු වී ඇතැයි තම අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලෙස ඉල්ලා සිටි විශේෂඥ මහචාර්යවරයකු අප වෙත හෙළිදරව් කළේය.
හම්බන්තොට වරාය ඉදිකරන ප්‍රදේශය භූ විද්‍යාත්මකව භූ තැටි දෙකක සීමාව තුළ පිහිටීම නිසා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ගල් පර්වතය පුපුරුවා හැරියහොත් එම ප්‍රදේශය භූ කම්පන කලාපයක් බවට පත් වීමේ අවදානමක් පවතින බව විශේෂඥයින් කිහිපදෙනකුම අදාළ බලධාරීන්ට දන්වා සිටි නමුත්, දේශපාලනික අවශ්‍යතා නිසා ඒ කිසිවකුත් එම උපදෙස් කිසිදු ලෙසකින් මායිම් නොකළ බවද ඔහු පැවසීය.
චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංග මහත්මිය හම්බන්තොට වරාය ඉදිකිරීමේ කටයුතු සැලසුම්කරන අවස්ථාවේදීද භූ විශේෂඥයින් ඇය වෙත මේ පිළිබඳ අනතුර දක්වා වාර්තාවක් ඉදිරිපත් කළබවත්, ඇය වහාම ඒ පිළිබඳව අවදානය යොමු කොට හම්බන්තොට වරාය නැව්වලට තෙල් සැපයීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉඳි කිරීමටත් තීරණය කළ බවද එම මහාචාර්යවරයා පැවසීය.
එහෙත් රාජක්ෂ පාලනයෙන් ආරම්භවීමත් සමඟ එම විශේෂඥ වාර්තා සියල්ල නොසලකා හැර හම්බන්තොට වානිජ වරායක් ඉදිකිරීමට තීරණය කරන ලදුව, නැව්වලට ඒමේ බාදාවක්ව පැවති ගල් පර්වතය පුපුරුවා හැරී බවත් ඒ අනුව මේවනවිට මොනරාගල, අම්පාර, නුවරඑළිය, බදුල්ල හා කොළඹ සමහර ප්‍රදේශවල විටින් විට රික්ත මාපක 3.4 සහ 3.6 ප්‍රමාණයේ භූ කම්පන හටගත් බව පැහැදිලි කළ එම මහාචාර්යවරයා, ඉදිරියේදී රික්ත මාපක 4ට වඩා වැඩි භූ කම්පනයක් ඇති වුවහොත් අදාළ ප්‍රදේශවල ගොඩනැගිලිවලට මෙන්ම ජීවිත වලටද හානි සිදුවීමේ අවදානමක් පවතින බව අවධාරණය කළේය.


Source - lankanewsweb.com

Share this article with your friends