Chitika Smowtion 468x60


Wednesday, June 27, 2012

සරණාගත බෝට්ටු මගඩියේ සුලමුළ හෙළිවේ ?


පසුගියදා ඕස්ටේ්‍රලියාවට අයත් ''ක්‍රිස්මස් අයිලන්ඩ්'' ආසන්නයේ දී සියයකට ආසන්න පිරිසක් මරණයට පත් කරමින් අනතුරට පත් වූ සරණාගතයින් රැගත් බෝට්ටු අනතුරෙන් පසුව එකී සිද්ධියට අදාළ දැවැන්ත මිනිස් ජාවාරමක තොරතුරු හෙළිවෙමින් පවතී.
මෙසේ අනතුරට පත් වූ බෝට්ටුවේ ශ්‍රී ලාංකික සරණාගතයින් හැත්තෑපහකට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර අනෙක් පිරිස සමන්විත වී තිඛෙන්නේ දැනට දරුණු සිවිල් යුද්ධයකට මුහුණ පා ඇති මැද පෙරදිග සිරියාවේ සහ ගැටුම්පවතින අනෙක් මැදපෙරදිග රටවල වැසියන්ගෙනි.
මෙම දැවැන්ත මිනිස් ජාවාරමේ කේන්ද්‍රය පිහිටා තිඛෙන්නේ කොළඹ නගරයේය. මෙම මිනිස් ජාවාරමේ මහමොළකරු වශයෙන් කටයුතුකරන්නේ තිලකරත්නම් රවිචන්ද්‍රන් නොහොත් ''සෙල්ටෙල් රවී'' නැමැති කුප්‍රකට ජාවාරම්කරුවාය. මොහු ජනාධිපතිගේ සමීපතම උපදේශකයෙකුවන තිරු නඩේෂන්ගේ ප්‍රධානතම ගෝලයාය. කොළඹ හිල්ටන් හෝටලයේ සභාපති පදවිය දරන තිරු නඩේෂන් මහතා මෙම ජාවාරම කර ගෙන යෑම සඳහා සෙල්ටෙල් රවී හට සියලූ යටිතල පහසුකම් සපයා දෙනු ලැබේ.
තිරු නඩේෂන් මහතා විසින් කොළඹ හිල්ටන් හෝටලයේ කාමර කීපයක් සෙල්ටෙල් රවීට ලබා දී ඇති අතර සෙල්ටෙල් රවී මැද පෙරදිග සහ තමිල්නාඩුවේ සිට පැමිණෙන මිනිස් ජාවාරම්කාර නියෝජිතයින් මුණගැසීමට සහ ඔවුන්ගේ නේවාසික පහසුකම් සඳහා මෙම කාමර උපයෝගීකරගනු ලබයි. ඕස්ටේ්‍රලියාවට සරණාගතයින් යැවීම සඳහා අත්තිකාරම් මුදල් සෙල්ටෙල් රවී ලබාගන්නේ කොළඹ හිල්ටන් හෝටලයේදීය. මෙසේ ලබා ගන්නා අත්තිකාරම් මුදල්වලින් යම් ප්‍රමාණයක් ක්‍රෙඩිට් කාඩ් මගින් සෙල්ටෙල් රවී ලබාගන්නා අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් රවී වෙත ලබා දී ඇත්තේ තිරු නඩේෂන් විසිනි.
මෙසේ ලබා ගන්නා ක්‍රෙඩිට් කාඩ් පත් ගණුදෙනු හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය ආයතන කොළඹ හිල්ටන් හෝටලය දකුණු ආසියාවේ මූල්‍ය අසාදු ලේඛනයට (Black list) ඇතුලත් කොට තිබේ. ක්‍රෙඩිට් කාඩ් වංචා සම්බන්ධයෙන් සහ බි්‍රතාන්‍ය ව්‍යාජ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් 2003 වසරේ සිරද~ුවම් ලැබූ සෙල්ටෙල් රවී සිරෙන් නිදහස් වීමෙන් පසු තිරු නඩේෂන් විසින් ඔහුගේ ජාවාරම් වැඩ සඳහා යොදා ගැනින. තිරු නඩේෂන්ගේ ව්‍යාපාරික තරගකරුවන් බිය වැද්දීම සඳහා ඔහු උපයෝගී කර ගන්නේ තිලකරත්නම් රවිචන්ද්‍රන් නොහොත් සෙල්ටෙල් රවීවය. තිරු නඩේෂන් ඔහුට මේ සඳහා අංකය දිස්නොවන ජංගම දුරකතන 10යකට අධික ප්‍රමාණයක් සපයා දී ඇති අතර සෙල්ටෙල් රවී එයින් 9ක්ම රුපියල් 75,000 ගණනේ විකුණා ඇත.
තිරු නඩේෂන්ගේ සභාපතීත්වය යටතේ කොළඹ හිල්ටන් හෝටලය මේවනවිට හොර ගුහාවක් බවට පත් වී ඇති අතර සෙල්ටෙල් රවී ට අමතරව කිංස්පාක් රෝහණ නොහොත් වැවරෝහණ ඇතුලූ පාතාල නායකයින්ගේ තිත්පලක් බවට කොළඹ හිල්ටන් හෝටලය පත් වී තිබේ. මිනිස් ජාවාරම්කාර නියෝජිතයන් හැරුණු කොට සෙල්ටෙල් රවී විසින් ශ්‍රී ලංකා පොලිසියේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් සන්තර්පනය කිරීම සඳහා හිල්ටන් හෝටලය උපයෝගී කරගනු ලබයි. ඔවුන්ට ඉස්තරම් වර්ගයේ විදේශීය මත්පැන් සහ විදේශීය ගණිකාවන් රවී විසින් සපයනු ලබන අතර මෙම මිනිස් ජාවාරම රවී විසින් සිදු කරනු ලබන්නේ පොලිසියේ සහ නාවික හමුදාවේ අනුග්‍රහය යටතේය.
ඕස්ටේ්‍රලියාව බලා යන සරණාගතයන් රජයේ අනුදැනුම ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මැලේසියාව බලා ප්‍රවාහනය කෙරෙන අතර එතැන් සිට අනෙක් මැදපෙරදිග ජාතීන් සමඟ වෙනත් බෝට්ටුවකින් ඕස්ටේ්‍රලියාවේ ක්‍රිස්මස් අයිලන්ඩ් දක්වා රැගෙන යනු ලබයි. මෙම මිනිස් ජාවාරමේ මැලේසියාවේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ ''ටියොන්'' නැමැති කුප්‍රකට දේශපාලඥ ජාවාරම්කරුවා විසිනි. මොහු අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ව්‍යාපාරික හවුල්කරුවාය. මේ සඳහා සෙල්ටෙල් රවීට අවශ්‍ය පහසුකම් සපයා දෙනු ලබන්නේ වෙළඳ අමාත්‍යාංශයේ උපදේශකයකුවන මොහොමඩ් ඉල්ලියාස් නොහොත් ඩිඩා විසිනි. අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද නිල හැඳුනුම් පතක් තිලකරත්නම් රවිචන්ද්‍රන් සතුව පවති.
පසුගියදා සිදුවූ බෝට්ටු අනතුරෙන් පසුවද මෙම පිරිස විසින් තවත් බෝට්ටුවක් ක්‍රිස්මස් අයිලන්ඩ් වෙත යවා තිබේ. පසුගිය කාලයේ යන එනමං නොමැතිව සිටි තිලකරත්නම් රවිචන්ද්‍රන් නොහොත් සෙල්ටෙල් රවි තම ස්වාමියාවන තිරු නඩේෂන්ගේ පිහිටෙන් හම්බකරගත් නීති විරෝධී මුදල් වලින් මේවන විට නවතම බී.එම්.ඩබ්ලිව් රථයක් මිලදී ගෙන ඇති අතර රත්තරන් පවුම් 1000ක් කොළඹ හැටන් නැෂනල් බැංකු ශාඛාවක තැන්පත් කර ඇති බව වැඩි දුරටත් වාර්තාවේ.


Source - lankanewsweb.com

Share this article with your friends