Chitika Smowtion 468x60


Thursday, March 22, 2012

ඉන්දියාවේ ස්ථාවරය වෙනස් කරවා ගැනීමට ජනාධිපති දැඩි උත්සාහයක ?


ස්විස්ටර්ලන්තයේ, ජිනීවාහි පැවැත්වෙන 19 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ ශී්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව ගෙන ආ යෝජනාව පිළිබඳ, අද (22) දින පැවැත්වෙන ඡන්ද විමසීමට පෙර, ඉන්දියාවේ ස්ථාවරය වෙනස් කරවා ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා ඊයේ (21) රාති්‍රයේ පැයකට අධික කාලයක් දුරකථනය ඔස්සේ ඉන්දීය අමාත්‍ය ප්‍රනාම්බ් මුකර්ජි මහතා සමග කතා කළ බැව් අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.
 
පළමුව ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක්රිෂ්ණා සමග කතා කොට ඇති ජනාධිපතිවරයා, ඔහුගේ ඉල්ලීම පිට ඔහුට වඩා බලවත් අමාත්‍යවරයෙකු වන ප්‍රනාම්බ් මුකර්ජි මහතාට මෙසේ කතා කොට තිබේ.
දුරකතන සංවාදයේ පළමු අදියරේදීම ඔහු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ, ඉන්දියාවේ ස්ථාවරය වෙනස් කිරීමට දැන් පමා වැඩි බවයි. ජිනීවාහි සමුළුව ආරම්භ වූ දා සිටම ශී්‍ර ලංකා රජය සිදු කළේ ගුණාත්මක විදේශ ප්‍රතිපත්තියක් කි්‍රයාත්මක කරනවා වෙනුවට ජාත්‍යන්තර රටවල් දිගින් දිගටම ශී්‍ර ලංකාව වෙතින් දුරස් කර ගැනීම බවත්, ඒ වෙනුවට පසුගිය සති කිහිපය තුළ හෝ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂමේ අවම නිර්දේශයන් එකක් හෝ දෙකක් කි්‍රයාත්මක කළේ නම් තත්ත්වය මීට වඩා ශී්‍ර ලංකාවට යහපත් විය හැකිව තිබූ බවයි.
එහිදී අමාත්‍ය මුකර්ජි මහතාට දැඩි ලෙස බැගෑපත් වී ඇති ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ, අවම වශයෙන් ශී්‍ර ලංකාවට එරෙහිව කි්‍රයාමාර්ග ගැනීම අවුරුද්දකින් පමා කර දෙන ලෙසයි. මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති ප්‍රනාම්බ් මුකර්ජි මහතා දැඩිව පවසා ඇත්තේ, රාජපක‍ෂ රජය දිගින් දිගටම ඉන්දියාවේ මිත්‍රත්වය ඉතා සුළු කොට තකමින්, බොරු පොරොන්දු දෙමින් කි්‍රයා කළ බවයි. මෙහිදී ශී්‍ර ලංකාව එසේ කළ ආකාරය කරුණින් කරුණ පැහැදිලි කර දී තිබේ.
තවද, ඉන්දියාව විසින් උනන්දුවක් දැක් වූ ශී්‍ර ලංකාවේ විශාල ආයෝජන ව්‍යාපෘති ඉන්දියාව නොසලකා හරිමින් චීනය ඇතුළු වෙනත් රටවලට ලබාදුන් ආකාරය පිළිබඳව ජනාධිපතිවරයාට සිහිපත් කිරීමට ප්‍රනාම්බ් මුකර්ජි මහතා අමතක කොට නැත.
දුරකතන සංවාදය අවසන් කිරීමෙන් අනතුරුව උමතුවෙන් මෙන් හැසිරී ඇති ජනාධිපතිවරයා, එහි සිටි සියලූම පිරිස්වලට ඇසෙන සේ ''අපි නියම රුහුණෙ පුත්තු....ඔය එක ........යෙක්ගෙ ළඟවත් අපි දන ගහන්නෙ නෑ. ඕකුන් සේරටම වෙලාව ආපුවහම මම කෙළලා පෙන්නන්නම්කෝ.....'' යනුවෙන් පවසා තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends