Chitika Smowtion 468x60


Tuesday, June 5, 2012

චීවරධාරියෙකුගෙන් ගැබිණි කතකට අතවර


දකුණේ ගැටවර චීවරධාරියෙක් නිවසකට පැන තරුණ ගැබිනි කාන්තාවක් 
පෙරේදා දහවල් දූෂනය කිරීමේ බෞද්ධ හෘදය කම්පා කරන සිදුවීමක් වාර්තාවේ. 

වලස්මුල්ල පොලිස් වසමේ ඕලූආර ප්‍රදේශයේදී, වයස අවුරුදු 23 ක් වූ ගැබිනි කාන්තාවක්, චීවරධාරියකු විසින් 
පෙරේදා
 දහවල් 1.30 ට පමණ දූෂණය කර ඇති බව වලස්මුල්ල පොලිසියට වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් 
ඊයේ (04) පොසොන් පෝයදා උදෑසන නිවේදනයක් මගින් නිකුත් කර තිබේ. 

පුණ්‍යාධාර එකතු කිරීමේ මුවාවෙන් කාන්තාවගේ නිවසට පැමිණ, නිවසේ කාන්තාව තනිවම සිටි අවස්ථාවේ මෙම අපරාධය සිදු කර ඇතැයිද, සැකකරු තල්පාවිල, කැකණදුර ප්‍රදේශයේ පිරිවෙනක වැඩ වාසය කරන වයස අවුරුදු 17 ක් වූ චීවරධාරියකු බවද පොලිස් නිවේදනයේ දැක්වේ. චීවරධාරී සැකකරු අත් අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 11 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පොසොන් පෝ දිනයක බුද්ධාගම ශ්‍රී ලංකාවට ගෙන ආ ඒ ඓතිහාසික මිහින්තලය පිහිටි රජ මහා විහාරයේ ප්‍රධාන චීවරධාරියාද වයස අවුරුදු 13 ක දැරියක් වරින් වර දූෂනය කිරීම නිසා අපරාධ නඩුවක් මේ දිනවල අනුරාධපුර අධිකරණයේ විභාග වෙමින් පවතී.

ලන්ඩනයේ ක්‍රොයිඩන්හි තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපතිව විසූ වයස අවුරුදු 65 ක් වූ පහලගම සෝමරතන නම් චීවරධාරියා බාල දැරියක් දූෂනය කිරීම හේතුවෙන් වරද කරු වී වසර 7 කට සිරගෙට දැම්මේ මේ නොබෝදාය.

බෞද්ධ ශාසනය මේ තරම් පිරිහී යද්දී ත්‍රෛයිනිකායික මහා නායක වරුන් සහ ගිහි බෞද්ධ නායක කාරකාදීන් නිහ
ව කල්ගෙවති.

Share this article with your friends