මාධ්‍යය ඔස්සේ මේ දිනවල වැඩි අවධානයක් දිනා සිටින නයනා කුමාරි පසුගිය දිනවල සිය දෙවන කැමැත්ත සම්බන්ධයෙන් පුවත්පතකට අදහස් පලකොට තිබුනා. පහතින් දැක්වෙන්නේ එහි තෝරාගත් කොටස් කිහිපයකි.
නයනා, ඇත්තටම ඔබ නයනා කුමාරි නොවුනානම් ?
මං ආසයි යශෝධරාවක් වෙන්න.
ඇයි ඔබ යශෝධරාවක් වෙන්න කැමති ?
ඇය ආත්ම ගනනක් ආදරය වෙනුවෙන් පෙරුම් පිරු, ඒ වෙනුවෙන් කැප වූ ඇති උතුම් ගැහැනියක්. ඒක හීනයක් වගෙයි. ඉවසිලිවන්තකමේ උපරිමයට ගිය කාන්තාවක්. ඇත්තටම යශෝධරාවක් වගේ වෙන්න මම පින් කරලා නැතුව ඇති කියල මට හිතෙනවා.
ඇයි ඔබ ශ්‍රී ලාංකිකයෙක් උනේ නැත්නම්?
එහෙනම් මම මුස්ලිම් කාන්තාවක්
එතකොට ඔබ බෞද්ධයෙක් නොවුනානම්?
ඉස්ලාම් භක්තිකයෙක් වේවි.
නයනා විවාහ උනේ නැත්නම්?
දරුවෙක් මල්ලෙක් මහත්තයෙක් නැති ගැහැනියක් විදියට ඔහේ ජීවිතය ගෙවල දාන්න වෙයි ඉතින් මටත්.
ඔබේ සැමියා සුමිත් උනේ නැත්නම්?
වෙන කව්රුහරි පිරිමියෙක් මගේ සැමියා වෙයි.
නයනාට පහුගිය දවස්වල දේශපාලඥයෙකු සම්බන්ධ කරගනිමින් කටකතාවක් හැදුනා. එහෙම කට කතාවක් හැදුනේ නැත්නම්?
අනේ ඉතින් එහෙනම් මම නයනා කුමාරි වෙන එකක් නැහැ.
ඇයි ඒ ?
අවුරුදු ගණනාවක් තිස්සේ නයනා කුමාරි කටකතාවක් හදා නොගෙන ඉන්න එකට ගොඩක් දෙනෙක්ට ඇහේ කටු අනින්න වගේ උනා..එක බලන් ඉන්න බැරුව බොරු ඕපාදුප හදපු මිනිස්සුන්ට මම බය නැහැ.
Source: http://www.gossip9.com/2012/06/blog-post_2791.html#ixzz1yyq5lMmZ