Chitika Smowtion 468x60


Wednesday, October 24, 2012

වී කුරුල්ලන්ගේ, මාල ගිරවුන්ගේ නිදහස අහිමි කිරීමට යයි




1937 වසරේ පළමුව නීතිගත වූ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අවස්ථා අටක දී සංශෝධනය වීමෙන් පසු මේ වන විට බොහෝ වනජීවීන් ගේ රැකවරණය සැලසී ඇත.

අවසන් වරට සංශෝධිත 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මඟින් සත්ත්ව වර්ග රාශියක් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇත.

ආඥා පනතේ 49 වන වගන්තිය යටතේ වී කුරුල්ලන්, රෑන ගිරවුන් හා මාල ගිරවුන් ආරක්ෂිත සතුන් වන නිසා එම පක්‍ෂියකු මරණයට පත් කිරීම, එම පක්‍ෂියාට තුවාල සිදු කිරීම, හානි සිදු කිරීම, යම් පක්‍ෂියකු ගේ බිත්තර හෝ කූඩුව ගැනීම හෝ විනාශ කිරීම, ස්වාභාවික පරිසරයෙන් අල්ලා විකිණීම, විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම හා ප‍්‍රවාහනය කිරීම වරදක්‌ බවට පත් කර තිබේ.

එමෙන්ම එවැනි යම් පක්‍ෂියකු අල්ලා ගැනීමේ හෝ කාර්යය සඳහා යම් බෝට්‌ටුවක්‌, යම් ලාටු වර්ගයක්‌, මළ පුඩුවක්‌, දැලක්‌, උල්කටුවක්‌, උගුලක්‌, තුවක්‌කුවක්‌, පොල්ලක්‌, ලනුවක්‌, යම් උපරකණ සහිත කොක්‌කක්‌, ඇමක්‌, යම් ආකාරයක පුපුරන ද්‍රව්‍යයක්‌ හෝ වෙනත් උපකරණයක්‌ හෝ පාවිච්චි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

නමුත් ගොවිජනසේවා හා වනජීවී අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති එස් එම් චන්ද්‍රසේන ගේ උපදෙස් මත එම අමාත්‍යංශයේ ලේකම් උදේනි වික‍්‍රමසිංහ මහතා විසින් ඉහත වැටලීම් වහාම ක‍්‍රියාත්මක වන පරිදි නතර කර තිබේ.

2012.10.11 වන දින හා අංක 05/WL/45 දරන ලිපිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති ක‍්‍රියාත්මක කිරීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චාන්දනී විල්සන් මහත්මිය වෙත යොමු කරමින් ඉහත දැනුම්දීම සිදු කර ඇත.

මේ අනුව ඉදිරියේදී වී කුරුල්ලන් (Spotted Munia), පිට සුදු වී කුරුල්ලන් (Whitebacked Munia), රෑන ගිරවුන් (Rose ringed parakeet) හා මාල ගිරවුන් ස්වාභාවික පරිසරයෙන් අල්ලා වෙළෙඳාම සඳහා යොදා ගැනුනද නීතිය ක්‍රියාත්මක නොවේ. මෙය එම පරිසරයේ සමතුලිතතාවය බිදීයාමට හේතුවක් විය හැකිය.

එම කුරුල්ලන්ට තමන්ගේ ස්වභාවික පරිසරය තුළ වාසය කිරීමට ඇති නිදහස අහිමි කිරීම අපරාධයකි.

මෙතෙක් කල් ඉහත කුරුල්ලන්ගේ පැවැත්මට හානි කරන පුද්ගලයකුට රු.20,000කට නොඅඩු හෝ රු.50,000 කට නොවැඩි දඩයක් හෝ අවුරුදු දෙකකට අඩු නොවන හෝ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා වූ බන්ධනාගාර ගත කිරීමක් හෝ ඒ දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකටම හෝ යටත් විය යුතු බවට නීති තිබුණි

සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත පිළිබඳව විස්තරයක් මෙතනින්.

එම නියෝගය සහිත ලිපිය පහතින්.


ලිපිය විශාල කර බැලීමට මෙතනින්.






Source: http://www.gossip9.com/2012/10/blog-post_3217.html#ixzz2AE0cLQ8h

Share this article with your friends