Chitika Smowtion 468x60


Thursday, January 31, 2013

අපි තවම බැන්දේ නෑ - නෙහාරා (We are not married, yet - Nehara)

මේනක හා නෙහාරා විවාහ ගිවිසගෙන තිබෙන පුවතක් පසුගියදා අප ඔබට ගෙන ආවා.

නමුත් ඔවුන් දෙදෙනා පවසන්නේ තවමත් ඔවුන් විවාහ ගිවිසගෙන නොමැති බවයි.

ඒ පිලිබඳවත්, එම පුවත පිළිබඳ වෙබ් අඩවි වල පලවන ප්‍රතිචාර සම්බන්ධවත් නෙහාරා පුවත්පතකට අදහස් දක්වා තිබෙන්නේ මෙලෙසින්.


ඔබ නෙහාරා සමග විවාහ ගිවිසගත් බවට ආරංචියක් මේ දිනවල පැතිරෙනවා. එය ඇත්තක්ද ?

නැහැ. ඒක බොරු කතාවක් අපි තවමත් විවාහ ගිවිස ගෙන නැහැ.

නමුත් ඔබත් නෙහාරත් පසුගිය දිනෙක විවාහ ගිවිස ගත්බව ඇතැම් මාධ්‍යයන්හි පළකොට තිබුණා?

ඒකෙ ඇත්ත කතාව මේකයි. මගේ අම්මාගේ 60 වැනි උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 25 වැනිදාටයි. අම්මාගේ උපන්දිනය සැමරීමට හෝටලයක් තෝරාගන්න මමත් නෙහාරත් මගේ සහෝදරියත් හෝටල් සොයමින් ගියා. ඒ දිනවල අපි ඒ සාදයට සූදානම් වෙමින් හිටියේ. මම හිතන්නේ, ඒ උපන්දින සාදයට වුණු සුදානම දැකපු කෙනෙක් ලබාදීපු වැරදි තොරතුරක් තමයි, මමත් නෙහාරත් විවාහ ගිවිස ගත්තා කියන ආරංචිය තටුගසා පැතිර ගොස් තිබෙන්නේ.

මෙවැනිදේ මාධ්‍ය මගින් ප්‍රචාරය වන්නේ ඔබ වැනි අය සත්‍ය තොරතුරු මාධ්‍යයට හෙළි නොකරන නිසා නේද ?


ඇත්තටම යම් මාධ්‍යයක් යම් ප්‍රවෘත්තියක් පළකරනවා නම්, ඒ පුවතේ සත්‍ය අසත්‍යතාවය හරිහැටි සොයාබැලීමෙන් පසුවයි එය පළකළ යුත්තේ. මාධ්‍යවලින් මේ වගේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නිසා, රටේ ප්‍රසිද්ධ චරිත විදියට අපිට බොහෝ අපහසුතාවයන්ට මුහුණදෙන්න සිදුවනවා. නමුත් මේ වගේ අසත්‍ය තොරතුරු පළකරන විට ඒ මාධ්‍ය ආයතන ඒවායින් අපට වන හානිය ගැන හිතන්නේ නැහැ.

මේ වගේ දේවල් පළකරන වෙබ් අඩවි ගැන නම් කතා කරලත් වැඩක් නැහැ. මොකද, තමන්ට යම් දෙයක් ආරංචි වුණාම ඒ වබේ අඩවි පවත්වාගෙන යන අය ඒවා පළකරනවා මිස ඒවායේ ඇත්ත නැත්ත හොයලා බලන්නේ නැහැනේ. ඒ වබේ අඩවිවල පළකරන ප්‍රතිචාර (comments) වලින්ම තේරෙනවා, ඒවා නරඹන අයගේ මානසික තත්ත්වය මොනවාගේද කියලා.

කොහොමවුණත්, ඔබත් නෙහාරාත් ඉදිරියේදී විවාහවීමට බලා‍පොරොත්තුවෙන් සිටින බව ඇත්ත නේද ?

ඔව්. අපි දෙන්නා පෙම්වතුන් බව දැන් අපි මාධ්‍යයටත් හෙළිකරලයි තියෙන්නේ. අපිට හැමදාම පෙම්වතුන් විදියටම ඉන්න බැහැ. අපි දෙදෙනා කවදා හෝ විවාහ ජිවිතයට ඇතුළත් විය යුතුයි.

ඒ ආරංචිය ළඟදීම අසන්නට ලැබේවිද ?


අපේ විවාහය කවදා සිදුකෙරෙයිද කියලා මට තවම හරියට කියන්න බැහැ. අපි ඒ ගැන හොඳට සැලසුම් කරලා, සුදුසුයි කියලා හිතෙන කාලයක අපි විවාහ දිවියට ඇතුළත් වෙනවා. එදාට අපි අපේ විවාහය හොර රහසේ කරන්නේ නැහැ. මාධ්‍යයටත් ඒ ගැන දැනුම්දීලයි ඒ කටයුතු කරන්නේ.





Source - http://www.gossip9.com/2013/01/blog-post_31.html

Share this article with your friends