Chitika Smowtion 468x60


Wednesday, December 14, 2011

අධිවේගී මාර්ගයේ බස් රථ



මෑතකදී විවෘත වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහි බස්රථ ධාවනයට අවසර දීම කල් දමනු ලැබිය.එයට හේතු ලෙස පහත කරුණු ඉදිරිපත් වුනි. 
  • පැයට කි.මී. 60ත් 120ත් අතර වේග සීමාවක ධාවනය කිරීමට හොද මට්ටමේ බස් රථ නොතිබීම
  • අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය සඳහා සුදුසු පරිදි මං තීරුවල ඉඩ නොතිබීම (ඒ අනුව බස් රථයක් කාර්මික දෝශයකට ලක්වුවහොත් අධිවේගී මාර්ගයේ ඒ සඳහා නිෂ්චිත ඉඩක් නොමැති වීම)
  • අත්දැකීම් සහිත රියදුරන් නොමැතිවීම
    වැනි කරුණුයි.

    මෙම කරුණු ඉදිරිපත් කරන ලද්දේ ලංකා ගමනාගමන මණ්ඩලය විසිනි.ඒවා අනුමතකල ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා ප්‍රකාශකර සිටියේ ඉහත හේතු මත අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සඳහා තාවකාලිකව අවසර ලබා නොදෙන බවයි.

    නමුත් අධිවේගී මාර්ගයේ ගමන් කිරීම සඳහා මේ වනවිට සුඛෝපභෝගී බස් රථ කිහිපයක් ලංකාවට ගෙනවිත් තිබෙන අතර ඉන් එක බස් රථයක් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමට අයත් බව වාර්තා වෙනවා.

    කෙසේ නමුත් බස් රථවලට තාවකාලිකව තහනම් වූ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථවලට අමතරව මේ වන විට ලේලන්ඩ් බස් රථ පවා ධාවනය වන බව අප වෙත වාර්තා වනවා.

    එවන් අවස්ථාවක ජායාරුප බලන්න පහතින්

     



    Read more: http://www.gossip9.com/2011/12/blog-post_14.html#ixzz1gTgigGPN

    Share this article with your friends