Chitika Smowtion 468x60


Wednesday, January 11, 2012

කිලෝමීටර් 60 යන්න තැපෑලට දින 17ක් ගත වෙලා


බදුල්‍ලේ සිට බිබිලට ලිපියක් ලැබිමට දින 17ක් ගතවීම හේතුවෙන් බිබිල මුදියල ආදර්ශ විද්‍යාලයේ පාස‍ලේ දරුවන් තිදෙනකුට අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වනු ලැබූ සමස්ත ලංකා සමාජ අධ්‍යයන තරගය සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ බව වාර්තා වෙනවා.

බදුල්‍ලේ සිට බිබිලට ඇති දුර ප්‍රමාණය සාමාන්‍යයෙන් කිලෝමීටර් 60කට අඩු වන අතර එම ලිපිය පාසලට යොමු කර තිබෙන්නේ පසුගිය දෙසැම්බර් මස 20 වෙනිදා. නමුත් ලිපිය ජනවාරි 6 වනදා පාසලට ලැබෙන විට එම තරඟට පවත්වා දින 3ක් ද ඉක්ම ගොස් තිබෙනවා.

මුදියල කොටගම යල්කුඹුර මල්ලාහැව ආදී ප්‍රදේශවලට ලංගම බස් රථයක් පැමිණෙන්නේ දින 10කට පමණ වරක් බවත් එම ප්‍රදේශයට අදාළ ලිපි ලැබෙන්නේ එම බස් රථයෙන් පමණක් බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරනවා.

තාක්ෂණය ගමට ගෙනියන බවටත්, ලංකාව ආසියාවේ ආශ්චෛර්යය බවටත් පත්කරන බව පවසමින් වේදිකා වල පම්පෝරි ගසන යුගයක ලිපියක් වත් නොලැබෙන මෙවන් පලාත් තිබෙන බව බොහෝ දෙනෙක් දන්නේ නෑ.

මීට පෙර තැපැල් නියෝජ්‍ය අමාත්‍යවරයාට එවූ විදුලි පණිවුඩයක්ද ඔහුට ලැබීමට දින 3ක් ගතවූ පුවතක් 2010 වසරේ වාර්තා වුණා.

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් 2010 සැප්තැම්බර් 21 වැනි දින පාර්ලිමේන්තු කාර්යාලයේ තැපැල් කාර්යාලයෙන් යොමුකළ විදුලි පණිවුඩයක් ඞී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයට ලැබුනේ සැප්තැම්බර් මස 23 දින සවසයි.

විදුලි පණිවුඩය ලැබීමට දින 3ක් ගතවූ තිබුනු නිසා ඒ අනුව අදාල දිනට එම රැස්වීමට සහභාගී වීමට තැපැල් නියෝජ්‍ය ඇමතිවරයාටද නොහැකි වුනා








Source: http://www.gossip9.com/2012/01/60-17.html#ixzz1j9d7Z38i

Share this article with your friends