Chitika Smowtion 468x60


Monday, June 25, 2012

සරසවි සිසුන් අතරට හමුදා ඔත්තුකරුවන් යැවීමේ සැලසුමක් ?


සරසවි ශිෂ්‍ය ව්‍යාපාර සහ ශිෂ්‍ය උද්ඝෝෂණ මර්ධනය කිරීමේ අරමුණෙන් හමුදා ඔත්තුකරුවන් සරසවි සිසුන් හා මිශ්‍ර කිරීමේ වැඩ පිළිවෙලක් ආරක්ෂක අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන බව විශ්වාස කටයුතුදායක ආරංචි මාර්ගයකින් අප වෙබ් අඩවිය වෙත වාර්තාවේ.

මෙහි පළමු පියවර ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි යුද හමුදා මූලස්ථානය විසින් දිවයිනේ පිහිටි සෑම හමුදා කඳවුරකටම ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ එම හමුදා කඳවුරු වල සේවය කරන යුද සෙබළුන්ගෙන් අ.පො.ස. (උසස්) පෙළ දක්වා හෝ සරසවි අධ්‍යාපනය ලැබූ අය වෙත්නම් වහාම ඔවුන් පිළිබඳව දන්වා එවන ලෙසයි. එම ලිපිය යවා ඇත්තේ එවැනි හමුදා නිලධාරීන් වැඩි දුර අධ්‍යාපනය සඳහා විවිධ සරසවිවලට අනුයුක්ත කිරීමට විශේෂ පාඨමාලාවක් ඇරඹීමට නියමිත බව සඳහන් කරමිනි.
නමුත් මෙම ලිපියේ සෑබෑ පරමාර්ථය වන්නේ එවැනි හමුදා සෙබළුන් වැඩි දුර අධ්‍යාපනය සඳහා යොමු කිරීම නොව එසේ කරන බව හඟවමින් සරසවි ශිෂ්‍යනායකයන්, සරසවි ආචාර්යවරුන් හා ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව තොරතුරු එක්රැස්කොට ඒවා යුද හමුදා මූලස්ථානය හරහා ආරක්ෂක අමාත්‍යාංශවෙත දැනුම් දීම බව මේ පිළිබඳව අපට කරුණු හෙළිකළ පුද්ගලයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


Source - lankanewsweb.com

Share this article with your friends