Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

ප‍්‍රංශයේ ඓතිහාසික බැස්ටීලයේ දි ජෙනරාල් සරත් ෆොන්සේකාට නිදහස පතයි


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අධීක්ෂනය මත ගරු මහා ලේකම් තිස්ස අත්තනායක මහතාගේ දැනුම් දීමෙන් පසුගියදා පැරීසියේ එජාප ශාඛාවේ නිලධාරීන් විසින් සිර ගතකර සිටින හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා රණ විරුවාගේ මානව අයිතිය රැකදෙමින් නිදහස් කරන මෙන් ඉල්ලා කරන මහජන පෙත්සමට අත්සන් එකතු කළේය. සරත් ෆෝන්සේකා යන නම උච්චාරනය කිරීම පවා මරන බියක් සාමාන්‍ය ජනයා තුල ජනිත කර ඇති අද වැනි යුගයක; ඉහත පෙත්සම මගින් ඒ සදහා බොහෝ කරුනු රාශියක් සමාජයට දැන්වීම හා එම විෂය සම්බන්ධව මහජන හදගැස්ම අවබෝධ කර ගැනීමට හැකිවීම ඉතාමත් අගේ කොට සැලකිය යුතු වටිනා අවස්ථාවක් වුයේය.

ඒ අතරින් පැරීසියේ විවිධ ඓතිහාසික ස්ථාන මුල් කර ගනිමින් සති අන්තයන් හී දි මහජන පෙත්සමට අත්සන් එකතු කිරීමට ඉහත සංවිධායකයෝ පෙරමුන ගත්හ. ලෝක ප‍්‍රසිද්ධ අයිෆල් කුළුන, පුංචි යාපනය ලෙස හදුන්වන ලා චැෆල් ප‍්‍රදේශය, ලෝකයේ ලස්සනම මාවත ලෙස හැදින්වෙන ඇවනිව් ෂොම් සෙලිසේ යන ස්ථානයන් හී දී මෙම අත්සන් ව්‍යාපාරය ඉතාමත් උද්යෝගියෙන් සාර්ථක ලෙස දියත්විය. පසුගියදා එහි අවසන් අදියරට පැමිනෙමින් ලෝක ඉතිහාසයේ සදා අමරණීය ප‍්‍රංශ විප්ලවයේ ජයග‍්‍රහී ස්ථානය වු ඓතිහාසික බැස්ටීලයෙන් අවසන් කළේය.

17 වන සියවසේ ප‍්‍රංශයේ පාලකයා වු 16 වන ලූවී රජුගේ පීඩනයට නතුවෙමින් බඩගින්න උසුලා ගැනීමට නොහැකිව සිටි ප‍්‍රංශ ජනතාවට පාන් නැත්නම් කේක් කාපං යනුවෙන් අණ කල මාරි ඇන්ටොනියෙට් අග රැජිනිය අත් අඩංගුවට ගනිමින් මහජන ජයග‍්‍රහානය සනිටුහන් කළේ බැස්ටීලයේදීය. ප‍්‍රංශ විප්ලව ඉතිහාසයට එක්වී ඇති  ඓතිහාසික බැස්ටීලයේ සිර ගෙදර කඩා බිද දමා ආයුධ අත්පත් කර ගත් සිර කරුවන් මහජන රැල්ලට එකතුවී 1789 ජුලි 14වෙනි අගහරුවාදා මහජන නිදහස ලබා ගත් ජයග‍්‍රාහී ස්ථානය වන්නේ ඉහත සදහන් බැස්ටීලයේදීය. එබැවින් එම ස්ථානය වර්තමානයේද ජනතා නිදහස ලබා දුන් ඓතිහාසික ස්ථානයක් ලෙස සැමගේ ගෞරවයට පාත‍්‍ර ලෝක ප‍්‍රසිද්ධ ස්ථානයකි.

තිස් වසරක අන්තවාදි දෙමල ත‍්‍රස්තවාදයෙන් ලක් පොලොව බේරා දුන් ප‍්‍රධාන නියමුවන්ගෙන් වැඩි අගයක් හිමි හිටපු යුධ හමුදාාපති ජෙනරාල් සරත් ෆොන්සේකා රණ විරුවාගේ නිදහස පතා පැරීසියේ බැස්ටීලයේදි අවසන් වු මහජන අත්සන් පෙත්සම ඒ නයින් ඓතිහාසික විය. එදින සහභාගී වු ස්වදේශික හා විදේශිකයෝ කාගෙත් පැතුම වුයේ ද හදවතින්ම ඔහුගේ නිදහසය එම අත්සන් පෙත්සමට ජාති, ආගම්, පක්ෂ බේද වලින් තොරව අවංකවම එතුමා නිදහස් වියයුතු, නිදහස් කලයුතු රණ විරුවෙක් බව සහතික කිරීමට වැඩි මහජන කැමත්තක් එක්වු බව නම් අතිශෝක්තියක් නොවේ.

ඉහත ඓතිහාසික ස්ථානයෙන් අවසන් වු මහජන පෙත්සම එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එජාපය දියත් කර ඇති දැවැන්ත මහජන ඉල්ලීමට එකතු කිරීම සදහා පැරීසියේ එජාප සභාපති රොහාන් දයාදර මහතා විසින් එහි යුරෝපා සංවිධායක දයා රණතුංග මහතාට බාරදීමේ උත්සවයක් පසුගිය සති අන්තයේ පැවැත්වුනි. පැරිස් එජාප ශාඛාවේ නිලධාරීන්, සමාජිකයන්, සමාජ සේවකයන්, මිතුරන් විශාල පිරිසක් එකතු වු එම සභාව ඇමතු රොහාන් දයාදර මහතා; සෑම මොහොතකම යුධ බියෙන් හා මරන බියෙන් සිටි ලක්වැසියනට එම මරන බිය නැති කොට කෲර ත‍්‍රස්තවාදින් පරාජය කොට නිදහස ලබාදීමට ක‍්‍රියාකළ ප‍්‍රධාන රණශූරයෙක්වු ජෙනරාල් ෆොන්සේකා මහතාට නිදහස ලබා දීමට එකතුවීම අප කාගෙත් යුතු කමක් බව කිවේය. කෙලෙහි ගුන දන්නා ජාතියක් ලෙස අප විසින් කළ යුත්තේ එතුමාව නිදහස් කර ගැනීමට අවංකවම එක්වීම බවත් පසුගිය අදුරු අතීතයන් සියල්ල අමතක කොට වර්ථමානය ගැන සිතා ඔහු නිදහස් කර ගැනීම ජාතියේ යුතුකමක් බවද සභාවට දැන්වීය.

ජේ.ආර් ජයවර්ධන හිටපු ජනාධිපති තුමා සැන්ප‍්‍රැන්සිස්කෝ සමුළුවට සහභාගි වෙමින් වෛරයෙන් වෛරය නොසංසිදේ යන ධම්ම පද ගාථාවේ අරුත ලොවට පවසමින් එදා ජපානය ලෝකයා ඉදිරියේ බේරා ගැනීමට එතුමා දායක වු ආකාරයෙන්; අද ද එම ගාථාවේ අරුත ලක්වැසියන් හා ලෝකයා ඉදිරියෙත් වර්තමාන නායකත්වයට පෙන්වීමට අවස්ථාවක් ලැබී ඇති බවත්, ඒ නයින් ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමට මෙය හොදම අවස්ථාවක් බවත්, ලක් පොලොවේ වැඩි පිරිසකගේ බිය නිසා සැඟවී ඇති අවංක පැතුම එය බවත් එය පැරීසියේ දි හොදින් දැක ගැනීමට ලැබුනු බවත් යුරෝපා සංවිධායක දයා රණතුංග මහතා එදින සභාව අමතා පැවසීය. පැරීසියෙන් ඇරඹු මහජන ඉල්ලීලමට දායක වු සියලූම ශ්‍රී ලාංකිකයන්ටද ස්තුතිය පුද කරමින් අනෙක් විදේශ රටවල ඡීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ට ද ඒ සදහා කාරුනික ඉල්ලීමක් කල දයා රණතුංග මහතා මෙම මහජන පෙත්සම ශක්තිමත් කර තම ආදරණීය බිරිද, දරුවන් හා එක්වීමට එතුමාට නිදහස ලබා දීමට සියලූම ශ්‍රී ලාංකිකයන් ගේ සහයෝගය ලබාදෙන ලෙස ගෞරවනීය ඉල්ලීමක් ද කළේය. සභාවෙන් පසු පැමිනි සියල්ලෝ විනාඩි කිහිපයක් නිසල වෙමින් අපේ උතුම් මව් බිම බේරා ගැනීමට පෙරමුණ ගත් රණශූර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අශිර්වාද කොට එතුමාට හැකි ඉක්මනින් නිදහස ලැබේවායි පතමින් සභාව සමු ගත්තෝය.

- සුනිල් ආනන්ද පැරීසියේ සිට




Source : lankanewsweb.com

Share this article with your friends