ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පසුගිය මාස කිහිපයෙහි බලවත් උත්සාහයක් දැරුවද ජනාධිපති බිරිඳ එය වළකා තිබේ.
නීත්‍යානුකූල නොවන ආකාරයෙන් එතරම් විදේශ මුදල් ප‍්‍රමාණයක් ළඟ තබාගෙන සිටියේ කෙසේ දැයි විමසමින් එම කාරණයට පුළුල් ප‍්‍රචාරයක් ලබාදෙන්නැයි ජනාධිපතිවරයා ඉහත සඳහන් කළ මාධ්‍ය ආයතන දෙකෙහි ප‍්‍රධානීන්ට දැනුම් දී ඇත. ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයාට බරපතළ චෝදනා ඇතැයි සඳහන් කරමින් ඔහුව ඉවත් කරන ලෙස බලපෑම් කිරීම ජනාධිපතිවරයාගේ අපේක්‍ෂාව වී ඇතැයි මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සඳහන් කළේය.
කෙසේ වුවද, මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වන අවස්ථාව වන විට වතු කැබලි කිහිපයක පරිපාලකයෙකු ලෙස කටයුතු කළ නිශාන්ත වික‍්‍රමසිංහ මහතා මේ වනවිට ජනාධිපති බිරිඳගේ අනුග‍්‍රහයෙන් ප‍්‍රකෝටිපතියෙකු බවට පත්ව තිබේ. එසේම, ඔහුගේ පුත් ඩිල්ෂාන් වික‍්‍රමසිංහ මහතාද ජනාධිපති බිරිඳගේ ආශිර්වාදයෙන් මෙරට සිටින ප‍්‍රධානතම ජාවාරම්කාරයෙකු බවට පත්ව ඇත.
ඩිල්ෂාන් වික‍්‍රමසිංහ මහතා සහ ඔහුගේ ව්‍යාපාරික සගයා වන ප‍්‍රභාත් නානායක්කාර මහතාට හම්බන්තොට වරායේ ඉදිකිරීමේ සම කොන්ත‍්‍රාත් ධූරය ලබා දුන්නේද ජනාධිපති බිරිඳයි. එසේ වුවද, 2005 ජනාධිපතිවරණ ව්‍යාපාරියේදී ඩිල්ෂාන් වික‍්‍රමසිංහ මහතා සැලකිය යුතු මුදලක් ලබා නොදුන් බවට චෝදනා කරමින් නාමල් රාජපක්‍ෂ මහතා ඔහුට අරලියගහ මන්දිරය තුළට ඒම තහනම් කරනු ලැබීය. තවද, ඩිල්ෂාන් වික‍්‍රමසිංහ මහතා හම්බන්තොට ඉදිකිරීම් කටයුතු භාර සම සමාගමක දේශීය නියෝජිතයා වුවද, හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයට පවා ඔහුට ආරාධනා පත් යවා නොතිබිණ.
මුල තත්ත්වය යටතේ ජනාධිපති බිරිඳගේ වික‍්‍රමසිංහ පවුල් සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් දුරස් කර ඇති අතර, දැනට කිසියම් මට්ටමකින් හෝ රැුඳී සිටින්නේ නිශාන්ත වික‍්‍රමසිංහ මහතා පමණි. අප වෙත ලැබෙන තොරතුරුවලට අනුව ළඟදීම ඔහුවද ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. ඔහුට එරෙහිව මාධ්‍ය මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ මේ අනුවය.
Source - lankanewsweb.com