Chitika Smowtion 468x60


Tuesday, December 27, 2011

නීතිවිරෝධී විදුලි පරිහරණයෙන් ජාතික විදුලිබල පද්ධතියට මිලියන 6000ක පාඩුවක්


Illegal Electricity usage
ලංකා විදුලිබල මණ්ඩලය තුළ ස්ථාපිත විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම වසරේ නොවැම්බර් අවසානය වන විට වංචනිකව විදුලිය පරිහරණය කරන සිද්ධීන් 8452ක් හෙළිකර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එහිදී ලංවිම අලාභය ලෙස රුපියල් මිලියන 236.62ක් සහ උසාවි දඩය ලෙස රුපියල් මිලියන 91ක් අයකර ගෙන ඇත.

නීතිවිරෝධී ලෙස විදුලිය පරිහරණය හේතුවෙන් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට 4%ක හානියක් සිදුවන අතර එහි මුල්‍යමය පාඩුව රුපියල් මිලියන 6000 ඉක්මවන බව ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.

ලංවිමට සිදුවන පාඩුව මෙන් දස ගුණයක බලපෑමක් ජාතික ආර්ථිකයට සිදුවන බව අමාත්‍යාංශය පවසයි. මේ අනුව ජාතික ආර්ථිකයේ පාඩුව වාර්ෂිකව රුපියල් මිලියන 60,000කට වැඩි අගයක් ගන්නා බව අමාත්‍යාංශය සඳහන් කරයි.

තවද මෙම වසරේ මේ දක්වා කාලය තුළ අයථා විදුලි පරිහරණය හේතුවෙන් 25 දෙනෙකු ජීවිතක්ෂයට ද පත්වී ඇත.

මේ තත්ත්වය හමුවේ ඉදිරියේදී සුරක්ෂිත විදුලි පරිහරණයේ වටිනාකම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ලංවිම විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එසේම ඉදිරියේදී වංචනික විදුලි පාරිභෝගිකයන් සම්බන්ධව පවතින නීතිරීති දැඩි කිරීමට කටයුතු කරන අතර ඒ සම්බන්ධව අවස්ථා දෙකකදී වරදකරු වුවහොත් එම පාරිභෝගිකයාගේ විදුලි හිමිකම අත්හිටුවීමට පියවර ගන්නා බව ද ලංවිම අවධාරණය කරයි.




Share this article with your friends