Chitika Smowtion 468x60


Thursday, November 15, 2012

අඳ ගොලු බිහිරි දැරියන්ට අතවර කළ අර්ධ අඳ ගුරුන් රිමාන්ඩ්




අනුරාධපුර පිහිටි අඳ ගොළු බිහිරි පාසලේ ඉගෙනුම ලබන අවුරුදු 7, 10, 12, 14 වයස් කාණ්ඩවලට අයත් සිසුවියන් හතර දෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට අද (14) ඉදිරිපත් කළ අර්ධ අඳ ගුරුවරුවන් දෙදෙනකු මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය . 2010 වසරේ සිට මෙම ළමුන් සිව් දෙනා අතවරවලට ලක් වී ඇත.
එක් ළමයෙක් බ්‍රේල් ක්‍රමයට ලියා මෙම සිද්ධිය ගැන එහි පාලන අධිකාරියට දැනුම් දී ඇත. අනතුරුව පාලනාධිකාරිය මෙම සිද්ධිය පිළිබඳ වහාම අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යංශය විසින් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ අර්ධ අඳ ගුරුවරුන් වන මහඉලුප්පල්ලම, පුලියන්කුළමේ පදිංචි කීර්ති බණ්ඩාර (40) සහ එල්.22 පණ්ඩුලගම,අනුරාධපුරයේ පදිංචි එස්.එන්.ජී.ඩී උපාලි චන්ද්‍රසිරි (56) නැමැති දෙදෙනාය. චන්ද්‍රසිරි නැමැත්තා තව නොබෝ දිනකින් විශ්‍රාම ලැබීමට නියමිතව සිට ඇත.

- බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර




Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=4083:2012-11-14-09-29-11&catid=34:news&Itemid=62

Share this article with your friends