Chitika Smowtion 468x60


Monday, January 30, 2012

හමුදා සෙබලෙකු හිටපු LTTE සෙබළියක විවාහ කරගනී


ශ්‍රි ලංකා යුධ හමුදාවේ සෙබලෙකු විසින් පසුගියදා LTTE සංවිධානයේ හිටපු සෙබළියක විවාහ කරගත්තා.

ඔහු ගජබා රෙජිමේන්තුවේ සේවය කරන ඊ.එම්.ඩී.සඳරුවන් ය. මනාලිය 18 හැවිරිදි චන්ද්‍රසේකරන් ශාමිලා ය. ඇය ළමා සොල්දාදුවෙක් ලෙස LTTE සංවිධානයට බැඳී යුද්ධයට දායක වූ අතර පසුව පුනරුත්ථාපන කඳවුරකදී පුනරුත්ථාපනය ලැබුවා.

පසුගිය සිකුරාදා කිලිනොච්චියේදී එම විවාහය සිදුවූ අතර ශාමිලාගේ පියා විසින් සඳරුවන්ගේ ගම වන ගල්ගමුවට කිහිපවතාවක් ගොස් ලබා ඇති අත්දැකීම් කිලිනොච්චි විද්‍යාලයේදී පැවති උත්සවයකදීද ප්‍රකාශ කර තිබෙනවා.

ජාතීන් අතර එකමුතු කම වර්ධනය කිරීම සඳහා වැඩසටහන් මාලාවක එක් අංගයක් ලෙසයි මෙම විවාහ උත්සවය පැවැත්වුනේ.



මෙහිදී මනාලිය සාමාන්‍ය දමිළ මනාලියකගේ විලාසිතාවෙන් හැඩ වී සිටි අතර මනාලයා යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසි සිටිනු දකින්නට ලැබුනා.

මෙය, දශක තුනක් පුරා පැවති යුද්ධයෙන් පසු සිදුවූ විශේෂ සිදුවීමක් වන අතර සඳරුවන් හා ශාමිලා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සිටින ජායාරූපයක් පහතින්.








Source: http://www.gossip9.com/2012/01/ltte.html#ixzz1kwYvkVhU

Share this article with your friends