Chitika Smowtion 468x60


Monday, September 10, 2012

මහත්වරුනි! මේ හෑල්ලු වන්නේ ජාතියේ අනාගතයයි!


මේ නිවී යන්නේ ප්‍රඥවේ මහා පහන් සිළුවයි!

එස් බී දිසානායක හා බන්ධුල ගුණවර්ධන යනු ලංකාවේ අධ්‍යාපනය කාබාසිනියාවී නැති භංගස්ථානවී ගියද ඉල්ලා අස්නොවී තම ඇමතිධුරය රැකගන්නා, රටේත් ජාතියේත් ලාංකික අධ්‍යාපනයේත්  අවාසනාවට ජාතකවූවන් දෙදෙනෙකි.

මෙම ඇමතිවරුන් දෙදෙනාගේ උද්දච්ජ ක්‍රියාකලාපයන් නිසා දිනෙන් දින අගාධයට වැටෙනා ලාංකික අධ්‍යාපනයේ වර්තමාන ඉරණම පැහැදිළි වන මෙම ලිපිය පසුගියදා දිවයින පුවත්පතේ පලවූවකි.

තවත් ලාංකික තරුණියක් ඉතාලියේ තරඟයක

2011 දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරඟයේ අවසන් වටයට පැමිණි උද්දිමා ඕෂධී ඉතාලියේ පැවති Miss Auto Tuning VI තරඟයේද අවසන් වටයට පැමිණියාය.

වෙරෝනා නුවර පදිංචි ඇය 2012 ඉතාලියේ ආධුනික සිනමා රු රැජින ලෙසින් කිරුළ පැළඳි බව වාර්තා වන අතර ප‍්‍රධාන පෙලේ මොටර් රථ සමාගම් කිහිපයක වෙළද දැන්වීම් සදහාද ඉදිරියේදී ඇය පෙනී සිටීමට නියමිතයි.

ඇගේ ඉතාලියේ පැවති අවසන් තරඟයේදී හා ලංකාවේදී ගත් ජායාරූප එකතුවක් පහතින්.









Sunday, September 9, 2012

මාලක සිල්වා යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයකුට පහරදෙයි

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ හිටපු අමාත්‍ය මනෝ විජේරත්නගේ පුත්‍රයකු ඇතුළු පස් දෙනෙක් විසින් අද අළුයම යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දී තිබෙනවා.

මෙම පහරදීම සිදු වී ඇත්තේ ජයික්හිල්ටන් හෝටලයට අයත් රථ ගාලේදී වන අතර මේජර්වරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පනාගොඩ යුධ හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන ශ්‍රී ප්‍රදීප් නම් වන ඔහු මේ වනවිට හිසට සිදු වූ තුවාල හේතුවෙන් සැත්කමකට භාජනය කිරිම සඳහා ශල්‍යාගාරය වෙත රැගෙන ගොස් ඇත.

පෙම්වතුන් 900ක් සමග යහන්ගතවී විවාහ වීමට අලුත් පෙම්වතෙකු සොයයි



විනෝදකාමි ජිවීතයෙන් මා සමුගන්නවා..

වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ තරුණියක ගැන ඵංගලන්තයෙන් වර්තා වේ.ඇය නමින් වික්ටෝරියා බෙටරිජ් නම් එම තරුණියයි. නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත සමග තම ජිවීත කතාව කියමින් එම පාපෝච්චාරණය කළාය.

විකෘති කාමාශාවන් නිසා ලාබාල අනියම් බිරිද අතින් මැරුම් කෑ නීතිඥයා

හෝකන්දර ජයගත් මාවතේ පිහිටි නිවසකදී 67 හැවිරිදි නීතිඥවරයකුට මිටියකින් හිසට පහරදී ඝාතනය කළ බව කියන ඔහුගේ 21 හැවිරිදි අනියම් බිරිඳ අතුරුගිරිය පොලිසිය මගින් ඊයේ (07 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ අලුයම 2.30 ට පමණ මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ නීතිඥවරයකු වූ විල්සන් ජයවර්ධන නමැති අයයි. තම සැමියා විකෘති කාමාශාවන්ගෙන් පෙළෙන්නකු බවත් ඔහුගෙන් විඳින්නට සිදුවූ වධ වේදනාවන් උහුලාගත නොහැකිව මෙසේ මරා දැමූ බවත් සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ. ඝාතනයට ලක්‌වූ නීතිඥයා සිය සැමියා බව ඇය පැවැසුවද සැකකාර කාන්තාවට ඒ බව ඔප්පු කිරීමට කිසිදු සාක්‌ෂියක්‌ නොමැති බව පොලිසිය පවසයි.

ඇමති මාරුවක් අත ලඟයි - සුමනදාස

වර්තමානයේ ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතායි.

පසුගිය මාර්තු මාසයේ පැවති පුවත්පත් සාකච්චාවකදී ඔහු පවසා සිටියේ ඒ දිනවල ගෙවෙන්නේ ඔහුගේ අවසාන කාලය බවත්, ලංකාවේ ඉහලම වෛද්‍යවරු විසින් එය තීරණය කර තිබෙන බවත්ය.

එබැවින් ඊලඟ රාජපක්ෂ නායකයාට නැකත් හැදීමේ පින්බර අවස්ථාවට පෙර තමා මියයන බවත්, ඒ පැවැත්වූයේ ඔහුගේ අවසන් පුවත්පත් සාකච්ජාව වීමට හැකි බවත් පවසා සිටියද පසුගියදා ඔහු ජාතික ඉතිරිකිරීමේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වී නැවතත් එම තනතුරද භාරගනු ලැබුවා.

උතුරුමැද හා සබරගමුව ආසන සියල්ලම එජනිස දිනයි

නැඟෙනහිර පලාතේ - කල්කුඩා, අම්පාර, සේරුවිල පමණක් එජනිස ට ජය.

මඩකලපුව, පදිරිප්පු, ත්‍රීකුණාමලය, මුතූර්, සමන්තුරේ, කල්මුනේ, පොතුවිල් එජනිස ට අහිමිවෙයි.

නමුත් නැගෙනහිර පලාතේ සමස්ථ ජයග්‍රහණය එජනිස ට
ජවිපෙ ට අනුරාධපුරයෙන් ආසනයක්
විමල් වීරවංශටත් ත්‍රීකුණාමලයෙන් ආසනයක්


අද දින සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර යන පළාත් සභා සඳහා පැවති මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශ කිරීම 50-60% මට්ටමක පැවතුනා.

මේ වනවිට ආසන මට්ටමින් ප්‍රතිපල නිකුත්වී තිබෙන අතර දැනට නිකුත්වී ඇති මඩකලපුව, පදිරිප්පු, ත්‍රීකුණාමලය, මුතූරු, සමන්තිරේ, කල්මුනේ, පොතුවිල් හැර අනෙක් ආසන සියල්ලම එක්සත් ජනතා නිදහස් සංධානය ජයග්‍රහණය කර තිබෙනවා.


ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්නගේ පුතා වන පරාක්‍රම ආතාවුද මෙවර ජන්දයට ඉදිරිපත්වූ නිසා අමාත්‍යවරයා විසින් කෑගල්ල බාලිකා විද්‍යාලයේ ජන්දගණන් කිරීමේ මධ්‍යස්ථානයට නීතිවිරෝධී අයුරින් ඇතුල්වීම නිසා ඔහු එම භූමියෙන් ඉවත්කර තිබෙනවා.

හොල්මන් ඡායාරූපකරණ මිත්‍යාවෙන් ඔබ්බට (දෙවන කොටස)


පසුගියදා ‘හොල්මන් ඡායාරූපකරණ මිත්‍යාවෙන් ඔබ්බට’නම් ලිපියක් මගින් ජායාරුප තුලින් මතුවූ අත්භූත තත්වයන් නිර්මාණය වූ ආකාරය ප්‍රවීන ජායාරුප ශිල්පි ඉන්ද්‍රනාත තේනුවර මහතාගේ විග්‍රහයන් ඇසුරින් පැහැදිලි කරනු ලැබුවා.

නමුත් දිවයින පුවත්පතේ පළවූ "හොල්මන් ජායාරුපය" පිලිබඳ සම්පුර්ණ විග්‍රහය එහිදී පල නොවූ අතර එම හේතුවෙන් එම ලිපියට පිළිතුරු ලිපි අප වෙත ලැබුනේ එම ජායාරුපය ව්‍යාජ එකක් බව සනාථ කරමින්.

අපගේ ඉල්ලීමකට අනුව දිවයින පුවත්පතට සැපයු "හොල්මන් ජායාරුපය" පිලිබඳ සම්පුර්ණ විග්‍රහය ඉන්ද්‍රනාත් තේනුවර මහතා විසින් අප වෙත ලබාදී ඇති අතර පහතින් පලවන්නේ පසුගිය ලිපියේ පල නොවූ කොටසය.

Share this article with your friends