ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පෙළේ ප්‍රාදේශීය දේශපාලඥයෙකු තංගල්ල වෙරළ සංචාරක හෝටලයකදී බි්රතාන්ය ජාතික සංචාරයකු ඝාතනය කළේ යැයි කියන සිද්ධිය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය කඩා වැටීමේ දැඩි අනතුරුදායක තත්ත්වයක් උදා වී තිබෙනවා. එම නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් ඔස්සේ විධිමත් සාධාරණ සහ අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් කර සංචාරක ව්‍යාපාරය රැක ගැනීමට ආණ්ඩුව වහාම ක්‍රියා කළ යුතු බව ඊයේ (28) කොළඹ විපක්ෂ නායක නිලනිවසේ පැවති මාධ්‍ය සාකච්ජාවක් අමතමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේ කියා සිටියේය.
උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන ප්රශ්නය සම්බන්ධයෙන් වහාම විධිමත් අපක්ෂපාතී සහ පුළුල් පරීක්ෂණයක් කර වැරැදි නිවැරදි කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු අතර, මේ ප්රශ්නය සම්බන්ධයෙන් රටට ජනතාවට සෘජුව පිළිතුරු දිය යුතුයි. රටේ අනාගත පරපුර වන අපේ දූදරුවන්ගේ අධ්‍යාපනය සමගත්, රටේ අධ්‍යාපන ක්‍රමය සමගත්, විභාග සමගත් සෙල්ලම් කිරීම වහාම ආණ්ඩුව නතර කළ යුතු බව අප තරයේ කියා සිටිනවා. විභාගයක ප්‍රතිඵලයක්වත් නිවැරදිව සහ ක්‍රමානුකූලව නිකුත් කිරීමට නොහැකි මේ ආණ්ඩුව රට ගොඩනගා ජනතාව රැක ගන්නේ කෙසේ ද?
උසස් පෙළ විභාග ප්‍රතිඵලයත්, පරිගණක කුමන්ත්‍රණයක් ද (කොම්පියුටර් ජිල්මාර්ට්) යනුවෙන් ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පක රණවක කළ ප්‍රශ්න කිරීමෙන් හෙළි වන්නේ ආණ්ඩුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළේ කොම්පියුටර් ජිල්මාර්ට් යොදා බව ඒ අයම පිළිගන්නා බවයි.
සියලූ ප්‍රශ්න සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ඇඟිල්ල දිගු කර රට ජනතාව නොමග යවන මේ ආණ්ඩුව උසස් පෙළ විභාග ප්‍රතිඵලයේ උද්ගත වී ඇති අර්බුදයට හේතුව ද බටහිර කුමන්ත්‍රණ සහ ඉන්දීය ඇඟිලි ගැසීම් යැයි ඉදිරියේ දී කියාවි.
Source : readsrilanka.com