Chitika Smowtion 468x60


Wednesday, January 11, 2012

නිරූපමා රාජපක්‍ෂගේ සැමියා වන තිරුකුමාරන් නඩේෂන්ට ප්‍රහාරයක්


ජනාධිපතිවරයාගේ ඥාතියෙකු වන ජල සම්පාදන නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්‍ෂ මහත්මියගේ සැමියාවන කෝටිපති ව්‍යාපාරික තිරුනඬේෂන් මහතාට ඉන්දියාවේදී ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනව බව ඉන්දීය පුවත් සේවා අද වාර්තා කළා.

තිරුනඬේෂන් මහතා වෙනුවෙන් අද පාන්දර ඉන්දියාවේ රාම්ලත් දිස්ත‍්‍රික්කයේ රාමේෂ්වරන් හින්දු කෝවිලේ පූජකතුමාගේ නිවසේ පූජාව පවත්වන බව ආරංචිවූ දකුණු ඉන්දීය දේශපාලනඥ වයිකෝගේ පක්ෂයේ පිරිසක් පැමිණ එම නිවස වටලා ඇති අතර එලියට පැමිණි නඩේසන් මහතාටත් එම පිරිස පහර දුන් බවයි වාර්තා වුනේ.

පසුව පොලීසිය පැමිණ ඔහු බේරා පිටත් කර හැරි අතර ඔහු වෙනුවෙන් යාගය පැවැත්වූ පූජක තුමාටද පහර දෙනු ඇතැයි බියෙන් ඔහුට ආරක්ෂාව දී තිබෙනවා.

තිරුනඬේෂන් මහතාගේ නැගනිය කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් වන රේණුකා ශන්මුගනාදන් වන අතර එම නැගනියගේ සැමියා ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරනවා.

මේ අතර අද දිවයිනට පැමිණි තිරු නඬේසන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රභාකරන්ගේ රුව සහිත ටී ෂර්ට් ඇඳ සිටි 40ක් පමණ තරුණයන් තමිල්නාඩුවේ රාමේෂ්වරම් කෝවිලේදී ඔහු වට කැරගෙන වහාම එතැනින් පිට වී යන ලෙස දැන්වූ බවත් ආපසු පැමිණෙමින් සිටියදී නාම් තමිලර් සංවිධානයේ පිරිසක් තමන් ඇතුළු පිරිසට මාර්ගය හරස් කර කළු කොඩි ඔසවා විරෝධය පළ කරමින් තමිල්නාඩුවෙන් ඉවත්ව යන ලෙස තමන්ට බැන වැදුණු බව මිස ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ අන්දමින් තමන්ට පහර දීමක් සිදු නොකළ බවයි.

එම පහරදීම පිළිබඳ ඉන්දීය පුවත් සේවා ගෙනා වීඩියෝව පහලින්.





Source: http://www.gossip9.com/2012/01/blog-post_966.html#ixzz1j9jYDPQK

Share this article with your friends