තරඟයේ ස්වභාවය අනුව බාධා සහිත ධාවන පථයක තරගකරුවන් ධාවනය කල යුතු අතර එක් තරඟකරුවෙකුට ධාවන පථයේ වටයක් සම්පුර්ණ කිරීම සඳහා ලැබෙනුයේ විනාඩි 20 ක කාලයකි.එසේ නොමැති තරඟකරුවන් ජීප් රථයද සමග තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
මේ ධාවන තරගය සඳහා තරගකරුවන් 40ක් සහභාගී වී ඇති අතර එයින් හත්දෙනෙක් කාන්තාවෝ වෙති.ඊයේ දිනයේදී පැවති මෙම තරඟාවලියේදී එක් ජීප් රථයක් කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර එය දොඹකරයක් මගින් ඉවත් කිරීමට යාමේදී ජීප් රථයේ චැසිය ගැලවී ගොස් ඇති අතර එය ජංගම දුරකතනයෙන් පටිගත කරමින් සිටි තරුණයකුගේ හිසේ වැදී හිසෙන් කොටසක් ගලවාගෙන ගොස් ඇති අතර ඒ අසල සිටි අනෙක් තරුණයෙකුගේද ඇඟේ වැදී තිබෙනවා.
එම අනතුරෙන් මරණිය තුවාල ලැබූ පාණදුරේ පදිංචි හේවගේ ඉරේෂ් එරංග පෙරේරා (22) සහ අනුරුද්ධ නමැති තරුණයන් දෙදෙනා ඊයේ දිනයේදී එම ස්ථානයේදී මිය ගියා.
බොහෝ දෙනාගේ ඉල්ලීම මත වීඩියෝව ඉවත්කරන ලදී
එම තරඟයේ වෙනත් අවස්ථාවන්හි ජයාරූප එකතුවක් පහතින් බලන්න
Source: http://www.gossip9.com/2012/07/4x4.html#ixzz1zgJP4poO