
මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ආයූර්වේද ඖෂධයක් තමන් සොයා ගත් බවත්, මේ වනවිට ඉන් ඩෙංගු රෝගීන් සියයක පමණ පිරිසක් සුවපත් කර ඇති බවත් සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසයි. ඩෙංගු රෝගය සඳහා ඖෂධයක් සොයමින් ඇය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ වෛද්‍ය සිසුවියක් හැටියට සිටි කාලයේ දීය. ගෙවත්තේ වැවෙන ඖෂධ ශාඛ වියලා කුඩුකර මෙම ඖෂධය සාදා ඇත. ඩෙංගු රෝගීන් බවට හඳුනා ගන්නා ඕනෑම ඩෙංගු රෝගියෙකුට තමන් නොමිලයේ ප්‍රතිකාර ලබා දෙන බව ඇය සඳහන් කරයි.






