Chitika Smowtion 468x60


Thursday, August 30, 2012

අනර්කලීගෙන් රනිල්ට පහරක්

"ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය නොමරා මරන්න යන අවස්ථාවේ මම මේ නංගිලා මලිලාගෙන් එක ඉල්ලීමක් කරනවා. තමන් දන්න හැම වැඩිහිටි කෙනාටම SMS යවන්න."

රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මෙම ප්‍රකාශ සිදු කරන ලද්දේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් සිදුකරනලද උද්ඝෝෂණයකදීය. මෙම ප්‍රකාශය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මෙවර පිළිතුරු දී තිබුනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂාය.

අද දෙරණ පුවත් විකාශය සමගින් එක්වූ අනර්කලී කියා සිටියේ මෙවැන්නක්.



"විපක්ෂේ ගොඩක් අය කියනවා අපි දැන් ගනදෙනු කරන්න ඕන SMS වලින් කියලා. අපේ රටේ එහෙම දෙයක් නැහැ. අපි SMS වලින් නෙමේ වැඩ කරන්නේ අපේ අම්ම තාත්තට ප්‍රශ්නයක් තියෙනවනම් ඒගොල්ලෝ SMS වලින් නෙමේ එක කියන්නේ.ඒ කෙනා ගාවට යන්න ඕන. එක තමයි මට කියන්න තියෙන්නේ.."

එම වීඩියෝව පහතින්.



ඉදිරියේ තමා පාර්ලිමේන්තු යාමට බලාපොරොත්තුවෙන් සිටින බවත් එයට පෙර තව වතාවක් ප්‍රාදේශීය සභා ජන්දයට ඉදිරිපත් වන බවත් ඇය වැඩිදුරටත් එම සාකච්චාවේදී හෙළි කල අතර ඇය හා රන්ජන් රාමනායක අතර ගැටුම නිමවී නැවතත් අනර්කලී ඉටිමල් නාට්‍යයට එක්වී ඇති බව අප වෙත වාර්තා වනවා.

විපක්ෂ නායකයාට මෙලෙස දේශපාලන වේදිකාවේ පහර ගැසීම් සිදුවුයේ අනර්කලී අතින් පමණක් නොවේ. මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා විසින් ගාමිණි දිසානායක මහතා සම්බන්ධයෙන් කරනු ලැබූ පාවාදීමේ කාතාවේ ආනොද්ලනය මැකී යාමටත් මත්තෙන් එස්.බි දිසානායක අමාත්‍යවරයා තවත් එවැනිම හෙළි දරව්වක් සිදු කරන ලදී.

1994දී අපි එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කලා. එවලට පක්ෂ නායකයා ලෙස කටයුතු කළේ රනිල් වික්‍රමසිංහයි.

ඒ මැතිවරණයේදී අපිත් 112යි, එකසත් ජාතික පක්ෂයත් 112යි. ගාමිණී දිසානායක මහත්තයා විජේතුංග ජනාධිපතිවරයාට කිව්වා. දෙන්න එපා. මට දවසක් කල් දෙන්න චන්ද්‍රසේකරන් මහත්තයාගේ හා මුස්ලිම් කොංග්‍රසයේ සහයෝගය අරන් ආණ්ඩුවක් පිහිටුවන්නම් කියලා.

අපිට ඒ වෙලාවේ උදව් කළේ රනිල් වික්‍රරමසිංහ. රනිල් වික්‍රමසිංහ ඒ වෙලේම ඉල්ලා අස්වෙලා අනේ මට බෑ කියලා බෑග් එකත් අරගන අරලියගහ මන්දිරයෙන් එළියට බැහැලා ගියා.

මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෙදර සේවකයන්ගේ චන්ද කාඩ් දෙකත් චන්ද්‍රිකා මැතිණියට රනිල් වික්‍රමසිංහ එවලා තිබුණා කැමති කෙනෙකුට කියලා දාගන්න කියලා.


එම වීඩියෝව පහතින්.




මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට තවත් පහර ගැසීමක් සිදුවුණා. ඒ ඩලස් අලහප්පෙරුම මහතා විසින් ස්වාසිලන්තයේ රජුගේ බිරිද තෝරන බට නැටුමට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කිරීම නිසයි.

ලෝකේ නායකයන් අතර කාන්තා අනතපුර වගේම පිරිම අන්තපුර තියාගෙන ඉන්න නායකයෝ ඕනෑතරම් ඉන්නවා..මම ඒ ගැන වැඩිය කියන්න යන්නේ නෑ..අපිට එක ආරාධනයක් කරන්න පුළුවන්..අර ස්වාසි ලන්තයේ රජතුමන්ගේ 13 වෙනියා 14 වෙනියා විදිය තොරණ නැටුමට එක්කෙනෙක් එවන්න අපිට විවෘත ආරාධනයක් කරන්න පුළුවන්.






Source: http://www.gossip9.com/2012/08/blog-post_1084.html#ixzz253EVXIdl

Share this article with your friends