Chitika Smowtion 468x60


Monday, November 12, 2012

සුදර්මන් නැවතත් පොලීසිය හා එක්ව සතුටු සාමීචියේ

පසුගියදා බත්තරමුල්ල පැලවත්ත පාලම් තුන අසල තිබූ බුද්ධ මන්දිරය නාගරික සංවර්ධන අධිකාරියේ සහ කඩුවෙල නගරසභාවේ පූර්ණ අනුදැනුම මත පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඩෝසර් කර දමා තිබූණි.

පසුව එයට විරෝධය පා සංඝයා වහන්සේලා එක්ව විරෝධතාවයක් පැවැත්වූ අතර පසුව එම ඩෝසර් කිරීම සාධාරණීකරණය කරමින් ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති මඟින් පෙන්වූ ප්‍රවෘත්තියෙන් කියවුනේ ගෝඨාභය රාජපක්ෂ මහතායේ උපදෙස් මත මෙම ඩෝසර් කිරීම කර තිබූ බවයි.



එම අවස්ථාවේ වරෙන්තුවක් තිබෙන, ඉන්නා තැනක් සොයාගැනීමට නොදන්නා බව අධිකරණය හේතු දක්වා තිබෙන සුදර්මන් රදලියගොඩද පොලිස් නිළධාරීන් හා අල්ලාප සල්ලාපයේ යෙදී සිටිනා අයුරු ස්වාධීන රූපවාහිනිය විසින් රටටම පෙන්වීය.

පුද්ගලයා අනුව ලංකාවේ නීතිය වෙනස් වෙනස් අයුරින් ක්‍රියාත්මක වන බවට මෙය හොඳ උදාහරණයකි.

අධිකරණ වරෙන්තුවක් තිබියදී අරලියගහ මන්දරයට රිංගා ජනාධිපතිවරයා හා එක්ව සිටි සුදර්මන් රදලියගොඩ පොලීසිය හා එක්ව මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය නොවේ.

පහත වීඩියෝවේ විනාඩි 1:01 සිට 1:09 දක්වා සුදර්මන් පොලීසිය හා සමඟ සිටී.














Source: http://www.gossip9.com/2012/11/blog-post_12.html#ixzz2BzoYnfND

Share this article with your friends