Chitika Smowtion 468x60


Monday, January 30, 2012

රාජ්‍ය සේවකයන් පන්සල් යැවීමට විරෝධය


සබරගමුව පළාත් සභාවේ සේවකයන්ට වැටුප් වර්ධක ලබාදීමේදී පෝය දිනයට පන්සල් යාම සලකා බැලීම පිළිබඳව සිය විරෝධය පළ කරන බව රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති යූ. පළිහවඩන මහතා සඳහන් කළේ එයින් සේවකයන්ට බලවත් අසාධාරණයක් සිදුවනවා මෙන්ම වෙනත් ආගම්වලට සේවකයන්ට ඉන් වන බලපෑම බරපතළ බවත්ය. ආගම යනු බලෙන් එබ්බවිය හැකි කාරණයක් නොවන බව බලධාරින් තේරුම් ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත් සබරගමුව පළාත් සභාවේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම් සඳහා පෝය දිනට පන්සල් යාම අදාළ වන්නේ කෙසේදැයි සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් විමසීමක් කළේය. එහිදී ඔහු මෙසේ අදහස් දැක්වීය. zසම්බුද්ධත්වය ජයන්තියට සමගාමීව තේමාවන් 7ක් යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. ඒවා අතරින් එක් වැඩසටහනක් තමයි පෝය දිනයට රාජ්‍ය නිලධාරීන් පන්සල් යාමට උනන්දු කිරීම. වැටුප් වැඩි කිරීම්වලදී සලකා බලන කාර්ය සාධන වාර්තාව තුළ දී සම්බුද්ධත්වය ජයන්තියට දක්වන දායකත්වයන් සලකා බලනවා. ඒ අනුව පන්සල් නොයෑම නිසා දායකත්වය නොලැබීමෙන් වැටුප් වර්ධක අහිමි වෙන්න පුළුවන්. එහෙත් එහෙම නීතියක් නෑ. ඒ වගේම තමයි පෝය දවසට වැඩ කරන කිසිම කෙනකුට අතිකාල ගෙවීමක් කරන්නේ නෑ. පෝයට වැඩ කරනවානම් පිනට තමයි වැඩ කරන්න වෙන්නේ.
- රාවය

Share this article with your friends