Chitika Smowtion 468x60


Saturday, October 20, 2012

රට බේරගන්න පහලවූ දියසෙන් කුමරු ජනපති බව සුමනදාස අබේගුණවර්ධන සොයා ගනී!


"රටේ ඉදිරි දවස් 2,500 ගැන මටනම් හිතාගන්නවත් බෑ.සමෘද්ධිමත් වෙනවා"

වර්තමානයේ ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතායි.

මෙම සති අන්තයේ පුවත්පතකට අදහස් දැක්වූ සුමනදාස අබේගුණවර්ධන මහතා ඔහුගේ නවතම සොයාගැනීමක් පිලිබඳ හෙලිදරව්කොට ඇත. එනම් පොත්පත් වල තිබු කරුණු අනුව යමින් දියසේන කුමරු ගැන සොයාබැලු විට ඔහුට දැනගැනීමට හැකිවී තිබෙන්නේ වත්මන් ජනපතිවරයා පහලවූ දියසෙන් කුමරු බවයි.

දියසෙන් කුමරු ඉපදුනු ප්‍රදේශයත් දේහ ලක්ෂනත් සියල්ල දියසෙන කුමරු පිලිබඳ කියවී තිබෙන තොරතුරු වලට සමාන බව ඔහු පුවත්පතට අදහස් පලකොට තිබෙනවා.

ඔහු පුවත්පතට දැක්වූ අදහස් පහතින් බලන්න

රාජපක්ෂ පවුලත් ඔබගේ පවුලත් අතර අතීතයේ ඉඳල සම්බන්ධකම් තිබුනාද ?
ඒ කාලේ කොහොමහරි මගේ පියා මහින්ද මහත්තයගෙයි, මගෙයි හඳහන් දෙකම ඉන්දියාවට ගෙනිහිල්ල බලවලා තියනවා. මහින්ද මහත්තයාගේ හඳහන බලපු ජ්‍යොතිෂ්‍යවේදියාගේ ඇස් උඩ ගියාලු. එයා කියල තියනවා මේක බොහොම බලගතු කේන්දරයක්, කවද හරි රටේ නායකයා වෙනවා කියල. 


මේ වෙලාවේ තව එකක් කියන්න ඕන, දැනට අවුරුදු 40 කට පෙර මගේ තාත්ත කිව්වා රට බේරා ගන්න පහළවෙන දියසෙන් කුමාරයෙකු පිළිබඳව. මම ඇහුව තාත්තාගෙන් කවුද මේ දියසෙන් කුමාරයා කියල. තාත්ත කිව්වා ඒ වෙන කවුරුවත් නෙවෙයි ඩී. ඒ. රාජපක්ෂ මහත්තයාගේ තුන්වැනි පුත්‍රයාය කියල. තාත්තට ඒ ගැන ලොකු විශ්වාසයක් තිබුන.

2005 මැතිවරණයේදී ඔබ කිව්ව අනාවැකිය හරියටම වැඩ කලා. 
අපේ ජනාධිපතිතුමාගේ කේන්දරේ බොහොම බලගතුයි. කේන්ද්‍රය වගේම ක්‍රියාකලාපය දේශපාලනය සියල්ලටම මම අවධානය යොමු කරනවා. යම් දෙයක් කියන්න ඉස්සෙල්ල මම ජනාධිපතිතුන්මාගේ කේන්ද්‍රය විතරක් නෙවෙයි දේශපාලන හස්ත රේඛා ක්‍රියා කලාප සියල්ල පරීක්ෂා කළා. අනාවැකියක් කීමේදී කෙනෙකුගේ ක්‍රියා කලාපයන් හරි වැදගත්. 


දැන් බලන්න කේන්දරේ රාජ යෝගයත් තිබුනත් උදේ ඉඳන් හැන්දෑ වෙනතුරු නිදාගන්න මිනිහෙකුට ඒක සාර්ථක කරගන්න බෑනේ. මම මේක කියනකොටත් එතුමා මේ ගමන හුගක් දුර ගිහිල්ල. දැන් අපේ රටේ ජනතාව හිතාගෙන ඉන්නේ යුද්දේ ඉවර වුනානේ දැන් එතුමාගේ කාර්ය භාරය ඉවරයි කියලා. නෑ . එතුමාගේ කාර්ය භාරය හොඳ හරිය තියෙන්න ඉස්සරහට.

ඔබ ඔය කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තය තව කාලයක් බලයේ ඉන්නවා කියන එකද? 
ඔව්. මම මේ කියන්නේ යන්නේ විශේෂ දෙයක්. එතුමාට පැවරුණු කාර්යභාරයක් තියෙනවා. දියසෙන් කුමාරයා ගැන අපේ තාත්ත කිව්වාම මට ඒ තරම් අවබෝධයක් තිබුනේ නැහැ. මම ඒ ගැන ඊට පස්සේ හොයා බැලුවා. පැරණි පොතපතේ තියනව මේ රට බේරගන්න දියසෙන් කුමරු ඉපදෙන්නේ දෙවුන්දරතුදුවට ආසන්නවම කියලා. 


දියසෙන් කුමාරයා මේ රට සමෘද්ධිමත් රටක් කරනවා.. දැන් මෙතුමා ඉපදිලා තියෙන්නේ මැදමුලනේ නෙමෙයි. ඉපදිලා තියෙන්නේ මාතර ආරෝග්‍යශාලාවක. ඒ වගේ සදහන් සියලු දේහ ලක්ෂනත් කතාවත් හරි. ගියමාසේ 25 තමයි මේ රජයේ දවස් 2500 සම්පුර්ණ වුනේ . ඉදිරි දවස් 2500 වෙනකොට මේ රටේ තත්ත්වය ගැන නම් මට හිතාගන්න බෑ. මේ සංවර්ධන කටයුතුවල ප්‍රතිලාභ මිනිසුන්ට ලැබෙනවා. රට සමෘද්ධිමත් වෙනවා.

මේ වෙනකොට විපක්ෂය කඩා වැටිලා, භේද බින්න වෙලා විපක්ෂය පැත්තෙන් දියසෙන් කුමරු බිහිවන ලකුණු පෙනෙන බලගතු කේන්දර එහෙම අතට ලැබුනේ නැද්ද? 
මම යු.එන්.පී එකට හරිම ආදරෙයි. අදටත් මම කැමති කොළ පාටට. මම ඊයේ පෙරේද ටී ෂර්ට් තුනහතරක් ගත්ත. එකත් කොළ පාට. මම හැන්දෑවට අදින්නෙම කොළ පාට. එක්සත් ජාතික පක්ෂය ප්‍රබල තැනකට එනවා නම් එකට වඩාත්ම කැමති පුද්ගලයා මේ සුමනදාස අබේගුණවර්ධන. නමුත් මට එහෙම එකක් පෙන්නේ නැහැ. 


දකුණු ආසියාවේ ප්‍රථම හා එකම ජ්‍යොතිෂ්‍ය පාසල ගාල්ලේ ඉදිකරන්න මා සැලසුම් කරලා තියනවා. ඒක ජනවාරි මාසයේ ආරම්භ කරනවා. පුංචි වැඩක් නෙමෙයි. ලෝකේ හැම භාෂාවකින්ම තියෙන ජ්‍යොතිෂ්‍ය පොත්පත් එහි තියේවි. මගේ ඊළඟ උපන්දිනේට ඒක විවෘත කරනවා අතිගරු ජනාධිපති තුමා අතින්.








Source: http://www.gossip9.com/2012/10/blog-post_8982.html#ixzz29qUICjjM

Share this article with your friends