සිරි දළදාගමනය චිත්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතය සඳහා 2011 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් පුෂ්පිකා සඳමාලි තෝරාගන තිබුණ නමුත් හදිසියේම ඇයව එම චරිතයෙන් ඉවත් කර තිබුනේ ඇගේ අඩ නිරුවත් ජායාරූප අන්තර්ජාලයේ පලවී තිබෙන බව පවසමිනි.
හේමමාලා කුමරිය වැනි උසස් චරිතයකට එවැනි නිළියක් විසින් පණ පෙවීම බෞද්ධ ආගමට අගෞරවයක් වන බව නිශ්පාදකයින් පැවසූ අතර සනත් අබේසේකර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලබන එම චිත්‍රපටය නිෂ්පාදනය කරනුයේ ඊ.ඒ.පී. චිත්‍රපට වෙනුවෙන් සෝමා එදිරිසිංහ සහ බෝසත් ලංකා පදනම වෙනුවෙන් අකරවිට සංඝානන්ද හිමියන්ය.
බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක විසින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන පළමු අවස්ථාව මෙය වන අකරවිට සංඝානන්ද හිමි යනු ඕස්ට්‍රේලියාවේ ඩැන්ඩිනෝස් භාවනා මධ්‍යස්ථානයේ නායක හිමිපාණෝය.
චිත්‍රපටයේ මුහුරත් උළෙල කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරයේදී පසුගිය දා සිදු කෙරුණ අතර එයටද පුෂ්පිකා සහභාගී වී සිටියේ සති ගනනක් මස් මාංශ වලින් වැලකීමෙන් බවයි ඇය පවසා තිබුනේ.
2011 දෙසැම්බර් මාසයේ චීනයේ පැවති මිස් ටුවරිසම් ක්වීන් ඉන්ටර්නැෂනල් සඳහා ලංකාව නියෝජනය කරමින් ගිය ඇයට ඒදී බිකිනිය ඇඳ තරඟ වලට සහභාගී වීමට සිදුවූ අතර දෙරණ මිස් ශ්‍රීලංකා තරඟ වලදීද අඩ නිරුවතින් සහභාගීවීමට සිදුවුණා.
නමුත් බිකිනිය හැර ඕනෑම විලාසිතාවක් කිරීමට තමා සූදානම් බවයි පසුගිය කාලයේ ඇය පුවත්පතකට පවසා තිබුනේ.
පුෂ්පිකා ඉවත්කිරීමෙන් පුරප්පාඩුවූ එම චරිතය සඳහා ගුවන් සේවිකාවක් හා මෝස්තර නිරූපිකාවක වන ප්‍රසාදි සමරකෝන් තෝරාගෙන ඇති අතර ඇය ඉරාජ් වීරරත්නගේ ‘දෑස තෙමිලා’ ගීතය සදහා ද රංගනයෙන් දායකවී තිබේ.
පුෂ්පිකා හා අදාල නිෂ්පාදකයන් අතර ඇතිකරගත් ගිවිසුමට අනුව අධ්යක්ෂවරයාට පුෂ්පිකා චිත්‍රපටයෙන් ඉවත්කිරීමට අවසර ඇත්තේ ශාරීරික හෝ මානසික හේතුවක් මත පමණක් බව පවසෙන අතර ඉවත් කිරීමෙන් ඇයට සිදුවූ හානියට වන්දි මුදලක් ලබාදීමට එහි නිෂ්පාදක කණ්ඩායම එකග වුවද තවමත් ඇයට කිසිවන් ලැබී නැති බවයි වාර්තාවන්නේ
කෙසේ වුවද මේ පිළිබඳව පුෂ්පිකා සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්
ඔබව සිරි දළදාගමනය නිර්මාණයෙන් ඉවත් කරන්න හේතුව මොකක්ද?
මට කිසියම් චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා ඒ චිත්‍රපටයේ මුහුරත් උළෙල පවත්වන්න දවස් දෙක තුනකට කලින්. ඒ ආරාධනාව ලැබෙනවාත් සමගමයි මගේ අතට පිටපත ලැබුණේ. මට ලැබිච්ච පිටපත කියවලා බලලා ඔවුන්ට උත්තරයක් දෙන්න කාලයක් තිබුණේ නැහැ. ඒ කොහොම වුණත් මම උත්තරයක් දෙන්න කලින් ඔවුන් මාව මේ සඳහා තෝරාගත්තා කියලා මාධ්‍යයට දන්වලා තිබුණා.
අනික ලබන අවුරුද්දේ වෙසක් මාසයේදී මෙය එළිදක්වන්න ඕනෑ කියලත් ඔවුන් මට පවසා සිටියා. කොහොම වුණත් බෞද්ධ කටයුත්තක් නිසා මම දායකවෙන්න තීරණය කළා. ඒ නිසා පිටපත ලැබිලා දවස් තුනකින් විතර මුහුරත් උළෙලට සහභාගි වුණා. ඊට පසුව පෙර පුහුණුවීම්වලටත් ගියා. අන්තිමේ නොයෙකුත් ප්‍රශ්න එන්න පටන්ගත්තා.
ඒ මොනවද?
විවිධ පුද්ගලයන්ගෙන් මගේ ජංගම දුරකථනයට ඇමතුම් ලැබෙන්න පටන්ගත්තා. එම දුරකථන ඇමතුම් ආවේ කාගෙන්ද කියන්න දන්නේ නැහැ. මීට අදාළ පුද්ගලයන් කිව්වෙත් ලියුම් ඇවිල්ලා තියෙනවා, දුරකථන ඇමතුම් එනවා ඒක නිසා අපි ඔයාව ඉවත් කළා කියලා. කිසියම් ස්වාමින්වහන්සේ නමකගේ දැඩි විරුද්ධත්වය මත මාව චිත්‍රපටයෙන් ඉවත් කළා කියල විතරයි මම දන්නේ. මේ සඳහා වෙනත් තරුණියන් දෙදෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා අදාළ සමාගමේ පුද්ගලයෙක් මට පැවසුවා.
ඔබව ඉවත් කළේ කවුද කියලා දන්නේ නැතිද?
එම ආයතනයේ යම්කිසි පුද්ගලයෙක් මාව අයින්කරන්න ලියුම් හදලා. ඒ වගේම අන්තර්ජාලයට බොරු පුවත් මවලා මේ වැඩේ කළේ කියලා අන්තිමේ දැනගත්තා. චිත්‍රපටයට අදාල විශේෂ පුද්ගලයෙක්ට මාව අයින් කරන්න ලොකු වුවමනාවක් තිබුණා.
ඔබට මොකද මේ ගැන කියන්න තියෙන්නේ ?
2011 දෙරණ මිස් ශ්‍රී ලංකා වුණ මම මිස් වර්ල්ඩ් තරගයෙන් මගේ රට නියෝජනය කළ තානාපතිවරියක්. ඒ හින්දා මට තිබෙන්නේ වෙනත් ස්වරූපයක්. ඇත්තටම රඟපාන්න වුවමනාවක් මට නැහැ. එම ආයතනයේ යම්කිසි පුද්ගලයෙක් මට පිටපතදීලා මම උත්තරයක් දෙන්න කලින් ඔවුන් මාධ්‍යයට මාව තෝරාගත්තා කියලා තිබුණ නිසයි මට මේ සඳහා එකඟවෙන්න සිදුවුණේ. මුහුරත් උළෙලකට ගෙන්වලා ගිවිසුම් අත්සන් කරලා පත්තරවලට මාව මේ චරිතයට ගත්තා කියලා ප්‍රකාශ කරලා අන්තිමේ මාව අයින් කළා කියන්නේ මට කරපු ලොකු අසාධාරණයක්. ඔවුන්ට තිබුණා මුහුරත් උළෙල පවත්වන්න කලින් මා ගන්නවද නැද්ද කියලා තීරණයක් ගන්න. මේක මගේ වැරැද්දක් නෙමෙයි.
අඩනිරුවත් ඡායාරූපවල පෙනී සිටිය නිසා ඔබව ඉවත්කළා කියලත් කතාවක් තිබෙනවා ?
මම බිකිනි එකක් ඇඳලා ලෝක රූ රැජින තරගයට ඉදිරිපත් වීමත් මේ ඉවත් කිරීමට එක් හේතුවක් වුණා. මම 2011 ලෝක රූ රැජින තරගයට ඉදිරිපත් වුණේ ලංකාවේ නීතියට පටහැනිව නොවෙයි. මම බිකිනි එක ඇඳ ඉදිරිපත් වුණේ මගේ රට නියෝජනය කරන්න. ලංකාවේ නීතියෙන් එලෙස ඉදිරිපත්වෙන්න අවසර දීලයි තියෙන්නේ. ඒ වගේම මේ තරගයේ එම ඉදිරිපත් කිරීම අනිවාර්ය අංගයක්. ඒ නිසා එම ආයතනය මුහුරත් උළෙලට කලින් මාව මේ සඳහා යොදාගන්නවද නැද්ද කියලා හිතන්න තිබුණා.
ඔබ අත්සන් කළ ගිවිසුමට මොකද වෙන්නේ එහි නීතිමය ස්වභාවයක් තියෙනවානේ ?
ගිවිසුමේ සඳහන් වන්නේ ශාරීරික හෝ මානසික හේතුවක් මත අධ්යක්ෂවරයාට මේ චරිතයෙන් මාව අයින් කරන්න පුළුවන් කියලා. නමුත් ඒ දෙකටම සම්බන්ධ නැති හේතුවක් මතයි මාව ඉවත් කළේ. ඒ නිසා මට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.
මේ සඳහා ඔබට විශේෂ ගෙවීමක් සිදුකළාද?
තවම වන්දි මුදලක් ගෙවලා නැහැ. ඉදිරියට ඒ සම්බන්ධව මම ක්‍රියාමාර්ගයක් ගන්නවා. මේක තමයි ඇත්තම කතාව.
නව හේමමාලා කුමරියේ චරිතයට පන පොවන ප්‍රසාදි සමරකෝන්ගේ ජායාරූප එකතුවක් පහලින්.
2011 දෙසැම්බර් මාසයේ චීනයේ පැවති මිස් ටුවරිසම් ක්වීන් ඉන්ටර්නැෂනල් තරඟාවලියේ බිකිනියෙන් සැරසී සිටි පුෂ්පිකාගේ ජායාරූප කිහිපයක් පහතින්.

Source: http://www.gossip9.com/2012/06/blog-post_687.html#ixzz1yo5YlM6D