Chitika Smowtion 468x60


Tuesday, June 12, 2012

එක අරමුණකට යන ජනතා බලවේගයක්


දයාසිරි මන්ත්‍රීතුමා කියල තිබුණ විපක්ෂයේ හැමෝම එකත වුනේ නැත්නම් මේ රජය පරදවන්න බෑ කියල.
ආණ්ඩුවට විරුද්ධව එන අය අතර එකම උවමනාවක් තියෙනව කියල හිතන එක වැරදියි. සමහරු විපක්ෂයේ හිටියට යටින් උදව් දෙන්නේ ආණ්ඩුවටමයි. යූ.ඇන්.පී. ආණ්ඩුවකට වඩා මේ ආණ්ඩුව හොඳයි කියල හිතන අය විපක්ෂයේ ඉන්නව. ඒ අයගැන සමහර විට දයාසිරි තේරුම් අරන් නැතුව ඇති.
විපක්ෂයේ දැන් පොදු අදහසකට අප අතර එකඟත්වයක් ඇති වෙලා විපක්ෂයේ විරෝධය කියල වැඩ පිළිවෙලක් යනව. දැන් ඒකට හුඟ දෙනෙක් එකතුවෙලා ඉන්නේ. දයාසිරිත් කොළඹ මෙන්ම නුවර විරෝධයන්ට එකතු වුනා මට මතකයි. ඒවායින් සෑහෙන බලපෑමක් සමාජයට ඇති වෙලා තියෙනව.
පුදුමයි මේක දයාසිරිට දැනුනේ නැති එක. මට නම් යන යන තැන, පාරේ තොටේ පවා හුඟක් දෙනෙක් ඇවිත් හොඳ කියනව විපක්ෂයේ විරෝධය හොඳ වැඩ පිළිවෙලක් කියල. දැන් සති දෙකකට පෙරත් අපි එකතුවෙලා පොදු පුවත්පත් සාකච්ඡාවකුත් කෙරුවා.
අප අතර විරෝධය සඳහා එකඟත්වයක් තියෙනව. අපි එක්කොම ආණ්ඩුවේ මේ පරගති බවට විරුද්ධ යි. කොන්දේසිවලට යට වෙලා නය අරගෙන විකාර සංවර්ධන වැඩවලට දාල මේ කරන පාවා දීම අපි හැමෝම දැඩි ලෙස විවේචනය කරණව. ඉහළ පැලැන්තියේ අතලොස්සක් පවුල් ඇරුණහම මේ පුන්‍ය භූමියේ දරුවො හැමෝම උගසට ලක් කරල, නය අරන් කකා බිබිී මේ කරන විනාශය ගැන ජනතාව දැනුවත් කරල ඔවුන් වීදියට ගැනීමටයි අපට උවමනා.
ඒ අතර අපි ඔක්කොම, දෙමල සන්ධානය සමඟ එකඟයි බල ඛෙදීමක් තුලින් දෙමල ජාතික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න. ආණ්ඩුව හදන්නේ උන්ගේ හාම්පුතුන් වන ඇමරිකාව, ඉංදියාව ආදී බලවතුන්ට පෙනෙන්නට සාකච්ඡා කරමින් කල් අරින්න. අපි කියන්නේ අවම වශයෙන් ඛඛඍක‍ රෙකමදාරු, නැත්නම් 13+ කියන තිස්ස විතාරන කමිටු විසඳුම් මුල් කරල සාකච්ඡා කරන්න ඕනා කියලයි. නැත්නම් ඔය කමිටුවට යන එකත් වැඩක් නැහැ කියලයි අපි අවධාරණය කරන්නේ.
දැන් මේ කරුණු දෙකට එකඟ නැති අය එක්ක අප කාටවත් එකුවෙන්න අමාරුයි. දැන් ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ඒ අය කියන්නේ දෙමල ජනතාවට බලය ඛෙදීමක් අවශ්‍ය නෑ ඒක අධිරාජ්‍යවාදීන් ඇති කරපු බොරු අදහසක් කියල. ඒ ඇත්තෝ දකින්නේ මේ දහස් ගණන් දිවි ගෙවපු දෙමල සටන මහා බොරුවක් කියල. දහස් ගන් දිවි ගෙවපු ඒ ගොල්ලන්ගේ කැරළිත් ඒ විදියටම අධිරාජ්‍යවාදීන්ගේ සැලසුම් ද? මේ වගේ ප්‍රශ්නයක්වත් තමන්ගෙන් අහගන්න බැරි වෙන තරමට ජාතිවාදයෙන් ඇස් අන්ධවුන මේ ජනතා විමුක්ති පෙරමුණට කවදාවත් අපි ගෙනියන විපක්ෂයේ විරෝධයට එකතු වෙන්න පුළුවන් කියල මන් හිතන්නේ නෑ.
ඒ නිසා මුල ඉදලම විපක්ෂය කඳවුරු දෙකකට ඛෙදිල ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදී සටන් පෙරමුණක් එක අතකට ගොඩ නැගෙන කොට අනෙක් අතට බොරු අධිරාජ්‍ය විරෝධී පෙරමුණක් ඇති වෙලා තිඛෙනව. මේ දෙක එක මගකට ගන්න දයාසිරිට පුළුවන් වෙන එකක් නෑ. මේ විදියට ගොඩවල් දෙකකින් සටන් වදින කොට සමහර විට ආණ්ඩුව තුලත් ඛෙදීමක් ඇති වෙන්න පුළුවන්.
අපට ආරංචි වෙන විදියට ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂ වලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් ප්‍රජාතන්ත්‍රවාදී කොටස විපක්ෂයේ විරෝධය දෙසට ඇදෙන්න පටන් අරන් තිඛෙනව. මේක ඇත්තට ම ආණ්ඩුවේ බලයට විරුද්ධ සටන් පෙරමුණක් කියල හුඟ දෙනෙක් දකින්න පටන් අරන්. ආණ්ඩුවේ ම මූලික ප්‍රතිපත්තිවලට විරුද්්ධව පෙනී සිටින්නේ කව්ද කියල කාටත් පෙනෙන්නට පටන් අරන්.
මීට වඩා වමෙන් විකල්පයක් ගොඩ නගන්න පුළුවන්නම් හොඳයි. ඒත් තවම ඒකට බර වැටිලා නැහැ. රනිල්ට වඩා ජාතිවාදයට හා ආගමිවාදයට විරුද්ධවුන පෙරමුණක් මිසක වෙන දෙයක් වමේ පෙරමුණක් වෙන්න බෑ. මට හිතෙන්නේ ලොකුම ගැටළුව තිඛෙන්නේ මෙන්න මෙතනයි.
ෆොන්සේකා මහත්තයා විපක්ෂයේ විරෝධයට එකතුවෙයි ද නැති ද කියල හැමෝම වගේ අහනව. උන්නැහේ ජනතා විමුක්ති පෙරමුණේ ඊනියා අධිරාජ්‍ය විරෝධී පෙරමුණට තවම එකතු වුනේ නැහැ. සමහරු බලා පොරොත්තු වුනා එතුමවත් බැඳගෙන දෙමල මුස්ලිම් වරෝධය අවුස්ස අවුස්සා රට වටේම යන්නට. ඒකට ආණ්ඩුව ඇතුලෙත් යම් යම් අය යටින් උදව් දුන්න.
ගෝඨාභය උන්නැහේගේ කථා වලිනුත් පෙනුනේ එවැනි දෙයක් එයත් බලාපොරොත්තුවෙන් ඉන්න බවයි. ඒත් ඒ ලස්සන හීන තවම ඵල දරල නෑ. මොකද? 88/89 වගේ දේශ ප්‍රේමී ජනතා ව්‍යාපාරයක් ගොඩ නගන එක ලේසි නෑ. ඒකට මුදල් දෙන්න පිරිසකුත් නැහැ. හැබැයි වඩා ඉහලින් එන කුමන්ත්‍රණයකට නම් ඉඩ තියෙනව. මහින්දගේ අළුත් වැඩ පිළිවෙලට විරද්ධව ඇතුලතින්ම වැඩ පිළවෙලක් දියත් වෙලා කියල සමහර වැඩ වලින් පෙනෙන්නට පටන් අරන්.
කොහොම වුනත් ආණ්ඩුව ඇති කරල තියෙන ආර්ථික සමාජ අර්බූදය නිකම්ම යටපත් කරන්න බැරි වේවි. විකාර, දූෂණ හා මර්ධන දැන් පොඩි ලමුණට පවා පෙනේනට පටන් අරන්. උතුර-දකුණ එකතු වුන විරෝධයක් ගොඩ නැගීම අළුත්ම අදහසක්. ඒය චන්දි්‍රකාටවත් ඇති කරන්නට බැරි වුනා.
ඇයට දෙමල ඡන්ද ලබා ගන්න පුළුවන් වුනත් එය ඇති වුනේ සටන් පෙරමුණක වැඩ පිලිවෙලකින් නෙමෙයි. එනිසාම විසඳුමක් සඳහා බලපෑම් තදින් එල්ල වුනේ නෑ. ඒ බලපෑම එල්ල කරන්නට අපි වාම සමාජ වැඩ පිළිවෙලක් දියත් කලා. එයට සෑහෙන බලවේගයක් එකතු කරගන්නට පුළුවන් වුනත් ජනතා විමුක්ති පෙරමුණ එල්ල කල ජාතිවාදී බලපෑමට ආණ්ඩුව යටත් වුනා. ඒ අනුව බලය ඛෙදීම ගැන කතාව මුළුමනින්ම තහනම් කරමින් පරිවාස ආණ්ඩුවක් හැදීමට යෑමෙන් ඉතිහාසය ආපසු ගෙනයෑමට පසුබිම සැකසුනා. එය අවසන් වුනේ මහින්දාගමණය හා යුද්ධය තුලින්.
දැන් නැවත අළුත් වටයකින් ඉදිරි ගමණකට මග පෑදිලා තියෙනවා. එයට ඔභA ය එකතු වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී උවමනාවක් ඇති සෑම පක්ෂයකට ම, ඇමතිය හැකි වේදිකාවක් ජනිත වෙලා තියෙනව. මෙයින් ඉදිරියට යනවද නැත්නම් ධනපති ප්‍රතිගාමීන්ට යට වෙනවද කියල තීරණය කරන්න වෙන්නේ වමේ බලවේග වලටයි. ඉදිරියට යෑමට නම් වමේ පෙල ගැස්මක් ඇතිව ක්‍රියාකාරී විය යුතුයි. වෙන වෙන මට්ටම්වල හිටියත් එක දෙසකට යන ජනතා බලවේගයක් ඇති වීම භාග්‍යයක්.

 - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

Share this article with your friends