ආණ්ඩුව, ආණ්ඩුවට එරෙහිව මතුවන සමාජ මතයන්, ක්‍රියාකාරීත්වයන් සුදු වෑන් යොදා ගනිමින් කරනු ලබන පැහැර ගැනීම් හරහාත් එහි අවසානය රාජ්‍ය නිල ත්‍රස්තවාදය යොදා ගනිමින් සිදු කරන පුද්ගල ඝාතනයන් හරහාත් සිදුකරමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී වියරු හැසිරීම හෙළා දකින අතර රජයේ ආරකෂක අංශ මගින් හෝ රජයේ වෙනත් කණ්ඩායම් මගින් හෝ අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාටත්, පවුලේ සාමාජිකයින් වෙතත් එල්ල වෙමින් පවතින මර්ධනීය ක්‍රියාමාර්ග දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.
එම අයිතිය දැනට පවතින රටේ මූලික නීතිය තුළත් වෘත්තීය සමිති ආඥා පනත් හරහාත් තහවුරු කර ඇත. වැඩ කරන ජනතාවට තමන්ගේ සේවාවේ හෝ ශ්‍රේණියේ වෘත්තීය ගැටළු වෙනුවෙන් අරගල කිරීම මිනිස් ජන සමාජය තුළ මූලික අයිතිවාසිකමක් යටතට සැලකෙන කටයුත්තකි. එමෙන්ම එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමකි. එම නිසා කිසිදු හේතුවකින් වෘත්තීය ගැටළු වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වීම නීති විරෝධී හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් නොවන බව අපි ආණ්ඩුවට අවධාරණය කර සිටිමු.
රාජ්‍ය වේවා පෞද්ගලික අංශය වේවා වෘත්තීය ගැටළුවක් වෙනුවෙන් වැඩ කරන ජනතාව අරගල කරද්දී වගකිව යුතු ආණ්ඩුවක් කළ යුතුව ඇත්තේ එම අරගල හෝ අරගල මෙහෙයවන වෘත්තීය සමිති නායකයින් මර්ධනය කිරීම නොව එම ගැටළු සඳහා පිළිගත හැකි තිරසාර විසඳුමක් ලබාදීමයි. නමුත් අද ආණ්ඩුව ඒ සඳහා පවතින නොහැකියාව ප්‍රදර්ශනය කරමින් අමු අමුවේ ප්‍රජාතන්ත්‍රවාදය වළලමින් වෘත්තීය ක්‍රියාමාර්ගත් වෘත්තීය සමිති නායකයිනුත් මර්ධනය කරමින් සිටී. මර්ධනය ප්‍රශ්ණයට විසඳුමක් නොවන බව අපි ඉතා වගකීමෙන් රාජපකෂ ආණ්ඩුවට පෙන්වා දෙමු.
ආණ්ඩුව මේ වන විට කෙසේ හෝ බලය රැක ගැනීමේ අරමුණින් ජනතා ක්‍රියාකාරීත්වයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයන් මර්ධනය කිරීමට කිසිදු හිරිකිතයකින් තොරව ක්‍රියාත්මක වෙමින් සිටී. එදා කටුනායක පෞද්ගලික අංශයේ සේවක සොයුරකු රජයේ ආරකෂක අංශ මගින් ඝාතනය කිරීමත්, වෘත්තීය අරගල මෙහෙයවන නායකයින් පිටුපස සුදු වෑන් යැවීමත්, වෘත්තීය සමිති නායකයින්ගේ ගෙවල්වල සාමාජිකයින්ගෙන් ඔවුන් ගැන විස්තර ලබා ගැනීමත් ආණ්ඩුවේ වංචා දූෂණ පරිපාලන අකාර්යකෂමතා සම්බන්ධයෙන් කරුණු හෙළිකරන වෘත්තීය සමිති නායකයින් විනය පරීකෂණ ආදී ක්‍රියාමාර්ග හරහා මර්දනය කිරීමත් අද සිදුවෙමින් පවතී.
එදා රූපවාහිනී සංස්ථා සේවක අයිතිවාසිකම් වෙනුවෙන් හ~ නැගූ වෘත්තීය සමිති නායකයින් ආණ්ඩුවේ මැරයින්ගේ දැලි පිහි පහරවල්වලින් මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන ලදී. මේ ආකාරයේ විවිධ මර්දනීය ක්‍රියාමාර්ග සමාජගත වෙමින් පවතී. සුදු වෑන් යොදා ගනිමින්, බිය වැද්දීම් කරමින්, තර්ජනය කරමින් සිදුකරන මර්දනය හමුවේ පරාජයට පත්වන ආණ්ඩුව රටේ අධිකරණ පද්ධතිය තම බලයේ නග්න අරමුණු වෙනුවෙන් යොදා ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග අධිකරණ තීන්දු හරහා නතර කිරීමට පවා කටයුතු කරමින් සිටී. පසුගිය දිනවල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ෙකෂ්ත්‍රයේ මතු වූ වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් ආණ්ඩුව ඒ ආකාරයෙන් මර්ධනය කිරීමට කටයුතු කර ඇත.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ඉතා සාධාරණීය අරගලයක් බව අපි පිළිගනිමු. රටේ ජාතික අධ්‍යාපනය සඳහා අයවැය තුළින් 6% ක මුදලක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් දියත් වන අරගලය මෙරට අධ්‍යාපනයත්, අධ්‍යාපන ෙකෂ්ත්‍රයේ නියලෙන්නනුත් ආරකෂා කරගැනීමත් වෙනුවෙන්ය. නමුත් අද ආණ්ඩුව ඒ අරගලය මර්දනය කිරීමට උත්සාහ කරමින් සිටී. එහි මූලික පියවරක් ලෙස ආණ්ඩුව ආචාර්ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එරෙහිව දියත් කරන බිය වැද්දීම් හා තර්ජනයන් පෙන්වා දිය හැකිය.
අප එය කිසිසේත් නිර්මාල් රංජිත් දේවසිරි මහතාට පෞද්ගලිකව දියත් වන මර්දනයක් සේ සැලකීමට සූදානම් නැත. ඔහු විශ්ව විද්‍යාල ආචාර්යවරයකු මෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සමාජ කතිකාව නියෝජනය කරන සිවිල් පුරවැසියෙකි. ඔහුට එල්ල වෙන මේ මර්ධනය සමස්ත රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල වන ප්‍රහාරයක් සේ සැලකිය යුතුය. එම නිසා මර්ධනයට එරෙහිවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරකෂා කර ගැනීම සඳහාත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම වැඩ කරන ජනතාවත් සමස්ත රටේ ජනතාවත් පෙළ ගැසෙන ලෙස අවධාරණය කර සිටිමු. එමෙන්ම දැනට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් වූ අරගලයක් සේ සලකමින් අප එම අරගලය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සෑම සහායක්ම ලබා දෙන බවත් වැඩි දුරටත් අවධාරණය කර සිටිමු.
ස්තූතියි,
මෙයට,
කේ.ඩී. ලාල්කාන්ත
සභාපති
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය
Source - lankanewsweb.com