Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

ශිහාන්ගේ Home Coming උත්සවයක් නෑ


පෙරේදා විවාහ දිවියට ඇතුලු වූ ශිහාන් මිහිරංගගේ නැවත ගෙදරට පැමිණීමේ උත්සවය අද තිබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියද එවැන්නක් නොමැති බවයි අප වෙත වාර්තා වෙන්නේ. 

පෙරේදා අතිනත ගත් ගීෂ්නි ක්ලමෙන්ටා සිල්වා සමඟ, අලුතින් මිලදී ගත් කඳානේ නව නිවසට ශිහාන් ඊයේම පැමිණ තිබෙනවා. 


ඉන්පසු පවුලේ ඥාතීන් හා හිතමිතුරන් සඳහා සුහද සංග්‍රහයක් පවත්වා තිබෙනවා. මින් පසු ඔවුන් දෙදෙනා ජීවත් වන්නේ කඳානේ පිහිටි එම නව නිවසේයි.

ශිහාන් මිහිරංගගේ ගම වැලිවේරිය වන අතර ඔහු අධ්‍යාපනය ලැබුවේ කඳාන "දි මසනොඩ්" විද්‍යාලයෙනි. ඔහු විවාහ වූයේ එම පාසලේ කී‍්‍රඩාභාර ආචාර්යවරයා වන උපාලි සිල්වාගේ දියණිය සමඟයි. 


එය ඔහු පාසැල් යන අවධියේ පටන් තිබූ වසර 9ක පෙම් සබඳතාවයකි. ඔහු විසින් ගැයූ "ක්ලේමෙන්ටිනා" ගීතය ඔහු ගයා ඇත්තේ ද ඇය වෙනුවෙනි.
පෙරේදා පැවති ශිහාන්ගේ විවාහ උත්සවය හැඳල, නායකකන්ද දෙව්මැදුරේදී ඉතාමත් චාම් ආකාරයට ගෙන තිබූ අතර මල් කුමාරියෝ හෝ මල් කුමාරයෝ නොවීම ද විශේෂත්වයක් වුණා. ඔවුන්ගේ විවාහ ලියාපදිංචිය සිදුකළේ නායකකන්ද දේවස්ථානයේ ශිරාන් නිලෝෂ දසා පියතුමන් විසිනි.

ශිහාන්ගේ පියා සංගීතය පිළිබඳ ඉංජිනේරුවෙක් වන අතර ඔහු සිටියේ බහරේන් වලයි. මව නිලූ මල්ලිකා ය. සහෝදරිය ශානිකා මිහිරාවි වන අතර ඇය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගනුම ලබන බව මීට පෙර වාර්තා වුනා.


ශිහාන් සිය බිරිඳ වෙනුවෙන් ගායනා කල "ක්ලේමෙන්ටිනා" ගීතය පහතින් 
 

ශිහාන් ගයන,ශිහාන්ගේ බිරිඳගේ ප්‍රියතම ගීතය වන "ඔය ඇස් දිහා බලන්" ගීතය පහතින්  







Source: http://www.gossip9.com/2012/01/home-coming.html#ixzz1kh2NnmeC

Share this article with your friends