Chitika Smowtion 468x60


Tuesday, December 27, 2011

ආලෙන් වෙලා ගන්න කෝලම් කළා


අතුල හා සමිතා විසින් ගයන ආලෙන් වෙලා ගන්න කෝලම් කළා ගීතය මෑතකදී ඉතා ජනප්‍රිය වුනා. නමුත් මෙම ගීතය පිළිබඳව පසුගියදා සරසවිය පුවත්පතට හා රිවිර පුවත්පතකට ඔවුන් විසින් පවසා තිබුනේ මඳක් පරස්පර අදහස්.

පසුගිය මාසයේ රිවිර පුවත්පතකට මේ පිළිබඳ අතුල විසින් පවසා තිබුනේ මෙලෙසින්.

කොහොමද මේ ගීතයට ආරාධනා ලැබුනේ?
අතුල:- මේ ගීතය ලිව්වෙත් සංගීතය කලෙත් මාධව කියලා අලුත් කෙනෙක්. මේ ගීතය කියන්න තියෙන්නේ සමිතා එක්ක කියලත් කල්තියා කිව්වා.

පහුගිය කාලේ අතුල-සමිතා ගැන පැතිරුනු කට කතා පිළිබඳ මේ ගීතයෙන් කියවෙන බව පවසුවොත්?



සමිතා:- ඇත්තටම එහෙම කට කතා පැතිරුනාද කියලවත් මම නම් දන්නේ නෑ. අපි දෙන්නා 1993 විතරත් සිංදු කිව්වා. ඒ කාලේ නැති කට කතාව දැන් හැදෙන්න විදිහක් නැහැනේ. ඕප දූප හොයන කාටත් වැඩක් තියෙන්න ඕනේනේ. කටකතා හදන අය මොනවා කිව්වත් අපි දරුවොත් එක්ක සතුටින් ඉන්නවා.

නමුත් මේ පිළිබඳව අතුල අධිකාරි පසුගියදා සරසවිය පුවත් පතට පවසා ඇත්තේ මෙවැන්නක්

අතුල:- මාධව මට කතා කළා මෙහෙම සිංදුවක් තියෙනවා කියන්න පුළුවන් ද කියලා. අනිත් ගායිකාව කවුරුන් ද යන වග කිව්වේ නැහැ. සිංදුව රිලීස් වුණාට පස්සෙයි දන්නේ මාත් සමඟ සිංදුව කියන්නේ සමිතා බව.

සිංදුව ප්‍රචාරය වන්න පටන් ගත්තට පස්සේ පැතිර ගියේ මමවත් ජීවිතේට හිතන්නේ නැති කට කතාවක්. මා බොහෝ සෙයින් අපහසුතාවයට පත් වුණා ඒක හින්දා.

සමිතා පවසන්නේ මෙවැන්නක්.

සමිතා:- මේ සිංදුව ටිකෙන් ටික ක්‍රමයෙන් ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය වුණා. එතකොටම මිනිස්සු කියන්න ගත්තා අතුල සමිතා වෙන් වෙලා යන්නයි මේ සිංදුව ගැයුවෙ කියලා. මට හිනා ඒ කතාවට.

අති විශාල ප්‍රමාණයක දුරකතන ඇමතුම් ගලා ආවා. ඒ අයත් ඇහුවේ මේ ගීතයෙන් පස්සේ අපි වෙන් වෙලාද කියලයි. මමත් ඒ අයට පැහැදිලි කරලා දුන්නා ගීයක් එක් මාධ්‍යයක් පමණයි කියලා. ගීතවලින් කියන අදහස් ඇත්තම නෙවෙයිනේ.

අනික අතුලටයි මටයි සිංදු කිය කිය වෙන් වෙන්න ඕනේ නැහැනේ. අපි හොඳීන් ඉන්නවා. ඒක තමයි සත්‍ය. ‘ආලෙන් වෙලා’ ගීතයෙහි තේරුම හරි අමුතුම වෙනමම එකක්.
වෙන්වීමට කට කතා හැදුනත් අතුල සමිතා එක්කල "ආලෙන් වෙලා ගන්න" ගීතය පහලින් අහන්න 

ආලෙන් වෙලා ගන්න කෝලම් කළා
සිත ආලෙන් මුදා ගන්න මායම් කළා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා
ඔබ සායම් මකාලන්න වෑයම් කළා

මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා
 
ඔබ කළා යෝජනාවලට චෝදනා
මම මෑතින් ඉඳන් වින්දා ඉන් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
 
පාලුයි වගේ නැද්ද තවමත් හිතේ
වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහෙ
අපේ ආදරේ භාවනාවක් වගේ

 


Source: http://www.gossip9.com/2011/12/blog-post_816.html#ixzz1hkWpL1bB

Share this article with your friends