Chitika Smowtion 468x60


Wednesday, January 11, 2012

හිත් පිත් නැති සමුද්‍ර දේවි


සමුද්‍ර දෙවි දුම්රිය ඊයේ දිනයේ පානදුර නැවත්වීමට සැලසුම්කොට තිබුනත් එසේ ක්‍රියා නොකිරීම නිසා ඊයේ දිනයේ විශාල මගී පිරිසක් අපහසුතාවයට පත්ව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම සිදුවීම අප වෙත දන්වා එවූ ගොසිප්9 පාඨකයෙකුගේ ලිපියකි.

ඊයේ දිනයේ (10) කොල්ලුපිටිය දුම්රිය ස්ථානයෙන් නිවේදනය කලේ සමුද්‍ර දේවී දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේද නවත්වන බවයි.

සාමාන්‍යයෙන් සමුද්‍ර දේවී දුම්රිය නවත්වන්නේ බම්බලපිටිය දුම්රිය ස්ථානයෙන් පසුව රත්මලානේ සහ දකුනු කළුතර පමණි (කළුතරින් පසුව ධාවනය නොවේ). 

මෙදින පානදුර දුම්රිය ස්ථානයේදී නැවත් වීමට තිරනය කර තිබුනෙ ඊට කලින් පැමිනෙන වාද්දුව බලා ධාවනය වෙන දුම්රිය අවලංගු කර තිබූ නිසාය. මේ හේතුවෙන් මගීන් විශාල ප්‍රමාණයක් අපහසුතාවට පත්ව තිබුනා.


සමුද්‍ර දේවී දුම්රිය පැමිනි පසු සියලුම මගීන් එයට නැග ගත්තේ "අද පානදුර නවත්තන නිසා හොඳයි නැත්නම් යන්න වෙන්නේ නෑ" කියමිනි.

දුම්රිය සුපුරුදු පරිදී වේගයෙන් ධාවනය විය. නමුත් එම වේගයෙන්ම පානදුර දුම්රිය ස්ථානයද පසුකරගෙන ගියේ කිසිම අනුකම්පාවකින් තොරවයි. දුම්රියේ හදිසි දම්වැල ඇද්දත් කිසිඳු පලක් වුනේ නැත.


"අනේ වාද්දුවේ හරි නවත්තයි" කියා සමහරු සැනසුම් සුසුම් හෙලුවත් එයද පලක් වුනේ නැත.. අවසානයේදී දකුනු කළුතර දුම්රිය නතර කල පසු පානදුරෙන් බැස ගැනීමට සිටි 300 ක් පමණ මගීන් දුම්රිය ස්ථානයේ රැදී සිටියේ ඉතාම අසරණවයි.


ඒ වනවිට වේලාව සවස 6.20 පසුවී තිබුණි.දකුණු කළුතර දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ රියදුරු තර්ක කලේ වරද කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ නිවේදනය කල පුද්ගලයාගේ බවයි. 

නමුත් මගීන් ප්‍රශ්න කලේ හදිසි දම්වැල ඇද්දත් දුම්රිය නැවැත්තුවෙ නැත්තේ ඇයි යන්නයි.


"එහෙම නවත්තන්න බෑ" යනුවෙන්  රියදුරු පවසනවාත් සමගම මගීන්ගේ ප්‍රහාරයට ගොදුරු වීමට දුම්රිය රියදුරුට සිදු වුනා. 

මේ අවස්ථාවේදී මගීන්ගෙ දැඩි ක්‍රියා කලාපය හමුවේ නැවත 7.05 පමණ කළුතර සිට පානදුර බලා ධාවනයට දුම්රියක් එක් කිරීමට කළුතර දුම්රිය ස්ථාන නිලධාරීන්ට සිදු වුනා.








Source: http://www.gossip9.com/2012/01/blog-post_3141.html#ixzz1j9r98ksd

Share this article with your friends