Chitika Smowtion 468x60


Tuesday, August 28, 2012

ගායන ශිල්පි අමල් පෙරේරා ට ඇප

amal-pereraපොලිසි දෙකකින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ‍ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙරේරාට අද (28) කළුතර අධිකරණ දෙකකින් ඇප නියම විය. පයාගල අද (28) තම මෝටර් රථය පදවමින් ගාලු පාරේ මාර්ග ගමනාගමනය අවහිර කිරීම, ආදායම් බලපත්‍රය, රක්‍ෂණ සහතිකය හා රියදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම යන කරුණු මත අද (28) අධිකරණයට ඉදිරිපත් කළ ඔහු රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් ජී. නාමල් පෙරේරා මහතා මෙම නඩුව වැඩි දුර විභාගය සැප්තැම්බර් මස 25 දිනට කල් තැබීය.
අනතුරුව 1997 වසරේ දකුණු කළුතර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළායැයි පවරා තිබූ අංක 82574 නඩුවට අදාලව වරෙන්තු ලබා සිටීම නිසා දකුණු කළුතර පොලිසිය මඟින් ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී රුපියල් 25,000 ක ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළ කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා මෙහි වැඩි දුර විභාගය ඔක්තෝම්බර් මස 08 දිනට කල් තැබීය.

 බැසිල් කලපුගේ -මග්ගොන

Share this article with your friends