බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා එම ප‍්‍රකාශය සිදු කොට ඇත්තේ, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, නාවික හමුදාපති ඇතුළු රජයේ ප‍්‍රමුඛතම නිලධාරීන් පිරිසක්ද සිටියදීය. ‘නෙත්’ ගුවන් විදුලියේ ‘බැලූම්ගල’ වැඩසටහනින් තමාට කිහිප වරක් පහර දුන් බව පවසා ඇති බැසිල් රාජපක්‍ෂ මහතා, ආණ්ඩුවට හිතවත් මාධ්‍ය පවා මෙලෙස ආණ්ඩුව බරපතළ ලෙස විවේචනය කිරීම යුක්තිසහගත නොවන බවද සඳහන් කර තිබේ.
ලොස්ඇන්ජලීස් නුවර රාජපක්‍ෂවරුන්ට හිතවත් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අලූත්නුවර සුමනතිස්ස හිමියන්ට අයත් මාදිවෙල ඊයම්පෝරුව විහාරස්ථානයේ සංඝාවාසය ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝගය මත ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් ඉදිකරනු ලැබ තිබේ.
කෙසේ වුවද, බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රසිද්ධියේ කරනු ලැබූ විවේචනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ‘රිවිර’ පුවත්පත් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ගයිරුක පේරසිංහ මහතාගෙන් විමසා ඇති අතර, ඔහු එහිදී ප‍්‍රකාශ කොට ඇත්තේ තමා කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත පමණක් බවය. ජනාධිපතිවරයාගේ බිරිඳ හා දරුවන් තිදෙනා සම්බන්ධව කිසිදු විවේචනාත්මක ප‍්‍රවෘත්තියක් පළ නොකිරීමට ‘රිවිර’ පුවත්පත් සමාගම තීරණය කර ඇති බවත්, අනෙක් ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් සත්‍ය කරුණු පදනම්ව ඕනෑම විවේචනයක් කිරීමට ජනාධිපතිවරයා අනුමැතිය දී ඇති බවත් පේරසිංහ මහතා වැඩිදුරටත් පවසා තිබේ.
Source - lankanewsweb.com