Chitika Smowtion 468x60


Friday, January 25, 2013

නෙහාරා - මේනක විවාහයට සුදානම් වෙයි (Nehara & Menaka getting ready to be married)


නෙහාරා හා මේනක ගේ මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ පෙම් කතාව සති අන්ත පුවත්පතකට ප්‍රසිද්ධ කොට තිබෙනවා. 

මෙය මෙතෙක් කලක් මාධ්‍යයෙන් වසන් කලත් මේනක රාජපක්ෂ සිය දික්කසාදය ගත්තේද මෙම අරමුණෙන් බව 
අප විසින් මෙයට පෙර හෙළිදරව් කරනු ලැබුණි. 

පසුගිය කාලයේ මාධ්‍යයට දිවා රෑ නොබලා තමාත් මේනකත් අතර සම්බන්ධයක් නොමැති බව කියූ නෙහාරා එම මුවෙන්ම පහත වදන් ලිස්සා හැර තිබුනේ කිසිවක් නොදන්නා කෙනෙකු මෙනි.

නෙහාරා හොර රහසේම මේනකට ආදරය කරනවා කියන්නේ ?
අනේ නැහැ..මම හිතන්නේ මුළු ලංකාවම විතරක් නෙවෙයි ලෝකයම දන්නවා අපි දෙන්න සැබෑවටම ආදරය කරනවා කියා.විදෙස්ගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් පවා දන්නවා. මම හිතන්නේ ඒක රහසක් නෙවෙයි.

මේනක පිළිබඳව නෙහාරගේ අදහස 


පොලවේ පයගහල ජිවත්වන කෙනෙක්.හැමදෙයකටම පුදුමාකාර ඉවසීමක් සහ පුළුල් විදියට හිතන කෙනෙක්.හැමෝටම පුළුවන් විදියට උදව් කරන කෙනක්.කිසිම සීමාවක් නැතුව ආදරය කරන කෙනක්. මට වචන නැහැ ඒ ගැන කියන්න

මේනක නෙහාරා ගැන පවසන්නේ මෙවැන්නක් 
නෙහාරා සීමාවක් නැතුව ආදරය කරන කෙනක්.ඇය තුල හැමදේටම සීමාවක් නැහැ
නෙහාරගේ ආදරය ලබන්න තරම් මම වාසනාවන්තයි.

පුංචි තිරයේ වැඩියෙන්ම පෙම් කරලා තියෙන්නේ 
නෙහාරට

සැබෑවට ?
සැබෑවටත් නෙහාරට තමයි 


නෙහාරාගේ "බබා" කතා 

2011 සැප්තැම්බර් - හිරු ගුවන් විදුලියට ලබාදුන් සාකච්චාවක් 
එතකොට මේනකත් එක්ක තියෙන සම්බන්ධකම මොකක් ද ? 
මායි මේනකයි යාළුවෝ විතරයි. මේ දවස්වල මං මොනව කළත් ඒක වැරදියටමයි පෙන්නේ. මේනකත් එක්ක මගේ මුකුත් සම්බන්ධයක් නැහැ


විවාහය දෙදරීමට ප්‍රථම නෙහාරගේ අදහස් 

කොහොමද විවාහ ජීවිතේ?
ඉතාම සතුටින්, සැහැල්ලුවෙන් විවාහ ජීවිතේ ගෙවනව. මම අම්ම තාත්තා ළඟ ඉන්න කාලෙ මට ගොඩක් තහංචි තිබුණා. ඒ ඒගොල්ල මට ගොටක් ආදරේ නිසා. හැබැයි විවාහ වුණාට පස්සෙ මගෙ ආදරණීය සැමියා මට ගොඩක් නිදහස ලබා දීල තියෙනව.
මගෙ කලා කටයුතු වලදී මට වඩා උනන්දු වෙන්නෙ මගෙ සැමියා. මම සමහර වැඩ කරන්න බැහැ කිව්වම ඔයාට ඒක කරන්න පුළුවනි කියල මාව දිරිමත් කරන්නෙ මගෙ සැමිය. විවාහ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව තමයි මවක් වීම. හැබැයි ඒකට තව ගොඩක් කල් තියෙනව.

කට කතාවලට ඔබ බයද? 

ජනප්‍රිය පුද්ගලයින්ට අනිවාර්යයෙන් ම කට කතා හැදෙනව. මටත් ඕන තරම් කට කතා හැදිල තියෙනව. මම ඒවයින් සැලුනෙ නෑ; දිරිමත් වුණා.  





Source - http://www.gossip9.com/2013/01/blog-post_1158.html

Share this article with your friends