Chitika Smowtion 468x60


Monday, November 12, 2012

දවස් දෙකෙන් ඩෙංගු ‍හොඳ කරන බේතක් සොයා ගනී




මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ආයූර්වේද ඖෂධයක් තමන් සොයා ගත් බවත්, මේ වනවිට ඉන් ඩෙංගු රෝගීන් සියයක පමණ පිරිසක් සුවපත් කර ඇති බවත් සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසයි. ඩෙංගු රෝගය සඳහා ඖෂධයක් සොයමින් ඇය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ වෛද්‍ය සිසුවියක් හැටියට සිටි කාලයේ දීය. ගෙවත්තේ වැවෙන ඖෂධ ශාඛ වියලා කුඩුකර මෙම ඖෂධය සාදා ඇත. ඩෙංගු රෝගීන් බවට හඳුනා ගන්නා ඕනෑම ඩෙංගු රෝගියෙකුට තමන් නොමිල‍යේ ප්‍රතිකාර ලබා දෙන බව ඇය සඳහන් කරයි. 

මේ පිළිඹඳ අදහස් පළ කරමින් ඇය කියා සිටියේ ආයූර්වේදයේ මේ සඳහා ප්‍රතිකාර ක්‍රම තිබුණත් ඒ පිළිඹඳ කිසිවකුගේ අවධානය මෙතෙක් යොමු වී නොතිබුණ බවයි. “මම ඒ ගැන කාලයක් තිස්සේ පර්යේෂණ කළා. ඒ පරීක්ෂණ සියයට සියයක්ම සාර්ථකයි.” ඇය කියා සිටියා. මෙම ඖෂධය සොයා ගෙන වසර දෙකක් පමණ වන බවත් පේටන්ට් බලපත්‍රයක් සඳහා අයදුම් කර තිබෙන බවත් තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසයි.



එස්.සමරනායක (අම්බලන්ගොඩ)



Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=3975:2012-11-12-07-01-10&catid=42:2012-05-31-04-01-44&Itemid=90

Share this article with your friends