Chitika Smowtion 468x60


Monday, January 30, 2012

මර්වින්, ප‍්‍රසන්න, කුඩු ලාල්, නිමල් හා පොලිසිය කළ ඉඩම් මගඩියක තොරතුරු හෙළි වෙයි


මීට වසර 4 කට පෙර වෙන්දේසි කරන ලද කැලණිය පොලිසිය ආසන්නයේ පිහිටා තිබූ පර්චස් 160 කට අසාන්න භූමි භාගයේ නියම හිමිකරුවන් පැමිණීමත් සමඟ මහාපරිමාන ඉඩම් වංචාවක සුල මුල හෙළි වෙමින් තිබෙන බව වාර්තා වේ.
මෙම ඉඩමේ හිමිකරුවන් ලංකාවට ගෙන්වා ඇත්තේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීමෙන් ආරක්‍ෂක අමාත්‍යංයේ වියදමින් බවද එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේවන විට ඔවුන්ට ආරක්‍ෂාව සැපයීමට ආරක්‍ෂක ලේකම්වරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් යොදවා ඇතැයි ද පැවසේ.
අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගැනීම ඉලක්ක කරගනිමින් අදාල මෙහෙයුම දියත් කර ඇතැයි ද වාර්තා වේ.

එම ඉඩමට හොර ඔප්පු සාදා විකුණා ඇත්තේ මර්වින් සිලවාගේ උපදෙස් මත ලාල් පීරිස් හෙවත් කුඩු ලාල්, කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර, එම ඉඩම වෙන්දේසි කළ බව කියන ද ෆිනෑන්ස් ආයතනයේ කලමණාකරුවෙකු වන සුනිල් පේ‍්‍රමරත්න හා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන දයානන්ද නැමැති පිරිස එක්වී බව වාර්තා වේ.
මෙම ඉඩමින් කොටි 10 කට වැඩි මුදලක් ඉපයූ බවද පැවසේ.
වත්මන් කැළණිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ධනතෙකු වූයේ මෙම ගනුදෙණුවෙන් බවද වාර්තා වේ.
යතුරු පාදියකින් කැලණිය ප‍්‍රාදේශීය සභාවට පැමිණි ප‍්‍රසන්න සුඛෝපභෝගී කැබ් රථයක් පරිහරණය කිරීම දක්වා දියුණු වූයේද හුණුපිටියේ රුපියල් ලක්‍ෂ 110 කට අධික වටිනාකමකින් යුත් නිවසක් ගොඩ නැගුවේද අදාල මුදල්වලින් බව වාර්තා වේ.
අදාල ඉඩමේ නියම හිමිකරු වන්නේ එරික් පෙරේරා නොහොත් එරික් හාමු නැමැත්තෙකි.
සහෝදර සහෝදරින් සිවුදෙනෙකුගෙන් යුත් එරික් පෙරේරා මහතාට දරුවන් නොසිටි බවත්, ඔහු මිය යාමෙන් පසුව ඔහුගේ සහෝදර සහෝදරියන් අදාල ඉඩම් සඳහා හිමිකම් කීමට නොපැමිණීමත් යන කාරනා මත මෙම ඉඩම පාළුවට ගොස් තිබියදී අදාල පිරිස ඊට හොර ඔපුප්පුවක් සකස් කර ද ෆිනෑන්ස් සමාගම සමග එක්වී විකුණා දමා තිබේ.
මෙම ඉඩමේ පදිංචිව සිටි පිරිස පලවාහැර ඇත්තේ කුඩු ලාල් විසින් බවත්, ඊට සහය දීමට දැනට ප‍්‍රසන්න රණවීර සමඟ සිටින මැරයන් යොදවාගත් බවත්, එසේම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන දයානන්ද මහතාගේ මෙහෙයවීමෙන් කැලණිය පොලිස් ස්ථානාධිපතිව සිටි අර්ජුන මාහිංකන්ද මහතාගේ සහය ඊට නොමද ලැබුණු බවද පැවසේ.
මෙම ඉඩමේ කොටසක් අල්ලාගෙන සිටි දැනට කැලණිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල ද ඉන් පලවා හැරීමට අදාල පිරිස එකල සූක්‍ෂම වූ බව වාර්තා වේ.
මේ වන විට අදාල ඉඩමේ ඉතා වටිනා නිවාස ඉදිරිකර ඇති බවත් යම් හෙයකින් නියම අයිතිකරුවන් මේ සඳහා නීතිමය පිළිසරණ පැතුවහොත් ඔවුන්ට ඉන් ඉවත්වීමට සිදුවනු ඇතැයි ද මේ අතර, වාර්තා වේ.

Source - lankanewsweb.com

Share this article with your friends