Chitika Smowtion 468x60


Tuesday, December 27, 2011

ශලනි තාරකාගේ නවකතා දෙක ..


සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්මෝස්තර නිරූපිකාවක් හා නර්ත නශිල්පිනියක් බවට පත්ව සිටින ශලනි තාරකා විජේබණ්ඩාර ක්ෂේත‍්‍රයට පැමිණි මුල් කාලයේදී නවකතාදෙකක් ලියන බව පැවසුවායශලනිගේ මේ නවකතා දෙකේකතාවට පත්තර පිටු අතර ද ප‍්‍රසිද්ධියක් ලැබුණි.මේ නවකතාවලින් එකක් ශලනිගේ හිතේ ඇඳි එකක් වන අතර අනෙකඇගේ යෙහෙළියකගේ ආදර අන්දරයක් බවද ඇය මාධ්‍යට පවසාතිබිණි.


මේ නිසාම ශලනිගේ නවකතාවක් ටෙලි නාට්‍යක් කිරීමට ද එක් නිෂ්පාදකවරයෙක් මනාප වූ බව පැවසේ.කෙසේවුවද ඇය නිෂ්පාදකවරයාට නොයෙක්තාලයේ කතා කියා එය මග හැරි බවද වාර්තා වේ.මේ වන විට ක්ෂේත‍්‍රය තුළ කවදාවත්නොදකින දේවල් සම්බන්ධයෙන් වන මාතෘකා අහවර වන්නේ ‘ශලනිගේ කෙබර කතාවවගේ’ යැයි ද පැවසේ.මේ අතර දැන් ඇතැමුන් ඇගෙන් අදාළ නවකතා සම්බන්ධයෙන් විමසූවිට පවසන්නේ කාර්ය බහුලත්වය නිසා ඒවා අවසන් කිරීමට නොහැකි වූ බවයි.



ශලනි මේ නව කතාව 2007 සිටම ලියන බවද පැවසේ.ඇය සිරස කුමරිය ලෙස අභිෂේකලැබුවේ 2007 වසරේදී වන අතර එවකට ඇගේ වයස අවුරුදු 17 කි.ශලනිගේ පියාව්‍යාපාරිකයෙකු වන අතර, ඇගේ මව රූපලාවන්‍ය ශිල්පිනියකි.බලංගොඩ ශාන්ත ඇග්නස්කන්‍යාරමයෙන් මූලික අධ්‍යාපනය ලද ඇය පසුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයෙන් උසස්අධ්‍යාපනය ලබාගත්තාය.ශලනි මුලින්ම රංගනයට පිවිසියේ ‘පතිනි’ ටෙලි නාට්‍යයේ උපප‍්‍රධාන චරිතයක් සඳහා පණ පොවමිනි.

ඇය මුලින්ම ටෙලිනාට්‍ය ප‍්‍රධාන චරිතයකට දැකවූයේ ශර්ලි පීදෙලංකාවලගේ පූජාසනයටෙලි නාට්‍ය සඳහාය.පසුව ඇයඉසුරු බවන, හන්සිසමනලී, අපි අපි වගේ, ගඟ අද්දර හාසඳ සඳ වගේ ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් වූවාය.ශලනිහීරෝ හොන්ඩාරයිනෝ හාජැනට් වැනි වෙළෙඳ දැන්වීම් සඳහා ද නිරූපිකාවක් ලෙස ද එක්ව තිබේ.මේ දිනවලපේ‍්‍රක්ෂකයන් අතර ඇය ජනපි‍්‍රයත්වයට පත්ව ඇත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශයවනිසිහින පියාපත් හි ‘මිහිරංගි’ගේ චරිතයත් සමගය.


ශලනි තාරකාගේ ඡායාරූප එකතුවක් මෙතනින්

Share this article with your friends