Chitika Smowtion 468x60


Monday, June 25, 2012

එ.ජා. සරනාගත කොමිසම රහස් තොරතුරු ආරක්ෂ අමාත්‍යාංශයට දෙයි?


ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමෙහි (යූ.එන්.එච්.සී.ආර්) දේශීය කාර්යාලය එහි ලියා පදිංචි වී සිටින විදෙස් මුස්ලිම් ජාතික සරනාගතයින්ගේ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයට ලබා දෙන්නේ ද යන ප‍්‍රශ්ණය රාජ්‍ය තාන්ත‍්‍රික අංශයන්හි කතා බවට ලක්ව තිබේ.

මෙයට හේතු වී ඇත්තේ එහි ලියා පදංචි වී සිටින 150කට වැඩි ඉරාන, ඇපගනිස්ථාන දසහ පකිස්ථාන ජාතික සරණාගත පුද්ගලයින්ට දින හතරක් ඇතුළත ශ‍්‍රී ලංකාවෙන් පිටව යන ලෙස ආරක්ෂ අමාත්‍යාංශය යටතේ ඇති ආගමන සහ විගමන දේපාර්ථවේන්තුව විසින් නියෝග කිරීමය.
ඊටත් වඩා ප‍්‍රශ්ණයට හේතු වී ඇත්තේ එම පුදගලයින්ට යවන ලද ලිපි වල ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමෙහි දේශීය කාර්යාලය විසින් ලබා දී ඇති අංකයන් ද සඳහන් කර තිබීමය. මෙම අංක ආරක්ෂ අමාත්‍යාංශයට ලබා දී ඇත්තේ කොළඹ යූ.එන්.එච්.සී.ආර් කාර්යාලයෙනි.
ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ ජිවත් වන මෙම පිරිස් රුදී සිටින්නේ මීගමුව ග‍්‍රැන්ඞ් මොස්ක් නම් දේවස්ථානයේ ය.
ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමඟ යූ.එන්.එච්.සී.ආර් අත්සන් කර ඇති ගිවිසුම අනුව ඔවුන් විසින් සරනාගතයින් ලෙස ලියා පදිංචි කරනු ලබන පුද්ගලයින් පිටුවාහල් කිරීමට ලංකා ආණ්ඩුවට අයිතියක් නැත. එළෙස පිටුවාහල් කළ හොත් එකී ඉරාන ජාතිකයින් කෙලින්ම රාජපක්ෂගේ මිතුරු ඒකාධිපතියකු වන අහමඞ් නිජාඩි ගේ සිරගෙදරවලට යැවෙනු ඇත.
එමෙන්ම මෙම තොරතුරු පිට කිරීමද එක්සත් ජාතීන්ගේ පිළිවෙත් අනුව වරදකි.
අනෙත් අතට මෙළෙස යූ.එන්.එච්.සී.ආර් හි ලියා පදිංචි වී සිටින පිරිස් රාජපක්ෂ ආණ්ඩුව බලයෙන් පිටුවාහල් කිරීමට ක‍්‍රියා කළ හොත් ජිනීවා මානව හිමිකම් කොමිසමෙහි දී එය මතු කිරීමට ද සූදානමක් තිබේ.
කොළඹ යූ.එන්.එච්.සී.ආර් කාර්යාලය විදේශීය වැටුපක් ද ලබමින් ප‍්‍රධාන ‍රැකවරණ සැපයීමේ නිලධාරිනිය ලෙස කටයුතු කරන්නේ රාජපක්ෂවාදී ජනමාධ්‍යවේදියකු වන රොයිටර් කැමරා ශිලිපි වරුණ කරුණාතිලකගේ බිරිඳ වන මැණික් අමරසිංහය. ඇය මේ තාක් මෙම සරනාගතයින්ගේ අයිතින් ආරක්ෂා කිරිමට ගත් පියවරක් දැන ගන්නට නැත.


Source - lankanewsweb.com

Share this article with your friends