
පැරිස් එජාප ශාඛාවේ සභාපති අජන්ත කල්දේරා ඇතුලූ නිල දරුවන්ගේ උත්සහාය මල්පල ගන්වමින් සේනානායක, ජයවර්ධන, පේ‍්‍රමදාාස, රනිල්, සජිත් සියලූම පාක්ෂිකයෝ එකට එකතුවූ ඵෙතිහාසික දිනයක් ලෙස පැරීසියේ පෙබරවාරී 26වෙනිදා සඳහන් කලහැක.
සුපුරුදු චාරිත‍්‍ර වලින් පසු ජනහඬ මැද කථාව ඇරඹූ දයා ගමගේ මහතා තම ‘‘මුතුන් මිත්තන් රුපියල් 70කින් ඇරඹූ ව්‍යාපාර වර්තමානය වනවිට ආයතන තිස් ගනනක් සමග සීනි කම්හල් දක්වා තම ව්‍යාපාර දියුනු කල හැටි විස්තර කරමින් එය ආදර්ශයක් කර ගන්නා ලෙස පැරීසියේ ලාංකිකයන්ට අවබෝධ කර දුන් ඔහු අවශ්‍ය නම් උපකාර කිරීමට වුවද සූදානම් බව කියමින් පැමිනි පිරිස ධෛර්යමත් කලේය.
ප‍්‍රංශයේ මෙලෙස නිදහසේ හැසිරුනත් මගේ මව් බිමේදී මම එලියට බහින්නෙත් ආරක්ෂකයෝ වටකර ගෙන බව කීවේය. බියෙන් පසුවන බවත්, බෝම්බ වලින් ජීවිතය බේරා ගත් ත‍්‍රාසජනක කථාද ඒ අතරට ඇතුලත් විය.’’
ඔහුගේ බිරිඳවන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි අනෝමා ගමගේ මැතිනියද අදහස් ප‍්‍රකාශ කලේය. ඉතා සාමකාමි එජාප උත්සවය අවසන් වී සියල්ලෝ සතුටින් විසිර ගිය අතර එජාප ජාතික සංවිධායක කෝටිපති ව්‍යාපාරික දයා ගමගේ මහතා ඉන්නෙත් මරන බියෙන් නම් රට වැසියෝ ගැන මොන කථාද? යනුවෙන් රැුස්වීමට සහභාගී වූ පක්ෂිකයෙක් ශාලාවෙන් එලියට එන ගමන් පැවසීය.
සුනිල් ආනන්ද පැරීසියේ සිට

Source - lankanewsweb.com