පාරම්පරික වෛද්‍යවරුන් උදෙසා දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයක් ඉදිකරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි.
මිහින්තලේ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙම විශ්වවිද්‍යාලය ගොඩනැගීමට පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේ පිහිටා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන කාර්යාලය සමග සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා සහය ලබාදීමට එම සංවිධානය කැමැත්ත පළ කර තිබේ.
මේ සඳහා ඉදිකෙරෙන ගොඩනැගිලි පවා මෙරට උරුමය තහවුරු කෙරෙන අනුරාධපුර, මිහින්තලා යුගවල ගෘහ නිර්මාණයන්ට ගැළපෙන ලෙස ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.
මෙම විශ්වවිද්‍යාලය ස්වදේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය නමින් නම් කිරීමට බලාපොරොත්තු වන බව සාලින්ද දිසානායක මහතා පසුගියදා ගම්පහදී පැවති හෙළ වෙද රුවනාර වැඩසටහනකදී සඳහන් කළේය.
මෙම වැඩසටහනේදී දේශීය වෛද්‍යවරුන්ට පවතින ප්‍රශ්න හා ගැටළු සාකච්ඡා කිරීම, ආචාර ධර්ම, නෛතික තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ලියාපදිංචිය අපේක්ෂිත වෛද්‍යවරුන්ට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ද සිදුකෙරිණි.
මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පාරම්පරික, සිද්ධ, යූනානි ආදී සියලු දේශීය වෛද්‍යවරු සහභාගි වූහ.