Chitika Smowtion 468x60


Saturday, October 6, 2012

සෝභිත උසාවියට ආ හැටි


රුවන්වැල්ලේ සෝභිත නමින් ප්‍රසිද්ධව සිටි අන්කොක්කාවල සුනිල් කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත වසර 20ක සිර දඬුවමක් කෑගල්ල මහාධිකරණය මඟින් නියම කර තිබෙන බව ඊයේ දිනයේ අප ලිපියක් මගින් හෙළිකරනු ලැබුවා.

සෝභිතගේ චරිතය පිලිබඳ මෙයට පෙර ලිපි ගණනාවක් අප විසින් පලකෙරු අතර අවසානයේ ඔහුගේ වැරදි වලට යුක්තිය ඉටුවිය.

බොහෝ දෙනෙක් සෝභිත ගේ රුව දැක තිබුනේ සෝභිත හිමි නමක් වශයෙන් සිටි කාලයේ වන අතර මෑත කාලයේ ඔහු ගිහියෙකු බවට පත්වුයේ ඔහුට පැන නැගුන ජනතා විරෝධය හේතුවෙනි.

සිවුරු හරි සෝභිත කලිසමකින් හා කමිසයකින් සැරසී උසාවියට පැමිණ සිටි අතර ඔහු කොන්ඩයද වවා තිබුනා.විසි වසරක සිර දඬුවම නියමවිමෙන් අනතුරුව උසාවියෙන් පිටතට පැමිණි සෝභිත දෑත ඔසවමින් උසාවි භුමියේ සිටි පිරිසට ආචාර කිරීමටද අමතක කලේ නැහැ.


ලැජ්ජා නැති ස්වර්ණවාහිනිය 

රුවන්වැල්ලේ සෝභිත නම් වංචනිකයා මෙයට පෙරද සිය සියලුම ප්‍රචාරක වැඩකටයුතු කලේ ස්වර්ණවාහිනිය අතර හරහා වන අතර ආන්දෝලනයට පත් සිදුවීමක් සිදුවීමෙන් පසුවත් ස්වර්ණවාහිනිය ඔහුගේ දැන්වීම් විකාශයට බාරගෙන ඒවා ප්‍රසිද්ධ කළේය.

නමුත් 
පසුගියදා රාත්‍රී පුවත් විකාශය තුලින් කිසිවක් නොදන්නවුන් සේ එම කතාවද නාට්‍යයක් මෙන් මවා පෙන්වුයේ හිරිකිතයකින් තොරවය. සෝභිතට සිර දඬුවම් ලැබුනේ තරුණියක් කෙලෙසීම හේතුවෙන් වන අතර ඔහුට එවැනි චෝදනා විශාල ප්‍රමාණයක් ඇත.

ඒවාට සහයෝගය ලබාදෙමින් සෝභිතට ප්‍රසිද්ධියක් ලබාදුන් ස්වර්ණවාහිනියද එම වගකීමෙන් කොටසක් බාරගත යුතුය.

සෝභිත උසාවියෙන් පිටතට පැමිණි අයුරු 




සෝභිතගේ දැන්වීම් ස්වර්ණවාහිනිය පලකල අයුරු 



සෝභිතගේ සිර දඬුවම ගැන ස්වර්ණවාහිනිය පල කල අයුරු 







Source: http://www.gossip9.com/2012/10/blog-post_4629.html#ixzz28R7Ao266

Share this article with your friends