චීන මහජන සමූහාණ්ඩුවේ ආධාර මත කොළඹ නොමෑන්ඩ්ස් පිටියේ ඉදි වූ “නෙළුම් පොකුණ – මහින්ද රාජපක්ෂ ජාතික ප්රසාංග කලා රඟහලේ”නිළ වෙබ් අඩවිය විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද උදෑසන සිදු කල බව රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය විසින් ඡායාරූප සහිත ව ම ප්‍රසිද්ධ කර තිබිණි.
මේ අනුව ජනපතිවරයා විසින් විවෘත කල වෙබ් අඩවිය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වී තිබිය යුතු නමුත්, අප විසින් www.lotuspond.lk යන ලිපිනය ඔස්සේ එම වෙබ් අඩවිය හා සම්බන්ධ වීමට උත්සාහ දැරීමේ දී එවන් වෙබ් අඩවියක් අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ වී නොමැති බව සඳහන් විය. (තාක්ෂණික වශයෙන් සඳහන් කලොත්, එම වෙබ් අඩවියට අදාල වසම් නාමය (domain name) පමණක් ලියපදිංචි වී ඇති නමුත්, වෙබ් සර්වරය තුල අදාල ගොනු සැකසීම (Web server configuration, DNS configuration, account creation or file processing) නියමාකාරයෙන් සිදු කර නොමැත.)
එසේනම්,
ජනපතිවරයා විසින් අද උදෑසන කාලයේ දී විවෘත කලේ කුමක් ද?

මෙරට ජනපතිවරයා ව පවා නොමග යවමින් තවමත් අන්තර්ජාලයට මුදා හැර නොමැති වෙබ් අඩවියක් ජනපතිවරයා ලවා ම (Offline web pages මගින්) විවෘත කර ඇති බව ද?
නො එසේ නම්,
නියමිත වේලාවට ප්‍රසිද්ධ කිරීම සඳහා, තවමත් සූදානම් නොමැති (වැඩ නිම නොකල) වෙබ් අඩවියක්, අවසන් මොහොතේ දී ජනපතිවරයා ලවා විවෘත කර ගනිමින්, ඒ වේලාවට පමණක් “ෂේප් වීම” සඳහා මෙරට (නොසැලකිලිමත් සහ මෝඩ) රාජ්‍ය නිලධාරීන්ට තිබූ උවමනාව ද?

එසේත් නැතිනම්,
දෝස්මුරයෙන් බේරෙන්නට ජනපතිවරයාට කොකා පෙන්වා විවෘත කරවා ගත් වෙබ් අඩවිය සම්පූර්ණ කිරීම සඳහා යළිත් නිශ්ක්‍රීය කිරීමකි. ජනපතිවරයා ව රැවටූ පමණෙකින් මෙරට ජනතාව ප්රමුඛ මාධ්‍ය ආයතන රැවටිය හැකි ද?

රජයේ සේවයට අරක් ගෙන සිටින ඇතැම් “වැඩ බැරි ටාසන් ලා” හෙවත් මෝඩ නිලධාරීන්ගේ මෙවන් රැවටීම් වලට එරට ජනපතිවරයා ද නතු වීම කෙතරම් විහිළු සහගත ද? එමෙන්ම ශෝචනීය ද?
1.
වෙබ් අඩවිය ජනපතිවරයා විසින් විවෘත කල අයුරු රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ වෙබ් අඩවියෙහි දක්වා තිබූ අන්දම..

2.
කෙසේවෙතත්, අද දිනය පුරාවට එම වෙබ් අඩවියට පිවිසීමට උත්සාහ දැරීමේ දී තිරයේ දිස් වන අයුරු..
(මෙම පුවත පල වන්නේ 2011 දෙසැ. 12 වෙනිදා ලංකාවේ වේලාවෙන් 20.57 වන පැයට ය..)
අපේ රටේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිලිමත්බව නිසා සිදු වන මෙවන් විහිළු සහගත සිදුවීම් වූ පලමු අවස්ථාව මෙය නොවේ..
එක් අවස්ථාවක දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුල මෙරට රාජ්‍ය ලාංඡනය පවා විකෘති කර තිබිණි. අධ්‍යාපන කොමසාරිස් වරයා විසින් සෑම වරක ම ප්‍රකාශ කරන්නේ අසවල් දින සිට අන්තර්ජලයෙන් ප්‍රථිපල ලබා ගත හැකි බව යි,. එහෙත් ප්‍රතිඵල දිස් වන්නේ ඊට දිනකට හෝ දෙකකට පසු ව යි. කාලගුණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය අවසන් වරට 2011 ඔක්. 21 වෙනිදා යාවත්කාලීන (update) වෙද්දී, එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විසින් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පවා ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නේ, “නියම තොරතුරු දැන ගන්න නම් අපේ වෙබ් එක බලන්න..” ය කියා ය.

කිසිදු වගකීමක් නැති, ප්‍රායෝගික බවක් අහලාවත් නැති,
ආයතනික සම්බන්ධීකරණයක් නොදත්,
තාක්ෂණය පිලිබඳ වැටහීමක් නැති,
මෝඩ නිලධාරීන් කිහිප දෙනෙකුගේ මෙවන් තකතීරු වැඩ වලින් හිනස්සන්නේ රට්ටු පමණක් නොව ලෝකයක් ම ය,.

යාවත්කාලීන 2:
(2011 දෙසැම්බර් 13 දින 13.40 වන පැය)
(2011 දෙසැම්බර් 13 දින 13.40 වන පැය)
(සේයාරුව බලන්න..)
- නම “නෙළුම් පොකුණ” ය. එහෙත්, එහි සිංහල සංස්කරණයක් හෝ අඩු තරමින් සිංහල අකුරක්වත් නැත.
- වෙබ් හෙඩිමක් නැත.
- පුවත් දිස් වීම අසම්පූර්ණ ය.

යාවත්කාලීන 3:
(2011 දෙසැම්බර් 13 දින 16.01 වන පැය)
(2011 දෙසැම්බර් 13 දින 16.01 වන පැය)
දෙවන වරට ද හදිසියේ දියත් කර තිබූ අදාල වෙබ් අඩවිය ඉවත් කොට ඒ වෙනුවට දෙසැ.15 වෙනිදා “නෙළුම් පොකුණ” විවෘත කිරීමට නියමිත බව දක්වමින් තිරය ඉක්මවා යන අයුරින් එක් ඡායාරූපයක් පල කොට ඇත. මේ අනුව රටේ ජනපතිවරයා ලවා විවෘත කරවා ගත් එක ම වෙබ් අඩවිය පැය 36ක් යන්නට මත්තෙන්, දෙවරක් නිෂ්ක්‍රීය කර තිබේ.
යාවත්කාලීන 4:
(2011 දෙසැම්බර් 13 දින 17.41 වන පැය)
දෙවන වර (යාවත්කාලීන-2) දියත් කල වෙබ් අඩවිය ම වෙනස්කම් කිහිපයක් සමග නැවතත් දියත් කර ඇත. එනයින් මෙම වෙබ් අඩවිය අරුම පුදුම ගණයේ එකකි. මක්නිසාද මෙම වෙබ් අඩවිය යළි යළිත් නිර්මාණය වන්නේ විවෘත කලාට පසුව නිසා ය. ජනපතිවරයෙක් විසින් විවෘත කලාට පසුව නිර්මාණය කල ලොව එකම වෙබ් අඩවිය ද මෙය විය හැකි ය.

දැවැන්ත ප්‍රචාරයක් සමගින් ජනපතිවරයා විසින් ඊයේ iPad එකකින් විවෘත කලේ කුමක් ද?
(මෙම අසම්පූර්ණ වෙබ් අඩවිය ද?)
(මෙම අසම්පූර්ණ වෙබ් අඩවිය ද?)
- සිංහලයා පුවත්
( බූටෑවේ රාළ වන මවිසින් අබුද්දස්ස කාලේ හතර කොණ හිංගලයින් වෙත ලියා දැන් වූ වගකි…)

News Updated : 14 Dec 2011
Source : sinhalaya.com