
Saturday, January 28, 2012
රටින් පැන්න මාධ්‍ය නඩය රටට එරෙහි කුමන්ත්රණයක

අද එල්ටීටීඊ සහායකයින් ලෙස මාධ්‍ය සංවිධාන වලට අවලාද නගන විජයානි එල්ටීටිඊයට බලය තිබූ සමයේ එහි ගජ මිතුරියක් විය. එහි ත්රිකුනාමලයේ නායක එලීලන්ගේ සමීප මිතුරියක වූ ප්රභාකරන් අබියස ආඩම්බරයෙන් ජායාරූපයකට පෙනී සිටින්නේ නිකමට ද?
CSN සමඟ තරඟ කිරීමට MTV අලුත් වෙයි
සිරස මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන Chanel One MTV නාලිකාව ඊයේ සිට නව මුහුණුවරකින් ප්‍රේක්ෂකයින් අතරට ගෙනඒමට ඔවුන් කටයුතු යොදා තිබූ බව වාර්තා වෙනවා.
ඒ අනුව ඊයේ සිට එම නාලිකාව MTV Sports ලෙස නම් කර තිබෙනවා.
දේශීය හා විදේශීය ක්‍රිඩා වැඩසටහන් සහ ක්‍රීඩා නාලිකාවන් මේ ඔස්සේ ගෙන ඒමට ඔවුන් බලාපොරොත්තු වන අතර එමඟින් CSN චැනලයට තරඟයක් දීමටද ඔවුන් බලාපොරොත්තු වෙනවා.
SECහි නව අධ්‍යක්ෂක ධුරයට දේශපාලන බලපෑම්
සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) අධ්‍යක්ෂක ජනරාල් ධූරයට නම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒවාගෙන් දැනට හර්ෂ ෆර්නෑන්දු හා නිශාන් සුමණධීර යන අයගේ නම් තෝරාගෙන ඇත. මෙහි හර්ෂ ෆර්නෑන්දු යන මොහු නීතිවේදියෙකු පමණක් වන අතර කොටස් වෙළඳ පල ගැන කිසිඳු ආකාරයක පළපුරුද්දක් නැති අයෙකි. නිශාන් සුමණධීර නීතීඥයෙකු , බැංකු කරුවෙකු , තැරුව්කාර සමාගම් දෙකක සභාපති ධූරය හෙබවූ අයෙකි.
දැනට කොටස් වෙළඳ පලේ කඩා වැටීම සම්බන්ධයෙන් මෙම තනතුරට පුද්ගලයෙකු ඒමට පමා වීමද බලපා ඇති අතර කොටස් වෙළඳ පොල තැරුව්කාර සමාගම් විසින් ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම තනතුරට මේ සම්බන්ධව දැනුමක් ඇති අයෙකු පත් කරන ලෙසටයි.
අධිවේගී මාර්ගයේ ආසන වෙන්කිරීමේ පහසුකම නවතා දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික මගී බස්රථ සේවාව අද (27) සිට ආරම්භ කෙරෙන වන බව වාර්තා වෙනවා. ඒ අනුව ප්‍රථමයෙන්ම පෞද්ගලික බස් රථ දෙකක් අද උදෑසන 9.00ට ධාවනය සඳහා එක් වුණා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් එම බස්රථ නියාමනය කරනු ලබන අතර මේ වන විට ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් බස්රථ 6 ක් ධාවනයට අනුමැතිය දී තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කෙරෙන ලංගම බස් සඳහා මගීන්ගෙන් අයකෙරෙන රුපියල් 400ක ගාස්තුවම පෞද්ගලික බස් රථ මගින් සදහාද අයකරනු ලබන බවයි වාර්තා වෙන්නේ.
ආසන වෙන්කිරීමේ පහසුකම නවතා දමයි
ශිහාන්ගේ Home Coming උත්සවයක් නෑ

පෙරේදා අතිනත ගත් ගීෂ්නි ක්ලමෙන්ටා සිල්වා සමඟ, අලුතින් මිලදී ගත් කඳානේ නව නිවසට ශිහාන් ඊයේම පැමිණ තිබෙනවා.
ඉන්පසු පවුලේ ඥාතීන් හා හිතමිතුරන් සඳහා සුහද සංග්‍රහයක් පවත්වා තිබෙනවා. මින් පසු ඔවුන් දෙදෙනා ජීවත් වන්නේ කඳානේ පිහිටි එම නව නිවසේයි.
ශිහාන් මිහිරංගගේ ගම වැලිවේරිය වන අතර ඔහු අධ්‍යාපනය ලැබුවේ කඳාන "දි මසනොඩ්" විද්‍යාලයෙනි. ඔහු විවාහ වූයේ එම පාසලේ කී‍්‍රඩාභාර ආචාර්යවරයා වන උපාලි සිල්වාගේ දියණිය සමඟයි.
Thursday, January 26, 2012
නෙළුම්දෙනියේ එකම තැන බවුසර් පෙරළේ

මෙහි විශේෂත්වය වන්නේ මෙම තෙල් බවුසර් දෙකම පෙරලී තිබෙන්නේ එකම ස්ථානයේ වීමයි.
පලමු බවුසරය පෙරලී තිබෙන්නේ ජනවාරි 4 වෙනිදා වන අතර දෙවන බවුසර පෙරලී තිබෙන්නේ ජනවාරි 24 වෙනිදාය
එම බවුසර් දෙකේ ජායාරූප පහතින්
Subscribe to:
Posts (Atom)


