Chitika Smowtion 468x60


Friday, January 25, 2013

මුස්ලිම් ප්‍රජාවට එරෙහි පීඩා සොයන්න ජනපතිගෙන් කමිටුවක්

මෑත කාලයේදී ශ්‍රී ලංකා‍වේ මුස්ලිම් ජනයාට එල්ලවන විවිධ අපහාස හා ගැටලු පිළිබඳව සේවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් අද නියෝග කර තිබෙනවා.

ඒ මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් අද අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවී කළ දැනුම් දීමකට අනුවය.

එම පිරිසට අමාත්‍ය රාවු‍ෆ් හකීම්, හිස්බුල්ලා, අස්වර්, අතාවුල්ලා, ෆයිසල් කාසිම්, අබ්දුල් කාදර් හා අධිකරණයට ගල් ගැසූ රිෂාද් බදියුදීන් යන මැති ඇමතිවරුන් සහභාගී වී තිබෙනවා.



වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එලෙස උපදෙස් දී තිබෙන්නේ කථානායක චමල් රාජපක්ෂ හා සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාටය.

මෙම හමුවට අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩියු ගුණසේකර, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායකද සහභාගී වීඉ තිබේ.

"බොදු බල සේනා" සංවිධානය විසින් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ගැටුම් සහගත තත්ත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන්වූ බව කියැවෙයි.




Source - http://www.gossip9.com/2013/01/blog-post_2536.html

Share this article with your friends