එම උපදේශක තනතුරින් ඉල්ලා අස්වීමට පෙර හේමකුමාර නානායක්කාර මහතා, එජාප ප‍්‍රධානි කිහිපදෙනෙකුම පෞද්ගලිකවම හමු වී ඉදිරියේදී ගනු ලබන දේශපාලන කි‍්‍රයාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
කෙසේ වුවද, තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා කාර්යාලය වෙත යැවීමෙන් පසු මාධ්‍ය අමතා කරුණු දැක් වූ හේමකුමාර නානායක්කාර මහතා කියා සිටියේ, වත්මන් ආණ්ඩුවේ කෘෂිකාර්මික ප‍්‍රතිපත්තීන් මෙන්ම, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන ක‍්‍රමය තමන්ට අනුමත කළ නොහැකි හෙයින්, කෘෂිකර්ම උපදේශක ධූරයෙන් ඉල්ලා අස් වූ බවයි. වත්මන් පාලනය යටතේ දවසින් දවස රට අගාධයට වැටෙමින් පවතින බව සඳහන් කළ නානායක්කාර මහතා, ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර ගැනීම සඳහා පුළුල් දේශපාලන පෙරමුණක් හා අත්වැල් බැඳගන්නා බවද පැවසීය.
හේමකුමාර නානායක්කාර මහතා ඉල්ලා අස්වූ පුවත වාර්තාවීමත් සමග හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැති කිහිපදෙනෙකුම ඔහුට කතා කොට එම තීරණය සම්බන්ධයෙන් ප‍්‍රශංසා කොට තිබේ.
මේ වනවිට අප වෙත වාර්තා වන පරිදි උතුරු මැද පළාත් සභා මැතිවරණයටද ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෙකු තම පක්‍ෂයේ මහ ඇමති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂ නායකයින් කිහිපදෙනෙකු සාකච්ඡා පවත්වමින් සිටී.
Source - lankanewsweb.com