Chitika Smowtion 468x60


Saturday, October 20, 2012

ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව

බ්‍රහස්පතීගේ ගැටුණු උල්කාවක් වීඩියෝ ගත කළ පුවතක් හා මාතලේට වැටුණු උල්කාවක කොටස් පිළිබඳව පුවතක් මීට පෙර අප විසින් ගෙන එනු ලැබුවා

පෙරේදා කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සින්කෝ නගරයේ වු ආරක්ෂිත කැමරා දෙකක විශාල ප්‍රමාණයේ උල්කාවක් සටහන්වී තිබුණා.

රාත්‍රී 7.44ට පමණ විශාල ශබ්දයක් සමඟ තැඹිලි පැහැයෙන් යුත් ගිණි බෝලයක් ලෙස මෙය කඩා වැටී ඇති බවයි එය දුටුවන් පවසන්නේ.

මෙම උල්කාව වැටී තිබෙන්නේ මුහුදටද, ගොඩබිමටද යන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ අරඹා ඇත.



පැයකට උල්කා 25ක් පමණ දර්ශනය වන "ඔරියෝනිඩ්" උල්කා වර්ෂාව අද හා හෙට දිනයන්හි පෘතුවියට දර්ශනය වන නිසා පෙරේදා සටහන්වූ මෙම උල්කාව එහි කොටසක් බවයි තාරකා සම්බන්ධ බොහෝ වෙබ් අඩවි දක්වා තිබෙන්නේ. ඔරියෝනිඩ් උල්කා වර්ෂාව ගැන වැඩි විස්තර මෙතනින්.

2010 වසරේ නොවැම්බර් මාසයේ "ලියෝ නිඩ්" නමැති උල්කා වර්ෂාව ලංකාවටද දර්ශණයවූ අතර 2011 වසරේ දෙසැම්බර් 6 සිට 14 දක්වා ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව දැකගතහැකි වුණා.

2012 වසරේ පලමු උල්කාපාත වර්ෂාව වන Quadrantids උල්කාපාත වර්ෂාව ජනවාරි මස 4 වන දින දර්ශනය වූ අතර එහිදී පැයකට උල්කා 40ක් පමණ දැකගත හැකි වුණා. මෙම උල්කාපාත වර්ෂාවට හේතු වුනේ 2003 EH1 නම් ග්‍රහකය මගින් අභ්‍යවකාශයේ ඉතිරි කර ගිය අවශේෂයි.

ලයිරා තාරකා රාශිය උතුරු අර්ධ ගෝලයේ තාරකා රාශියක් නිසා හටගන්නා වාර්ෂික ලයිරිඩ් උල්කාපාත වර්ෂාව මෙම වසරේද ලංකාවට දර්ශනය වුනේ පසුගිය අප්‍රේල් මස 21 සහ 22 දිනවලයි.

උල්කාවක් ලෙස අපට දර්ශනය වන්නේ එලෙස අභ්‍යාවකාශයේ ඇදී යන ග්‍රාහකයක් පෘතුවි වායුගෝලයට ඇතුලුවීමෙන් පසු දහනය වන විටයි.

චන්ද්‍රයාට ඇති දුර මෙන් 1/4ක දුරකින් පසුගිය 12 වෙනිදා මීටර් 140ක් දිග ග්‍රාහකයක් ඇදීගිය නමුත් එය පෘතුවි වායුගෝලයට ඇතුළු වුනේ නැහැ. 2012 TC4 ලෙස නම් කර තිබූ එය හඳුනාගන තිබුනේද ඊට දින 8කට පෙරයි.

ඊටත් දින 5කට පෙර මීටර් 100ක් පමණ දිග 2012 TV නම්වූ ග්‍රාහකයද ඇදී ගියේ චන්ද්‍රයා හා පෘතුවිය අතරිනි.

පෙරේදා රාත්‍රියේ කැමරාවේ සටගන්වූ විශාල උල්කාවේ ජායාරූප හා වීඩියෝ පහතින්.

පළමු වීඩියෝව සටහන්වූ කැමරාව මඳක් ඇලවී තිබී ඇත.




මෙය තවත් ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුනේ මෙලෙසින්.




















-





Source: http://www.gossip9.com/2012/10/blog-post_20.html#ixzz29qSViUlo

Share this article with your friends