Chitika Smowtion 468x60


Thursday, December 29, 2011

ලක් හඬ ගුවන් විදුලිය CSN ආයතනයට පවරයිද ?


අයිටීඑන් ආයතනය යටතේ පවත්වාගෙන යනු ලබන 'ලක් හඩ' ගුවන් විදුලිය ජනාධිපති පුත්‍රයින්ගේ කාල්ටන් ස්පෝට් නෙට්වර්ක් ආයතනයට පැවරීම සඳහා මේ දිනවල මූලික පිඹුරුපත් සකසමින් තිබේ.
එහි මුල් පියවරක් ලෙස ලබන වසර මුලදී ලක්හඩ ගුවන් විදුලිය වාණිජ ගුවන් විදුලියක් ලෙස පවත්වාගෙන යෑම සඳහා අයිටීඑන් ආයතනයෙන් වෙන් කිරීමට නියමිතය. ලක්හඩ දිගින් දිගට පාඩු ලබන බව හගවමින් මෙම ව්‍යාපෘතිය කි්‍රයාත්මක කිරීමට තීරණය වී ඇත.

එසේ වාණිජ ආයතනයක් බවට පත් කිරීමට නියමිත ලක්හඩ ගුවන් විදුලියේ ප්‍රධානියා ලෙස පත් කිරීමට යෝජනා වී ඇත්තේ චන්ද්‍රපාල ලියනගේ මහතාය. ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළ චන්ද්‍රපාල ලියනගේ මහතා එම ඒකකයේ ඇති වූ අභ්‍යන්තර අර්බුදයක් හේතුවෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පත් කර යවනු ලැබීය. ඔහුගේ රාජකාරී කාලසීමාව ඉවත් වී තව දෙසතියකින් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
එසේ වාණිජ ආයතනයක් බවට පත් කිරීමට නියමිත ලක් හඩ ගුවන් විදුලිය මාස කීපයක් ඇතුලතදී යෝශිත රාජපක්ෂ මහතාගේ කාල්ටන් ස්පෝට් නෙට්වර්ක් ආයතනයට පැවරීමට කටයුතු යොදා තිබේ.
ප්‍රවීණ මාධ්‍යවේදී නිවුටන් ගුණරත්න මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිටියදී ආරම්භ කරනු ලැබූ ලක්හඩ ගුවන් විදුලිය, ඔහු අයිටීඑන් සභාපති ධුරයට පත් කිරීමෙන් පසු එම ආයතනයට පවරා ගනු ලැබීය.
එහෙත් ලක්හඩ ගුවන් විදුලිය මේ දක්වා පාර්ලිමේන්තු පනතක් යටතේ ස්ථාපිත කර නොමැතිවීම මෙසේ පෞද්ගලික ආයතනයකට පැවරීමට විශාල පිටුවහලක් වී තිබේ.


Source : lankanewsweb.com

Share this article with your friends