Chitika Smowtion 468x60


Tuesday, December 27, 2011

‘තමුසෙට තනතුරු ඕන්නං, ගොවීන්ට නෙමේ මට උදව් කරනවා’ - ජනාධිපති ජනක බණ්ඩාරට පවසයි


පසුගියදා දඹුල්ල ගොවීන්ගේ මූලිකත්වයෙන් ප්ලාස්ටික් කූඩ නීතියට එරෙහිව රට පුරා පැන නැඟුනු ගොවි විරෝධතාවය තනිකරම මාතලේ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර, ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඇති කරන ලද්දක් බව අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාට පවසා ඇති බව අප විසින් පසුගියදා වාර්තා කළෙමු.
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ මෙම පෙන්වාදීමෙන් මහත් සේ කෝපයට පත් වී ඇති ජනාධිපතිවරයා, පසුගිය දිනෙක ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයාට දුරකථනය මගින් ඉතා පහත් අන්දමින් පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවට අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කර සිටී.


‘‘තමුසෙලා අෙඟ් ඉඳන් කණ කන එවුන්. තමුසෙට යුතුකමක් තියෙනවා ගොවියො කැරලි ගහනකොට රජය වෙනුවෙන් ඒවා මර්ධනය කරන්න. ඒකයි රජයේ ඇමතිවරයෙක් වශයෙන් තමුසෙගෙ යුතුකම. නැතුව උන්ට උල්පන්දම් දීලා උන් එක්ක එකතු වෙලා කැරලි ගහන එක නෙමේ.’’ යනුවෙන් ජනක බණ්ඩාර ඇමතිවරයාට පවසා ඇති ජනාධිපතිවරයාට පෙරළා ඇමතිවරයා විසින් පවසා ඇත්තේ, ‘‘තරහ වෙන්න එපා සර්. මේ ප‍්‍රශ්නෙදි මම ඉන්නෙ ගොවීන්ගෙ පැත්තෙ. මට ජොනීගෙ පැත්ත ගන්න බෑ. මට තවදුරටත් දඹුල්ලෙ දේශපාලනය කරන්න ඕනෙ. මේක පැහැදිලිවම අසාධාරණ නීතියක්. මට ඡන්දෙ දෙන්නෙ මේ අසරණ ගොවීන් මිසක් වෙළඳ අමාත්‍යංශෙ අය නෙමෙයි.’’
ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයාගේ පිළිතුරෙන් මහත් සේ කෝපයට පත් වී ඇති ජනාධිපතිවරයා, ‘‘මට ආරංචියි තමුසෙ ජාතික සංවිධායකකම ඉල්ලනවා කියලා. ඒ වගේ තනතුරු ඕන්නං තමුසෙ කරන්න ඕනෙ මට සපෝර්ට් කරන එක මිසක් ගොවීන්ට සපෝර්ට් කරන එක නෙමේ. අනික කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමෙන් තමුසෙට පැනල යන්න බෑ. හරි හෝ වේවා... වැරදි හෝ වේවා... ඒ වෙනුවෙන් තමුසෙලා පෙනී සිටිය යුතුයි. එහෙම නොවේ නම් ඉස්සරහට එන රීෂෆල් එකේදි මට තමුසෙ ගැන තීරණයක් ගන්න වෙනවා.’’ යැයි පවසා ඇත.
‘‘කමක් නෑ සර්...සර් කැමැති ඕන තීරණයක් ගන්න. ඒත් මම ගොවීන් අතාරින්නේ නෑ. ඔබතුමාට පුළුවන් මගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරන්න. ඒත් මම මගේ තීරණය වෙනස් කරන්නේ නෑ’’ යනුවෙන් ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා දී ඇති ස්ථීර පිළිතුරට ජනාධිපතිවරයාගේ ප‍්‍රතිචාරය වී ඇත්තේ, පරුෂ වචන වැලක් සමග දුරකථනය විශාල ශබ්දයක් නැගෙන සේ විසන්ධි කිරීමයි.


Source : lankanewsweb.com

Share this article with your friends