මිනුවන්ගොඩ සිට කොළඹ පිහිටි ප්‍රධාන කාන්තා විදුහල්වලට ශිෂ්‍යාවන් රැගෙන ගිය අතක් අහිමි පාසල් වෑන් රථ රියෑදුරෙකු පසුගියදා අත්අඩංගුවට ගත් බව වාර්තා වුණා.
නමින් බර්නාඩ් වන ඔහු 62 හැවිරිදි රියදුරෙක්. අතක් අහිමි වුවද වසර 20ක කාලයක් තිස්සේ තනි අතින් සුක්කානම හසුරුවා ඇති අතර මේ වනතුරු කිසිම රථවාහන නීතියක් උල්ලංගනය කර පොලිසියෙන් වරදකරු වී නැති බවයි ඔහු පවසන්නේ.
සවුදි අරාබියේ සේවය කරන කාලයේ යන්ත්‍රයකට හසුවී තමාගේ අත කපාදැමීමට සිදුවූ අතර බර්නාඩ්ගේ එකම පුතාගේද මීට වසර 3කට පමණ පෙර කකුල කපා දමා තිබෙනවා.
අත පය හොඳට ඇති රියදුරෙක් විසින් හප්පපු නිසා එය සිදුවූ බවයි බර්නාඩ් පවසන්නේ. එබැවින් පවුලට තිබූ එකම ආදායම් මාර්ගයද අහිමිවී ගොස් තිබෙනවා.
කෙසේ වුවද මේවනවිට අධිකරණය විසින් ඔහුගේ රියෑදුරු බලපත්‍රය අත්හිටුවා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහු නිදහස් කර තිබෙනවා.
මේ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසන්නේ එක අතක් පමණක් තිබෙන අයෙකුට වාහනයක් පැදවිය හැකි වුවත් පදවන වාහනය ඔහුගේම නමින් තිබිය යුතු අතර එම වාහනය ආබාධය සඳහාම නිර්මානය කරන ලද්දක් විය යුතු බවයි.
නමුත් ආබාධිත රියදුරු බලපත්‍රයක් ඇති අයෙකුට මඟී ප්‍රවාහනය කළ නොහැකි බවත් ඔහු පවසනවා.
මේ පිළිබඳව ස්වර්ණවාහිනී වීඩියෝව පහතින්
Source: http://www.gossip9.com/2012/01/blog-post_5027.html#ixzz1kwcAEWl4